• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශපාලන සතුරන්ට කිසිම සමාවක් නෑ! අපිට ගැහුවොත් අපිත් ආපිට ගහනවා! ඒක සිවුරද-සුදු ඇඳුමද – කළු කබායද අදාළ නෑ! නීත්‍යතුකූල නැද්ද – ෆවුල් ෂොට්ද අදාළ නෑ! ලාල්කාන්තට ‘ලෙනින්’ ආරූඪ වෙයි ! Sri Lanka Latest News

January 24, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තම දේශපාලන සතුරන්ට කිසිදු ලෙසකින් සමාවක් නොදෙන බවත්, තමන්ට පහර දුනහොත් තමන්ද පෙරළා ඔවුන්ට පහර දෙන බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. පසුගිය 21 වැනිදා මහවැලි කේන්ද්‍රයේ පැවැති ‘වීප්ලවීය ව්‍යවහාරයේ දෘෂ්ටිවාදී සලකුණ ලෙනින් කියවමු’ සැමරුම් වැඩසටහන අමතමින් ලාල්කාන්ත මහතා මේ බව සඳහන් කළා. ලෙනින් මියගොස් වසර 102ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කර තිබූ මෙම වැඩසටහන අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

දැන් දේශපාලන වශයෙන් අපිට විවිධ විවේචන ප්‍රහාරයන් එල්ල කරන අය ඉන්නවනේ. සමහර වෙලාවට අපි ගොඩක් නිහඬව ඉන්නවා. හැබැයි අපි ඉඳලා හිටලා නිකන් අර බෲස් ලීගේ වගේ ෂොට් එකක් දෙනවා කුඩුවෙලා යන්න. දුන්නම කියනවා, ‘මේ මූණට ගහන්න එපා, ඒක ෆවුල් ෂොට් එකක්.’ ‘අහවල් තැනට ගහන්න එපා….’ එහෙම කියනවා. තව ඒක තවදුරටත් කිව්වොත් මේ ‘මං කළු කෝට්කාරයෙක් හොඳේ. ගහන්න එන්න එපා…, මං ජාතික ඇඳුම ඇඳලා ඉන්නේ. ඒ හින්දා ගහන්න බෑ, මං සිවුර ඇඳලා ඉන්නේ… ඒ හින්දා අපිට ගහන්න බෑ…’ එහෙනම් අපිට ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ දේශපාලනය කරන්න එනවා නම් එක්කෝ ඕවා පැත්තකින් තියලා එන්න. හැබැයි අපි දෙන්න ඕනෙ විවේචනය මොකක් ඇඳගෙන හිටියත්, ජාතික ඇඳුම ඇඳගෙන හිටියත් අපි ගහනවා. අදාළ නෑ. එතකොට කියන්න එපා ෆවුල් ෂොට් ගහනවා කියලා. ඒක කිව්වෙ කාටද කින්ද මන්ද කියන්න මං හිතන්නේ මෙතැන ඉන්න සහෝදර සහෝදරියන්ට අදහසක් ඇති. ඒ කියන්නේ අපිට විවිධාකාර ප්‍රහාරයන් දේශපාලනිකව එල්ල කරද්දී හැමෝම දැනගන්න ඕනෙ අපිත් යම් මොහොතක පෙරළා පහර දෙනවා දරුණුම විදියට. ඉතින් අපි 159 නම් සහ විධායක බලය නම්, ඒක අපි කිව්වොත් අපි හිතමු කාලතුවක්කුවක විතර බලයක් කියලා… ඉතින් කැටපොල්වලින් විදින්න ඕනෙ ඒවට අපි කාලතුවක්කු පාවිච්චි කරන්නේ නැහැ.Sri Lanka Latest News

