ගෝල්ෆේස් අරගලයේ ප්‍රධාන නායකයකු බව කියවෙන සමාජ ක්‍රියාකරුවකු වන රතීදු සුරම්‍ය සේනාරත්න සහ තවත් කිහිප දෙනකු හට කොම්පඤ්ඤවීදිය පොලිසියෙන් කැදවීමක් ලැබී තිබේ.
ඒ අද සවස්වරුවේ පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසය.
පසුගිය දිනෙක කොටුව මහේස්ත්‍රාත් උසාවිය අසල සිදුකළ උද්ඝෝෂණයක් හේතුවෙන් මෙම කැදවීම සිදු කොට ඇති බව පැවසේ.










