• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර කුමාර – ප්‍රේමකුමාර් සටන සූදානම්! Sri Lanka Latest News

August 24, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අනුර කුමාර – ප්‍රේමකුමාර් සටන සූදානම්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සාමාන්‍යයෙන් අපි ඕනෙ කෙනෙක් හීනෙන් බයවෙන අවස්ථා තියෙනවා. හැබැයි හැමදාම අපි හීනෙන් බයවෙන්නේ නෑ. ඒ අතරට සුබ සිහිනත් පේනවා. අපි ඉතිහාස කතාවල සහ ආගමික සාහිත්‍යය ඇතුළේ රජවරු දැකපූ හීන ගැනත් අහලා තියෙනවා. කොසොල් රජතුමා දැකපු හීනවල පලාපල කියලා දීලා තිබුණේ බුදුහාමුදුරුවෝ. මේ දවස්වල අපේ රජතුමාටත් සුබ සිහින නම් පේන්නේ නැතිව ඇති. සුවපහසු විලා එකක සුව නින්දක හිටියත් පේනවා ඇත්තේ භයානක හීන වෙන්න ඕනෙ.Sri Lanka Latest News

රටේ රාළට නිකම් හිතෙනවා අනුරට මේ දවස්වල හීනෙනුත් නිතර පේන කෙනෙක් ඇති කියලා. සමහර විට ඒ පුද්ගලයා හීනෙන් දැක්කම අනුර බයවෙලා ඇහැරෙනවත් ඇති. එහෙම කිව්වම ඔයාලට එකපාරට හිතෙයි ඒ විජේවීර වෙන්න ඇති කියලා. නෑ ඒ විජේවීර නෙවෙයි. මේ පුද්ගලයා තවමත් ජීවතුන් අතර ඉන්න කෙනෙක්. ඒ වෙන කවුරුවත් නෙවෙයි ප්‍රේමකුමාර් ගුණරත්නම්. අනුරගේ ශිෂ්‍ය අංශයේදී හිටපු ඉහළ සංවිධායකයා. දැන් පෙරටුගාමීන්ගේ නායකයා. දැන් ඔයාලට හිතෙයි ඇයි රටේ රාළ එකපාරට මෙතෙන්ට ප්‍රේමකුමාර් ගුණරත්නම් කෙනෙක් ඈඳලා ගත්තේ කියලා.

අනුරගේ දේශපාලනයට වගේම ප්‍රේමකුමාර් ගුණරත්නම්ගේ දේශපාලනයට රටේ රාළ එකඟ නෑ. ඒත් ඉතිහාසයේ ජවිපෙ දේශපාලන මණ්ඩලයේ හිටිය සහෝදරවරු දෙන්නෙක් විදිහට එයාලා අපට සමීපව කටයුතු කළා. අනුර ප්‍රසිද්ධ කරපු දේශපාලන මණ්ඩල සභිකයෙක් වගේම ප්‍රේමකුමාර් එදා ප්‍රසිද්ධ නොකරපු දේශපාලන මණ්ඩල සභිකයෙක්. අනුරට වඩා ප්‍රේමකූමාර් පහළ සාමාජිකයාට සමීප කෙනෙක්. ඊටත් වැඩිය පහළට සමීප අය ජවිපෙ දේශපාලන මණ්ඩලය ඇතුළේ හිටියා.

නන්දන ගුණතිලක, ජී. කුලරත්න වගේ නම් ඒ අතරින් ප්‍රධානයි. කොහොම වුණත් රටේ රාළ ප්‍රේමකුමාර් සම්බන්ධ සාකච්ඡාව ගේන්නේ ඇතිවෙමින් තියන තත්ත්වය යටතේ ප්‍රේමකුමාර්ට ඇතිවෙන්න පුළුවන් අනතුරක් ගැන ඉවක් රටේ රාළට දැනෙන හින්දයි. පෙරටුගාමීන් සහ ජවිපෙ කියන්නේ එකම කණ්ඩායමේ දෙකඩවීමක්. බලයට එනකම් ජවිපෙත්, ඒ වගේම පෙරටුගාමීන් තවමත් සමාජවාදය විශ්වාස කළා සහ කරනවා. ජවිපෙ දැන් සමාජවාදය විශ්වාස කරන්නේ නෑ. එයාලා දැන් ලිබරල්වාදය සරණ ගිහින් වැරදි වැරදි හරි ඒ පාරේ යනවා.

