• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

“රන්වලගෙ උපාධිය උපාධි සහතිකය නෑ…” ඇමැති බිමල් කියයි!Sri Lanka Latest News

January 24, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
“රන්වලගෙ උපාධිය උපාධි සහතිකය නෑ…” ඇමැති බිමල් කියයි!Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු කතානායක අශෝක රන්වල මහතාට ආචාර්ය උපාධි සහතිකය ඉදිරිපත් කිරීමට අවශ්‍ය තරම් කාලය ගතවී ඇති බැවින් දැන් ඔහුට සහතිකයක් නැතැයි තමා සිතන බව අමාත්‍ය බිමල් රත්නායක පැවැසීය. දෙරණ රූපවාහිනී නාලිකාවේ පසුගිය 20 වැනිදා පැවැති දේශපාලන වැඩසටහනකදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අශෝක රන්වල තම ආචාර්ය උපාධි සහතිකය ඉදිරිපත් කරන බවට ලබාදුන් පොරොන්දුවට වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් මෙතෙක් එය ඉටුකර නොමැති බවත්, ඒ හේතුවෙන් පක්ෂයක් ලෙස ඔහුට දියහැකි උපරිම දේශපාලන දඬුවම ලබාදී ඇති බවයි. එම දේශපාලන සංවාදයේදී මාධ්‍යවේදියා විමසූ ප්‍රශ්නවලට අමාත්‍ය බිමල් රත්නායක මහතා ලබාදුන් පිළිතුරු පහත දැක්වේ. Sri Lanka Latest News

මාධ්‍යවේදියා
2024 නොවැම්බර් මාසේ කැබිනට් මාධ්‍ය හමුවේදී නලින්ද ජයතිස්ස මහත්මයා බොහොම වගකීමෙන් කිව්වා ඉතාම කෙටි කාලයකින් එතුමා එතුමාගේ උපාධි සහතිකය ඉදිරිපත් කරයි කියලා. දැන් මේ වෙද්දි අවුරුද්දකට වැඩි කාලයක් ගතවෙලා තියෙනවා එතුමාට උපාධි සහතිකයක් ඉදිරිපත් කරන්න හැකියාව ලැබිලා නැහැ. එතකොට ඔබ කිව්වා ක්‍ෂ්, ක්‍ෂෘ, පොලිසිය, රහස් පොලිසිය මේ සියල්ලටම කලින් පක්ෂයට තේරෙනවා කියලා, එතකොට එදා අර පොල්ගම්පොලට ඉටුවෙච්ච ඒ නීතිය ක්‍රියාත්මක වීම ඇයි රන්වලට වෙන්නේ නැත්තේ මේ වෙලාවේ? ආණ්ඩුවේ ඉන්න හින්දද?

අමාත්‍ය බිමල් රත්නායක
නෑ කිසිසේත්ම ආණ්ඩුවේ හින්දා නෙවෙයි. ඔහු රටට කරපු ප්‍රකාශයක් තියෙනවානේ ඒක ඉදිරිපත් කරනවා කියලා. ඔහුට වගකීමක් තියෙනවා ඒක ඉදිරිපත් කරන්න.

මාධ්‍යවේදියා
හැබැයි එහෙම නොකළොත් ක්‍රියාත්මක වෙන්න ඔබතුමාලාගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට වගකීමක් තියෙනවා?
අමාත්‍ය බිමල් රත්නායක

ඉතින් අපි කළානේ. එයා රටේ තුන්වෙනි පුරවැසියා විදිහට හිටියේ. අපේ එයාට දේශපාලන වශයෙන් පක්ෂයක් දෙන්න පුළුවන් දඬුවම දීලා තියෙන්නේ.

මාධ්‍යවේදියා
නැහැ මෙහෙමනේ. එතුමා එවැනි පදවියක් සම්බන්ධයෙන් බොරු කළා නම් මහජන ඡන්දයකට ඉදිරිපත් වුණේ ඔහු ගත්ත සෑම මනාපයක්ම ඔහු ලබාගත්තේ ඒ මත. එතකොට කතානායක කියන්නේ පාර්ලිමේන්තුව තුළ ඔහුට ලැබෙන තනතුරක්. රටේ ජනතාව ඔහු දිහා බලලා තමයි මේ තනතුර ඔහුට දුන්නේ. එහෙම ගත්තාම ඒකෙන් සෑහීමකට පත්වෙන්න බැහැ. ඔබතුමාලා වගේ විනයගරුක පක්ෂයක්, විශේෂයෙන්ම අවුරුද්දක් පැනලා එතුමා ඒ සම්බන්ධයෙන් එදා ඉඳන් අද වෙනකම් ප්‍රකාශයක් කරලත් නැහැ?

අමාත්‍ය බිමල් රත්නායක
ඔහුට දේශපාලන වශයෙන් අපි දඬුවමක් දීලා තිබෙනවා.

