අටළුගම දැරියගේ මරණය සම්බන්යෙන් 29 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
දැරියගේ මරණය සම්බන්යෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද විමර්ශන ආරම්භ කළ අතර , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විමර්ශන කටයුතු සඳහා ප්‍රදේශයට යොමුකර තිබිණ.










