• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 2ට බිලියනයක් පුච්චපු රනිල් ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස්! Sri Lanka Latest News

August 24, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
අවුරුදු 2ට බිලියනයක් පුච්චපු රනිල් ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ සමයේ සිදුකළ විදෙස් සංචාර සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබ තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජූනි 24 වැනි දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත.
මේ සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ පිළිබඳ බීබීසී සිංහල කළ විමසීමකදී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසුවේ, එවැනි පරීක්ෂණයක් සම්බන්ධයෙන් මේ වනවිට විමසීමක් කර වාර්තාවක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බවය.Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම වාර්තාව එවූ පසු වැඩිදුර විස්තර ලබාදීමට හැකි බව ඔහු පැවසුවේය.

‘2005 – 2021 වර්ෂවල විදෙස් සංචාරවල තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලයේ නෑ’
මා විසින් පසුගිය පෙබරවාරි 28 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයට තොරතුරු ඉල්ලීමක් කරනු ලැබුවේ 2005 – 2025 වසර 20ක කාල වකවානුව තුළ බලයේ සිටි ජනාධිපතිවරුන් යෙදුණු විදෙස් සංචාර, ඒවාට වියදම් කර ඇති මුදල සහ ඒවාට සම්බන්ධ වූ දූත මණ්ඩලවල තොරතුරු විමසමිනි.

එලෙස පෙබරවාරි මස යොමුකළ තොරතුරු ඉල්ලීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මැයි 16 වන දින පිළිතුරක් ඒවා ඇති අතර, ‘2005 – 2021 වර්ෂවල අදාළ ලිපිගොනු හා ලේඛන ජනාධිපති ලේකම් කාර්යාලයේ නොමැති බැවින්’ හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාරවල තොරතුරු වෙන් වෙන් වශයෙන් ලබාදීමට නොහැකි බව එමගින් දන්වා එවා තිබේ.

ඉන් පෙනීයන්නේ, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන දෙදෙනා බලයේ සිටි සම්පූර්ණ කාලය තුළ සිදුකර ඇති විදෙස් සංචාරවල තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලයේ නොමැති අතර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 සිට 2021 දක්වා සහභාගි වූ විදේශ සංචාරවල ලිපි ලේඛනද ජනාධිපති ලේකම් කාර්යාලය සතුව නොමැති බවය.

ඒ අනුව, මා විසින් කරන ලද තොරතුරු ඉල්ලීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තොරතුරු එවා තිබෙන්නේ ‘රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව විසින් ලබාගන්නා ලද භාණ්ඩාගාර මුද්‍රිත සටහන් අනුව… ජනාධිපති වැය ශිර්ෂ යටතේ හෙළිවී ඇති වියදම්’ය.

ඔවුන් දන්වා එවා ඇති ආකාරයට මේවා සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ ක්‍රියාත්මකය.

හිටපු ජනපති රනිල්ගේ සංචාර 23කට මිලියන 600කට වැඩි වියදමක්
2022 වසරේ ජූලි 20 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා වසර දෙකකට ආසන්න කාලය තුළ බලයේ සිටි ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ විදෙස් සංචාර 23කට සහභාගි වී ඇති අතර, එක් එක් විදේශ සංචාර පිළිබඳ තොරතුරු පරීක්ෂා කිරීම මෙතෙක් අවසන් වී නොමැති බවට තොරතුරු ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරයේ සඳහන් වේ.

එක් එක් වර්ෂයේ ඔහුගේ විදේශ සංචාර සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය යටතේ වැයවී ඇති වියදම් පහත පරිදිය.

‘2022 – 2024 දක්වා විදෙස් ගමන් සඳහා බිලියනයක් වැය කරලා’

පසුගිය මැයි 08 වැනි දින ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, 2022 සිට 2024 දක්වා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස සහභාගි වූ සංචාර සඳහා රුපියල් බිලියනයකට වඩා වැඩි මුදලක් වැයකර ඇති බවය. ඒ අනුව, ඔහු විසින් ඉදිපත් කරන ලද තොරතුරු පහත පරිදිය.

හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ නොවූ නමුත් ඔහු නියෝජනය කරමින් නියෝජිතයන් සම්බන්ධ වූ විදෙස් සංචාර 19ක් සඳහා ද මෙම කාල වකවානුව තුළ මුදල් වියදම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.

එම මුදල රුපියල් මිලියන 19.8ක් බව පැවසූ ඔහු, ඒ අනුව සියලු සංචාර සඳහා වියදම් කර ඇති මුදල රු. බිලියන 1.027ක් බව ප්‍රකාශ කළේය.

වැඩිම වියදම් 2013දී
පසුගිය වසර 20ක කාලය සම්බන්ධයෙන් ලබාදී ඇති තොරතුරුවලට විදෙස් සංචාර සඳහා වැඩිම වියදම් සිදුව ඇති වසර වන්නේ 2013 වසර වන අතර එම වසරේදී වැයකර ඇති මුදල රු. බිලියන 1.144කි. 2005 වර්ෂයේ නොවැම්බර් මාසයේ සිට 2015 ජනවාරි දක්වා බලයේ සිටි ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ පමණක් ආසන්න වශයෙන් රුපියල් බිලියන 4.76කට අධික මුදලක් වැය කර තිබේ.

වසර 10කට ආසන්න පාලන කාලය තුළ වියදම් වී ඇති එම මුදල සාමාන්‍යයක් වශයෙන් වසරකට මිලියන 400කටත් වඩා වැඩි මුදලක් වන අතර සාපේක්ෂව 2015න් පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුගේ වසර 5ක ධුර කාලය තුළම විදෙස් සංචාර සඳහා වැයකර ඇත්තේ රු. මිලියන 400කට අඩු මුදලකි.

වත්මන් ජනාධිපතිවරයාගේ වියදම්
මාගේ තොරතුරු ඉල්ලීමේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ විදෙස් සංචාරවල වියදම් සම්බන්ධයෙන්ද විමසා තිබූ අතර, එම තොරතුරු ඉල්ලීම සිදුකළ පෙබරවාරි මාසය වනවිට ඔහු ඉන්දියාවේ, චීනයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාර සඳහා සහභාගී වී තිබිණි.

ඒ සඳහා ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැයවී තිබූ මුදල රු. මිලියන 2.3ක් ලෙස දක්වා තිබේ. එයින් ඉන්දියානු සංචාරය සඳහා පමණක් ජනාධිපති වැය ශීර්ෂය යටතේ ගුවන් ටිකට්පත් මිලදී ගෙන තිබේ. එම මුදල රු. 554,350කි.
තොරතුරු ඉල්ලීමේ මෙම ගමන් සඳහා සම්බන්ධ වූ නිලධාරීන් පිළිබඳ විස්තර ද ඉල්ලා සිටි නමුත් ඒවා ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

අමන්දිකා කුරේ
බීබීසී සිංහල

SendShareShare
Previous Post

ටැප් අරින බස් යවන පාර හදන හරි පුදුම විවෘත කිරීම්! Sri Lanka Latest News

Next Post

අනුර කුමාර – ප්‍රේමකුමාර් සටන සූදානම්! Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.