• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

දිලිත් වෙනුවට රනිල් ටෙලිකොම් තෝරාගැනීම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

July 29, 2023
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
දිලිත් වෙනුවට රනිල් ටෙලිකොම් තෝරාගැනීම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගෝඨා අතාරින්නේ දිලිත්ද? පී.බී.ද?

අරගලය එන්නත් කලින් ආර්ථික අර්බුදය එන්නත් කලින් ‘ගුරුදා විග්‍රහයේ’ පළවූ ලිපියක හෙඩිම ඕකය. එම ලිපියට පදනම වූයේ ගෝඨාගේ ජනාධිපති ලේකම් පී.බී.ට එරෙහි දිලිත්ගේ ට්විටර් යුද්ධයයි. දිලිත්ගේ මතය වූයේ ගෝඨා ෆේල් වීමට හේතුව පී.බී. නිසා පී.බී. ඉවත් කළ යුතුයි හෝ ඉවත් විය යුතු බවය. අන්තිමේදී ගෝඨා, දිලිත්ව තෝරාගත්තේය. පී.බී.ට ගෙදර යන්න සිදුවිය.
ගෝඨා ජනාධිපති කරන පමණක් නොව ජනාධිපති අපේක්ෂක කරන කැම්පේන් එකත් කළේ දිලිත්ය. ඒ නිසා ගෝඨාට පී.බී.ට වඩා දිලිත්ව වටී. ගෝඨා දිලිත්ව හඳුනා ගැනීමට පෙර දිලිත් සහ වරුණි අමුණුගමගේ ට්‍රයි ඇඩ් කම්පැනිය කැම්පේන් කළේ චන්ද්‍රිකාටය. දිලිත්ගේ කොම්පැනියේ හවුල්කාරිය වූ වරුණි අමුණුගම හිටපු ඇමැති සරත් අමුණුගමගේ දියණියයි. ට්‍රයි ඇඩ් කොම්පැනිය චන්ද්‍රිකාගේ කැම්පේන් කරන්න කලින් චන්ද්‍රිකාගේ කැම්පේන් කළේ මංගලගේ අක්කාගේ ඇඩ්වර්ටයිසින් කොම්පැනියය. ඒත් 2004 මහ ඡන්දයේ කැම්පේන් එක මංගලගේ අක්කාට දෙන්න එවක ජනාධිපති චන්ද්‍රිකා බය වුණේ මංගල සහ ජවිපෙ සමග තියෙන සමීප සම්බන්ධය නිසා මංගලගේ අක්කාගේ කොම්පැනිය ශ්‍රීලනිපය සහ ජවිපෙ එක්ව හදපු එක්සත් ජනතා නිදහස් සන්ධාන කැම්පේන් එකේදී ජවිපෙට වැඩි ප්‍රසිද්ධියක් දෙයි කියාය. එකල මංගල ජවිපෙට ඇලුම් කිරීම චන්ද්‍රිකා රිස්සුවේ නැත. මේ වෙලාවේ චන්ද්‍රිකා මාධ්‍ය කැම්පේන් එක කරන්න මංගලට වඩා බර තැබුවේ මාධ්‍ය ඔස්තාර් කෙනෙක් වූ යූ.ඇන්.පී.යෙන් ශ්‍රී.ල.නි.ප.යට ආ ආචාර්ය සරත් අමුණුගමටය. දිලිත් සහ චන්ද්‍රිකාගේ කොම්පැනිය 2004 මහ මැතිවරණයේදී ‘රට පෙරට’ කැම්පේන් එක කළේ සරත් අමුණුගමගේ මැදිහත් වීමෙනි.Sri Lanka Latest News

රට පෙරට කැම්පේන් එක හිට් කැම්පේන් එකක් විය. චන්ද්‍රිකා යළි ආණ්ඩුවක් පිහිටුවූවාය. දිලිත්ට සහ වරුණිට ටී.වී., රේඩියෝ චැනල් එකක් ලැබිණි. චන්ද්‍රිකා සහ මංගල අතර නොහොඳ නෝක්කාඩුකම් පටන්ගත්තේ එතැන් සිටය. 2005 ජනාධිපතිවරණයේදී මංගල මහින්ද වෙනුවෙන් පෙනී සිටියේය. සරත් අමුණුගම පෙනී සිටියේ චන්ද්‍රිකා වෙනුවෙන්ය. මහින්දට එරෙහිව යූ.ඇන්.පී. ජනාධිපති අපේක්ෂක රනිල් ළඟට යන්න චන්ද්‍රිකාට හිතවත් ඇමැතිවරු පිරිසක් සූදානම්ව සිටියහ. සරත් අමුණුගමත් ඒ අතර විය. ජනාධිපතිවරණය අවසන් වූවාට පසු ජාතික ආණ්ඩුවක් හදමු කියා රනිල් ඔවුන්ට ජනාධිපතිවරණයට කලින් එන්න එපා කීවේය. රනිල්ට දිනුම ඒ තරම් ෂුවර් විය. අමුණුගම මේ වෙලාවේ දිලිත්ගේ සහ වරුණිගේ කොම්පැනියට රනිල්ගේ කැම්පේන් එකේ කොටසක් ලබාදෙන්න උත්සාහ ගනිමින් සිටියේය.

