පෙබරවාරි මස 9 වන දා සිට 10 වනදා දක්වා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී පැවැත්වෙන 7 වැනි ඉන්දියානු සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම් කාලයේදී දිවයිනෙන් පිටත්ව ගියේය. Sri Lanka Latest News
ඉන්දීය පදනමේ සහ ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනයක් අනුව සංචාරයට එක්වන ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවට ලබාගත හැකි ආයෝජන අවස්ථා පිළිබඳව ද සොයා බැලීමට නියමිතය.










