• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ම්ලේච්ඡ ලෙස අත්අඩංගුවට ගැනීමක්! වහාම නිදහස් කරන්න! වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයත් මැදිහත් වෙයි! I Sri Lanka Latest News

July 29, 2023
in Exclusive
Reading Time: 11 mins read
A A
බොරැල්ලේ විරෝධතාවක් අතරතුරදී ත්‍රීවිලරයක සිටි මාධ්‍යවේදී තරිඳු පොලිසියෙන් කුදලගෙන යයි! අවයවත් මිරිකලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට එරෙහිව සංවිධාන කළ විරෝධතා පා ගමනක් වාර්තා කරමින් සිටි නිදහස් මාධ්‍යවේදීයෙකු සහ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන තරිඳු උඩුවරගෙදර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ බොරැල්ල ප්‍රදේශයේදීයි.Sri Lanka Latest News

ත්‍රිරෝද රථයක් තුළ සිටිය දී නිදහස් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර කැරලි මර්ධන පොලිසිය ද ඇතුළුව පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූ ආකාරය සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් ඇති වීඩියෝ පටවල දැක්වුණි.

“ම්ලේච්ඡ ලෙස අත්අඩංගුවට ගැනීමක්”

පොලිසිය විසින් තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගනු ලැබූ ආකාරය ම්ලේච්ඡ බවත් මෙවැනි දේ තුළින් මාධ්‍යවේදීන් නිහඬ කිරීමට ආණ්ඩුව සිතා සිටිනම් එය කිසිසේත් සිදුනොවන බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් බීබීසි සිංහල සේවයට පැවසුවේය.

අනීතික ලෙස අත්අඩංගුවට ගනු ලැබූ තරිඳු උඩුවරගෙදර වහා නිදහස් කළ යුතු බවද ඔහු මෙහිදී පැවසිය.

“තරිඳු උදුවරගෙදර දිගින් දිගටම විවිධ විදිහේ මාධ්‍ය ආවරණ කිරීම්වල යෙදුණා. ඒ වගේම ඔහු සිවිල් ක්‍රියාකාරිකයෙක් ලෙසත් සමාජයේ විවිධ කරුණු සඳහා මැදිහත් වෙලා කටයුතු කළා.”

“අපි දකින්නේ ඔහු ජනමාධ්‍යවේදියෙක් විදිහට ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඔහුට තිබිය යුතුයි.”

“අද දවසේදී උද්ඝෝෂණයක් වාර්තා කිරීමේදී සහ උද්ඝෝෂණයක් අසල සිටියේ යැයි කියා ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා බොරැල්ල පොලිසියෙන්. ඒ අත්අඩංගුවට ගැනීම සිදුකරන්නේ ඉතාම නින්දිත, ම්ලේච්ඡ විදිහටයි. ඔහුට පහර දීලා, කොන්ඩෙන් ඇදලා.ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හැටියට අපි මේක හෙලා දකිනවා මේ සිදුවීම.ආණ්ඩුව කල්පනා කරනවා නම් මේ වගේ ක්‍රියාවලින් ජනමාධ්‍ය නිහඬ කරන්න පුලුවන් කියලා ඒක මිත්‍යාවක්. මේ වගේ සිද්ධි වෙන්න වෙන්න ජනමාධ්‍යවේදීන් සංවිධාන වෙනවා.”

“අපි ආණ්ඩුවට කියනවා ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරය ජනමාධ්‍යවේදීන්ට භාරදීලා ආණ්ඩුව ආණ්ඩුවේ කාර්යභාරය කළා නම් මේ වෙලාවේ හැටියට ඒක වටිනවා.ඒ වගේම අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා වහාම තරිදුව නිදහස් කරන්න කියලා.” ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනය
ඡායාරූප ශීර්ෂ වැකිය,ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනය

“අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය භාවිත කිරීමේදී”

මේ අතර තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන බීබීසි සිංහල සේවයට පැවසුවේ මාධ්‍යවේදියකු සහ සිවිල් ක්‍රියාකාරිකයකු වන තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය භාවිත කිරීමේදී බවයි.