2005 මහින්ද ජනාධිපති විය. ගෝඨා ආරක්ෂක ලේකම් විය. අමුණුගම ප්‍රබල චරිතයක් නොවීය. යුද්ධය සඳහා ‘අපි වෙනුවෙන් අපි’ කැම්පේන් එක කරන්න දිලිත් මහින්දගේ ආරක්ෂක ලේකම් ගෝඨා එක්ක සෙට් වෙන්නේ මේ කාලයේය. එතැන් සිට දිලිත් ගෝඨාගේ අගසව් වේ. 2010 ජනාධිපතිවරණයේදී මහින්ද දිනවන්න දිලිත් සහ වරුණිගේ ‘දෙරණ’ ජාලය බැහැලා වඩ කළහ. ෆොන්සේකාට එරෙහි සුදු කොඩි නඩුවේ හඬ පට උසාවියට දුන්නේද දෙරණය. 2015 ජනාධිපතිවරණය වන තෙක් දෙරණ ලංකාවේ ප්‍රසිද්ධ චැනලයක් නොවීය. දෙරණ නැග්ගේ 2015 ජනාධිපතිවරණයට පසු ‘මහින්ද සුළඟ’ සජීවීව ප්‍රචාරය කරලාය. අන්තිමේදී දෙරණට මහින්දත්, මහින්දට දෙරණත් නැතිවම බැරි විය. දිලිත් දෙරණ හරහා ගෝඨාව ජනාධිපති අපේක්ෂක කරන්නේ ඒ හයිය පාවිච්චි කරලාය. ගෝඨාගේ ජයග්‍රහණය වෙනුවෙන් දිලිත් සිය මාධ්‍ය ජාලය ඔට්ටුවට තියලා කැලණි ගඟේ නයි නටවලා පෙන්වයි. ගෝඨා දිනයි. ගෝඨා දිනපු විගස ගෝඨාගේ පළමු පත්වීම් ලබන්නන් අතර වරුණිගේ සැමියා රොහාන් ප්‍රනාන්දු ද වෙයි. ඔහු ටෙලිකොම් සභාපති ධුරයට පත්වෙයි.

ටෙලිකොම් සභාපති ධුරය රජුන් තනන්නන්ට සහ රජුගේ අග්‍ර පුරෝහිතයන්ට හිමි වන ධුරයකි. 1994 චන්ද්‍රිකාට අගමැති අපේක්ෂකකම අරන් දෙන්න ලොකුම ගේම ගැහුවේ හේමසිරි ප්‍රනාන්දුය. ඔහු එවක විපක්ෂ නායිකා සහ ශ්‍රීලනිප නායිකා බණ්ඩාරනායක මැතිනියගේ විශ්වාසවන්තයකු විය. මැතිනිගේ ජ්‍යොතිෂ කටයුතු සම්බන්ධීකරණය කරන්නේද ඔහුය. 1994 මැතිනියට බලය ගන්න නම් මැතිනිය චන්ද්‍රිකා ඉස්සරහට දමා පිටුපසට වී සිටිය යුතුය යන ජ්‍යොතිෂ උපදෙස මැතිනියට දෙන්නේ හේමසිරිය. ඒ, ඔහු මැතිනියගේ ජ්‍යොතිෂවේදීන් ලවාය. මැතිනිය චන්ද්‍රිකාට අගමැති අපේක්ෂකත්වය දෙන්න තීරණය කරන්නේ ඉන් පසුවය. චන්ද්‍රිකා දිනලා ආණ්ඩුව පිහිටුවීමෙන් පසු හේමසිරි ඉල්ලන්නේ ටෙලිකොම් සභාපතිකමය.

2001 චන්ද්‍රිකාගේ ආණ්ඩුව වට්ටන්නේ එස්.බී. – ජී.එල්. ඇතුළු චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමැතිවරු පිරිසකි. එස්.බී., චන්ද්‍රිකාගේ ආණ්ඩුව වට්ටවන්න එක් හේතුවක් වන්නේ ක්‍රිකට් බෝඩ් එකේ සභාපති තිලංග සුමතිපාලට චන්ද්‍රිකා පහර ගැසීමය. ඒ වෙනකොට තිලංග ක්‍රීඩා ඇමැති එස්.බී.ගේ සමීපතම දේශපාලන සගයා විය. 2001 චන්ද්‍රිකාගේ ආණ්ඩුව වට්ටවා රනිල් ආණ්ඩුව පිහිටුවීමෙන් පසු තිලංග රනිල්ගෙන් ඉල්ලන්නේ ටෙලිකොම් සභාපතිකමය.