මාධ්‍යවේදියා
ඒක උපරිමයද?
අමාත්‍ය බිමල් රත්නායක

ඒක බරපතළ එකක්. ඒක ලොකු එකක්. ඒක මනුස්සයෙක්ට විශාල එකක්. මම හිතන්නේ ඒක නොවුණා නම් හොඳයි.

මාධ්‍යවේදියා
ඒ කියන්නේ ඔබ එක්තරා ආකාරයකට මේ වෙලාවේ පිළිගන්නවා ‘ඒක නොවුණා නම් හොඳයි’ කියන්නේ එතුමා යම්කිසි ආකාරයක වංචනික විදිහට ඉදිරිපත් කරලා තියෙනවද?
අමාත්‍ය බිමල් රත්නායක

මම හිතන්නේ නැහැ ඒක වංචනිකයි කියලා.

මාධ්‍යවේදියා
එහෙම නොවුණා නම් හොඳයි කියන්නේ කතානායක ධුරයෙන් ඉවත් කරන්න නොවුණා නම් හොඳයි කියලද?
අමාත්‍ය බිමල් රත්නායක

නෑ. කතානායක ධුරයෙන් අයින් කරන්න ඕනේ එයාට සහතික ඉදිරිපත් කරන්න බැරි වෙච්ච නිසානේ කෙටි කාලයක් තුළදී. මම කිව්වේ ඒ සිදුවීම් මාලාව. මොකද අපිට අදහසක් තියෙනවා එයා සැබෑ පර්යේෂකයෙක්. එයාට ඒ පිළිගැනීම තිබෙනවා. ඒවා ගැන ඩිස්පියුට් එකක් නැහැ අපිට.

මාධ්‍යවේදියා
හැබැයි සහතිකයක් නැහැ?
අමාත්‍ය බිමල් රත්නායක

සහතිකයක් නැහැ කියලා මම හිතනවා. මොකද ඒ කියන්නේ එතුමාට සහතිකයක් ඉදිරිපත් කරන්න අවශ්‍ය තරම් කාලය දැන් ගතවෙලානේ තියෙන්නේ. එතුමා ඉතින් ඒක ඉටුකරන්න ඕනේ. එතුමා රටට පොරොන්දු වුණානේ දෙනවා කියලා.

මාධ්‍යවේදියා
එසේ නොකළොත් ඔහු සම්බන්ධයෙන් ගන්න උපරිම ක්‍රියාමාර්ගය කතානායක ධුරයෙන් ඉවත් කිරීම, ඒක අරන් ඉවරයි. එහෙම කිව්වොත් හරිද?
අමාත්‍ය බිමල් රත්නායක

කතානායක ධුරයට පත්වෙච්ච කෙනෙක් ඒකෙන් අයින් කළාට පස්සේ මම හිතන්නේ දේශපාලන වශයෙන් හෝ සාමාජීය වශයෙන් හෝ පුද්ගලික වශයෙන් දෙන්න තියෙන ඔක්කොම දඬුවම් ලැබිලා ඉවරයි.

මාධ්‍යවේදියා
ඒ කියන්නේ පක්ෂය සම්බන්ධයෙන් අභ්‍යන්තරව ඔහුගේ පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් කිසිවක් කළ යුතු නැහැ ඔබ හිතන්නේ?

අමාත්‍ය බිමල් රත්නායක
පක්ෂය ඒ පිළිබඳ පරීක්ෂණයක් කළා. පක්ෂය ගත්ත තීරණය මම හිතනවා ඔහුට සහ මුළු පක්ෂයටම, මුළු පක්ෂයටම අනාගතයටත් එක්ක ඉතාම බරපතළ ලෙස දැනෙනවා ඇති කියලා.

SendShareShare
Previous Post

දේශපාලන සතුරන්ට කිසිම සමාවක් නෑ! අපිට ගැහුවොත් අපිත් ආපිට ගහනවා! ඒක සිවුරද-සුදු ඇඳුමද – කළු කබායද අදාළ නෑ! නීත්‍යතුකූල නැද්ද – ෆවුල් ෂොට්ද අදාළ නෑ! ලාල්කාන්තට ‘ලෙනින්’ ආරූඪ වෙයි ! Sri Lanka Latest News

Next Post

හරිනි 2015 වාර්තාවක් හදලා කියපු දේට හාත්පසින්ම වෙනස් දෙයක් විශ්වවිද්‍යාලවල අද කරන්න හදනවා! මේ හදන්නේ යෞවන සමාජවලට පත්කළා වගේ පැලවත්තේ ලිස්ට් එකට සරසවිවල අංශාධිපතිවරුන් පීඨාධිපතිවරුන් පත්කරන්නයි! හරිනිවත් ඉස්සරහා තියාගෙන විපක්ෂනායක සජිත් හරිනිගේ ඉතිහාසය එළියට දමයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන ලෙස බල කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ උදෙසා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ මහජන...

Read more
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.