පොලිසිය විසින් තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමේදී පහර දෙමින්, හිසකෙස්වලින් අදිමින් කෘර,අමානුෂික සහ අවමන් සහගත ලෙස සලකමින් අත්අඩංගුවට ගෙන ඇති බවත් එය 1994 අංක 22 දරණ වධදීමට සහ අනිකුත් කෘර අමානුෂික නින්දිත සැලකීමට හෝ දඬුවම්වලට එරෙහි වූ සම්මුති පනත යටතේ ද දඬුවම් ලැබිය හැකි වරදක් බව එම සංගමය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත.

ඊට අමතරව පහරකෑමට ලක්වූ තරිඳු උඩුවරගෙදර කඩිනමින් රෝහල් ගත කරන ලෙසත්, කඩිනමින් මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කරන ලෙස ද එම සංගමය විසින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම එම අත්අඩංගුවට ගැනීමට දායක වූ සියලු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ඉහත සඳහන් කළ වධහිංසා පනත යටතේත්, අයුතු අවහිරය, සාපරාධී බලහත්කාරය පෑම , පහරදීම ඇතුළු තවත් වැරදි සම්බන්ධයෙන් සාමාන්‍ය අපරාධ නීතිය යටතේ පියවර ගන්නා ලෙසට පොලිස්පතිවරයා ගෙන් ඉල්ලා සිටි බව තරිඳු ජයවර්ධන බීබීසි සිංහල සේවයට පැවසුවේ ය.

තරිඳු උඩුවරගෙදර යනු කවුද?

තරිඳු උඩුවරගෙදර ස්වාධීන මාධ්‍යවේදියෙක් මෙන්ම සිවිල් ක්‍රියාකාරිකයෙකු ද වේ.

ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේ දී තරිඳු උඩුවරගෙදර රාවය පුවත්පත සදහා කළ වාර්තාකරණය සදහා 2016 දී ‘වසරේ තරුණ ජනමාධ්‍යවේදියාට’ පිරිනැමෙන ‘ඩෙන්සිල් පිරිස්’ සම්මානය හිමිකර ගත් අතර, අනිද්දා පුවත්පතේ සේවය කරමින් සිටිය දී 2020 වසරේ ‘මර්වින් ද සිල්වා වසරේ මාධ්‍යවේදියා’ ලෙස ද සම්මානයට පාත්‍ර විය.

ඔහු ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ (SLYJA) හිටපු සභාපති සහ ක්‍රියාකාරී සාමාජිකයෙකු ද වන අතර ශ්‍රී ලංකා ක්‍රියාකාරී මාධ්‍යවේදීන්ගේ සංගමයේ (SLWJA) විධායක කමිටු සාමාජිකයෙක් ද වේ.

 2019 සහ 2020 වසරේ  ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළලේ දී  2020 වසර වෙනුවෙන් පිරිනැමූ මර්වින් ද සිල්වා වසරේ මාධ්‍යවේදියා ලෙස සම්මානයට පාත්‍ර විය.
ඡායාරූප ශීර්ෂ වැකිය,ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළලේ දී තරිඳු උඩුවරගෙදර රාවය පුවත්පත සදහා කළ වාර්තාකරණය සදහා 2016 දී ‘වසරේ තරුණ ජනමාධ්‍යවේදියාට’ පිරිනැමෙන ‘ඩෙන්සිල් පිරිස්’ සම්මානය හිමිකර ගත් අතර, අනිද්දා පුවත්පතේ සේවය කරමින් සිටිය දී 2020 වසරේ ‘මර්වින් ද සිල්වා වසරේ මාධ්‍යවේදියා’ ලෙස ද සම්මානයට පාත්‍ර විය.

ගවේෂණාත්මක මාධ්‍යවේදය සහ රජය පිළිබඳ විවෘත විවේචන සඳහා ප්‍රසිද්ධ “රාවය” සහ “අනිද්දා” ඇතුළු සිංහල භාෂා පුවත්පත් කිහිපයකම ඔහු සේවය කර තිබේ. ඔහු විසින් “සටහන් රේඩියෝ” නමින් යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යනු ලබන අතර එහිදී සමාජයීය ගැටලු සහ මානව හිමිකම් කඩවීම් පිළිබඳ විවේචනාත්මක හා ආන්දෝලනාත්මක අන්තර්ගතයන් නිකුත් කොට තිබේ.

