කොරෝනා ආසාදිතව සිට සුවය ලබා යළිත් වතාවත් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිර මැදිරියට යොමු කොට ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සුපුරුදු පරිදි පැදුරට වැටී ඇති බව වාර්තා වේ.
ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කළ වෛද්‍යවරු මෙට්ටයක් ලබා දෙන ලෙස බන්ධනාගාර පාලනාධිකාරියට උපදෙස් ලබා දී තිබුණද මෙතෙක් එය ඉටු වී නැති බවක්ද වාර්තා වේ.
ඒ අනුුව රාමනායක මහතා දිගටම පැදුරට වී සිටින බවද දැනගන්නට තිබේ.