විපක්ෂයේ ඉන්නකොට තරම් කෑගහනවා වගේ ඒ කියන්නේ විපක්ෂය කරනකොට තරම් ආණ්ඩුකරණයට ලේසි නෑ නේද කියලා. එතකොට ඒක කෙළින්ම ඉලක්ක කරලා තියෙන්නේ අපිට. ආයේ ඒකේ හංගන්න දෙයක් නෑ. තව ටිකක් ගැඹුරින් දේශපාලන විචාරයන් කරන අපේ මිත්‍රයෙකුත් ඉන්නවා. මට ඇහිලා තියෙනවා එයත් නිතර කියනවා ආණ්ඩු කරන එක ලේසි නෑ නේද කියලා. අපේ පක්ෂයේ වැඩ පටන් ගත්තේ 1965. දැන් අපි ආණ්ඩු කරන්න පටන් අරන් අවුරුද්දයි. එතකොට ඒ මුළු කාලය මට කවුරු හරි මේ සභාවේ ඉන්නවා නම් කියන්න ලේසිද කියලා. අපේ විපක්ෂයේ දේශපාලන භාවිතාව ලේසි වුණාද? මම කියන්නේ අපේ මුළු විපක්ෂ දේශපාලන යුගයම අසීරුයි. අමාරුයි. අභියෝගාත්මකයි. පක්ෂයේ නායකයා කිසිදු වගවිභාගයක් නැතුව අධිකරණ ක්‍රියාවලියක් නැතුව මරාදැම්මා. ඒ වගේම මුළු නායක මණ්ඩලයම මරාදැම්මා. 60,000ක් මැරුවා කියලා කියනවා. දේපළ විශාල වශයෙන් විනාශ කරලා තියෙනවා. අපේ පක්ෂය තහනම් කරලා තියෙනවා.

අපේ පක්ෂයට තරම්, ඒ කියන්නේ අපි විපක්ෂ දේශපාලනය කරනකොට තරම් හිංසා පීඩා කරදර අභියෝග තිබිලම නෑ. ඒ නිසා අර විදියට කියන අපේ මිත්‍ර සමහර විචාරකයන්ටත්, ඒ වගේම චිත්‍රපට හදන අයටත්, දැන් විවිධ අය කියන අයටත්, මම දැකලා තියෙනවා සමහර ෆේස්බුක්වල කියනවා, සමහර යූටියුබ් නාලිකාවල කියනවා ‘අමාරුයි නේ… ඉස්සර වගේ නෙවෙයි නේ…’ මට නම් කියන්න තියෙන්නේ ඉස්සරට වඩා ගොඩක් සනීපයි. ගොඩක් පහසුයි. අභියෝග තියෙනවා. ඕගොල්ලෝ හිතාගෙන හිටියට අපිට විපක්ෂකරණය ලේසි වෙලා තිබ්බා, ආණ්ඩුකරණය දැන් ඕගොල්ලන්ට අමාරු වෙලා කියලා, ඒක එහෙම නෙවෙයි අපිට අදාළව. අනිත් ඔක්කෝටම ලංකාවේ විපක්ෂ කරපු අයට එහෙම ඇති. දැවැන්ත කැපකිරීම් මැද ජීවිත පරිත්‍යාගයන් මැද පලායෑම් මැද ද්‍රෝහීන් මැද තමන් එක්ක එකට හිටපු 60,000ක් මරලා තියෙද්දිත් ඒ අයත් එක්ක අනිත් පැත්තට ගිහිල්ලා පක්ෂ සාමාජිකත්වය අරගෙන හිටගත්ත ද්‍රෝහියෝ, තමන්ගෙම සගයෝ ඝාතනය කරලා තියෙද්දී, ඒ ඝාතකයොත් එක්කම ගිහිල්ලා ඒ පක්ෂවල සාමාජිකත්වය අරගෙන හිටගත්ත ද්‍රෝහියෝ ඉන්නවා. නම කියන්නේ නෑ. 10 – 10 = 0 අදාළ නෑ. ඒ විදියට විග්‍රහ කරන්න අපිට ඉගැන්නුවෙත් ලෙනින් සහෝදරයා.

SendShareShare
Previous Post

ලෝකෙටම 25ක් විතරක් තියෙන රෝල්ස් රොයිස් එක ගෙන්වද්දී ගහපු කෝටි 7ක දඩය ගැන ඩඩ්ලි කතාකරයි! I Sri Lanka Latest News

Next Post

“රන්වලගෙ උපාධිය උපාධි සහතිකය නෑ…” ඇමැති බිමල් කියයි!Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ළමා ආරක්ෂණ තත්ත්වය ගැන අර්බුධයක් නැති බව පැවසුවත් කාලයක් පුරා නිර්මාණය වූ බරපතල අර්බුධයක් ඇති බවත් මේ අර්බුධය නිසා අගතියට...

Read more
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.