මේ අතර ප්‍රහසන ශිල්පිනි නටාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී සිදුකළ අදහස් දැක්වීමක් හේතුවෙන් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට ප්‍රකාශයක් සටහන් කර ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඉකුත් ජූනි 29 වෙනිදා දැනුම් දීමක් සිදු කරන ලදී. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබුනේ ජුලි මස 04 වෙනිදා පෙරවරු 10.30 ට ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙසයි.

අත්අඩංගුවට ගැනීම පිළිබඳ පොලිසිය කියන්නේ කුමක් ද ?

නිදහස් මාධ්‍යවේදීයකු සහ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බීබීසි සිංහල සේවය වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර ගෙන් කරුණු විමසීය.

එහිදී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ විරෝධතා ව්‍යාපාරයක් අතරවාරයේදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනු ලැබු බවයි.

“බොරැල්ල පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ උද්ඝෝෂණයක් අතරතුරදි කලහකාරී ලෙස හැසිරීම කියන එකට තමයි ඇරස්ට් කරලා තියෙන්නේ. එයාව හෙට අංක 02 අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.”

තරිදු උඩුවරගෙදර අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පොලිසිය ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ද බීබීසි සිංහල සේවය වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කරුණු විමසීමක් කරන ලදී.

එහිදී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඔහුව අත්අඩංගුවට ගැනීමට අදාළව චෝදනාවක් තිබේනම් ඒ ගැන ද අවදානයට ලක් කළ හැකි බව යි.

අධිකරණ නියෝග

මේ අතර කොළඹ ස්ථාන කිහිපයකට ඇතුළු වී උද්ඝෝෂණ සහ පෙළපාලි සිදුකිරීම තහනම් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් කම්කරු අරගල සංවිධානයේ ලේකම් දුමින්ද නාගමුව ඇතුළු 11 දෙනෙකුට එරෙහිව තහනම් නියෝගයක් ද අද ( ජුලි 28) නිකුත් කළේ ය. ඒ අනුව අද (ජුලි මස 28) සිට හෙට (ජුලි මස 29) පෙරවරු 10.00 දක්වා මෙම නියෝගය බලපැවැත් වේ.

Press Release

වසන්ත මුදලිගේට ඇප

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද දින (ජුලි මස 28 වෙනිදා) ඇප මත නිදහස් කර ඇත. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් වසන්ත මුදලිගේ පෙර ඇප මත මුදා හැර ඇති බව සඳහන් ය.

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් නිකුත් කරනු ලැබූ වරෙන්තුවක් මත වසන්ත මුදලිගේ ඊයේ ( ජුලි 27) කුරුඳුවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ, 2020 වසරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැති උද්ඝෝෂණ ව්‍යාපාරයකදී අධිකරණ නියෝග කඩ කරමින් මහජන පීඩා ඇති කළේ ඇයි කියන සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

කෙසේ වෙතත් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් සිදුකරන විරෝධතා ව්‍යාපාර සහ පාගමන් විසුරුවා හැරීමට පොලිසිය ඉකුත් දින කිහිපයේ දී අඛණ්ඩව කටයුතු කළේ ය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (ජුලි 27 වෙනිදා) කොළඹ ලිප්ටන් වරවුමේ සංවිධානය කර තිබු විරෝධතා ව්‍යාපාරයක් විසුරුවා හැරීමට පොලිසිය විසින් අධී පීඩන ජල ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.

SendShareShare
Previous Post

දිලිත් වෙනුවට රනිල් ටෙලිකොම් තෝරාගැනීම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

‘අද තරිඳුට-හෙට මට-අනිද්දා උඹට..!’ තරිඳු ගැන මාධ්‍ය සගයන්- දේශපාලඥයන්-වෘත්තීය සංවිධාන කියපු කතා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.