2005 ජනාධිපතිවරණය ජය ගෙන මහින්ද ටෙලිකොම් සභාපතිකම දෙන්නේ මහින්ද වෙනුවෙන් පෙනී සිටි ‘දිවයින’ පුවත්පතේ හිමිකරු නිමල් වෙල්ගමටය. ඒ, වෙල්ගමගේ ඉල්ලීමක් මතය.
2015 ජනාධිපතිවරණය දිනා මෛත්‍රීපාල ටෙලිකොම් මංගල යටතට පත් කළත්, ටෙලිකොම් සභාපති කරන්නේ ඔහුගේ සොහොයුරු කුමාරසිංහ සිරිසේනවය. මෛත්‍රීපාල සහ මංගල අතර ගැටුම පටන්ගන්නේත් එය මෛත්‍රීපාල සහ රනිල් අතර ගැටුමක් බවට පත්වන්නේත් මේ ටෙලිකොම් සභාපති ධුරය මංගලගේ මිත්‍රයකුට නොදීම නිසාය.

2019 ජනාධිපතිවරණය දිනලා ගෝඨා ටෙලිකොම් සභාපති ධුරය දෙන්නේ දිලිත් සහ වරුණි නියෝජනය කරන වරුණිගේ සැමියාටය. වරුණිගේ සැමියා රොහාන් ප්‍රනාන්දු, ගෝඨාගේ ‘වියත් මඟ’ තුළද වැඩ කළ අයෙකි. ගෝඨා ජනාධිපතිකමෙන් පලාගොස් රනිල් ජනාධිපති වූ විට හැමෝම හිතුවේ දිලිත් නිසා රනිල් රොහාන්ව ටෙලිකොම් සභාපති ධුරයේ තබාගනීය කියාය.

දිලිත් රනිල්ට හොඳටම සෙට් වෙන්නේ 2015 රනිල් අගමැති වූවාට පසු රනිල්ගේ සොහොයුරාගේ දුව වන ඉෂිනි වික්‍රමසිංහ හරහාය. 2005 සිට 2015 තෙක් රාජපක්ෂලා වෙනුවෙන් පෙනී සිටි මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ ප්‍රහාරයට ලක්වීම වළක්වා ගන්න දිලිත් වරුණිගේ සමීප මිතුරියක වන ඉෂිනි වික්‍රමසිංහ හරහා රනිල්ට සෙට් වෙද්දී වරුණි, මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ ඇමැතිවරයකු වන ඇයගේ පියා සරත් අමුණුගමගේ සහාය ලබාගනී. දිලිත්, රනිල් සහ ගෝඨා අතර සම්බන්ධය හදන්නේ මේ කාලයේය. 2019 අගෝස්තු 12 කලම්බු ටෙලිග්‍රාෆ් වාර්තා කරන්නේ ගෝඨා ජනාධිපති වුවහොත් රනිල් අගැමැති කරන්න ගෝඨා සහ රනිල් අතර සාකච්ඡාවල අතරමැදියකු ලෙස දිලිත් කටයුතු කරන බවය. ඒ සඳහා සජිත්ව පරාජය කරන්න රනිල් දිලිත් හරහා ඩීල් එකක් දමා ඇති බවය.

අන්තිමේදී රනිල් ගෝඨා යටතේ අගමැති විය. පසුව ජනාධිපති විය. රනිල් ජනාධිපති වී අයි.එම්.එෆ්. ගිවිසුම ගසා ටෙලිකොම් පුද්ගලිකකරණය කරන්න යද්දී ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු එයට එරෙහි විය. ටෙලිකොම් විකිණීම ලෙහෙසි නැත. තායිලන්තයේ විශාල මහජන වරමකින් ඇමැති වූ තක්ෂින් ෂිනවත්‍රාට රට දමා පැන යන්න සිද්ධ වූයේ තායි ටෙලිකොම් සිංගප්පූරුවට විකුණන්න ගිහින්ය. තායි රජු සහ හමුදාව තායි ටෙලිකොම් සිංගප්පූරුවට විකිණීම හැඳින්වූයේ රාජද්‍රෝහී ක්‍රියාවක් ලෙසය.

හැමෝම හිතුවේ රනිල්, දිලිත් නිසා රොහාන්ට අත තියන එකක් නැහැ කියාය. හැබැයි රනිල් දිලිත්ව අතහැර ටෙලිකොම් තෝරාගත්තේය.

‘ඒ කියන්නේ රනිල්ට දැන් දිලිත්ව වලංගු කාසියක් නෙවෙයිද…?’

කියන්න දන්නේ නැත. මේ තෝරාගැනීම හරිද වැරැදිද කියලා බලන්න තවම කල් වැඩිය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මැතිවරණ කොමිසම ගෙන්වා ජනාධිපති කළ සාකච්ඡාවක් මාධ්‍යයෙන් එළියට දමයි! I Sri Lanka Latest News

Next Post

ම්ලේච්ඡ ලෙස අත්අඩංගුවට ගැනීමක්! වහාම නිදහස් කරන්න! වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයත් මැදිහත් වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.