සමාජවාදය විශ්වාස කරන ඕනෙ කෙනෙක් පිළිගන්නේ පන්ති සටන් ආකෘතිය. ඒ කියන්නේ පන්ති පදනමෙන් අරගල කිරීම. අර බිමල් එක්තරා කාලයක් අලි ගහන එකත් පන්ති ප්‍රශ්නයක් කිය කියා ගියේ එයාලා සමාජවාදය පිළිගන්න කාලේ. පන්ති සටන ඇතුළේ පෙරටුගාමීන් නිර්ධන පන්ති පදනමින් බලද්දී එයාලට ජවිපෙ කියන්නේ තවදුරටත් නිර්ධන පන්තියේ පක්ෂයක් නෙවෙයි. ජවිපෙ නායකයන්ගේ පවුල් පසුබිම් කියන්නේ නිර්ධනපාන්තික හැඩයක් හරි පහළ මධ්‍යමපාන්තික හැඩයක් හරි බව ඇත්ත.
හැබැයි අද එයාලා සම්පූර්ණයෙන්ම තමන්ගේ නිර්ධනපාන්තික සම්භවය අමතක කරලා තියෙනවා. ඒක උපක්‍රමික වැඩපිළිවෙළක් නෙවෙයි. මූලධාර්මිකවම ජවිපෙ නිර්ධන පන්තිය සහ සමාජවාදය අතහැරලා ඉවරයි. අද එයාලා මෙහෙයවන්නේ ලිබරල් යාන්ත්‍රණයක් විසින්. එයාලගේ යාළුවෝ කියන්නේ ජාවාරම්කාරයෝ, ව්‍යාපාරිකයෝ. එයාලා මෙච්චර කල් නියෝජනය කරපු නිර්ධන පන්ති සංස්කෘතිය අතෑරලා එයාලා නව ධනේෂ්වර සංස්කෘතියකට ගිහින්. ගොඩක් අය සල්ලාලයෝ වෙලා. එයාලා දැන් පෙනී ඉන්නේ සූරාකන්නන් වෙනුවෙන්.

නිර්ධන පන්ති අර්ථයෙන් ගත්තොත් දැන් ජවිපෙ කියන්නේ නිර්ධන පන්තියේ පන්ති හතුරෙක්. මෙතනදී ජවිපෙ සහ පෙරටුගාමීන් අතර ගැටුම උඩට එන්නේ ජවිපෙ වටේට තිබුණු නිර්ධන පන්තියේ බෆර් එක පෙරටුගාමීන් විසින් ටිකෙන් ටික ගලවා දමන නිසයි. ඇත්තටම ඒ බෆර් එක තමයි එදා මෙදාතුර ජවිපෙට තිබුණු එකම රැකවරණය. අද ජවිපෙට රාජ්‍ය බලය තිබුණත් ධනේශ්වර රාජ්‍ය බලයේ මර්දන උපකරණ වන ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ජවිපෙ අතේ තිබුණත් ඒවායින් ජවිපෙට සලසන්න පුළුවන් රැකවරණය තාවකාලිකයි.

දැන් ඔයාලට හිතාගන්න පුළුවන් ඇති මොකද්ද මේ බෆර් එක කියලා. ඒ බෆර් එක තමයි ජවිපෙ 3%නේ බෆර් එක. දැන් මේ බෆර් එක ජවිපෙ හැරයමින් ඉන්නවා. දැන් පෙරටුගාමීන් ජවිපෙ පිට කටුව ආක්‍රමණය කරමින් ඉන්නවා. ඒ හිල් තුළින් ඇතුළට ගිහිනුත් තියෙනවා.දැන් ටිල්වින්ගේ වෛරස් ගාඩ් වැඩ කරන්නේ නෑ. ඔයාලට මේක තවත් තේරෙන භාෂාවෙන් කිව්වොත්, ඉස්සර දේශපාලන භූමියේ ප්‍රධාන හතුරෝ දෙන්නා වුණේ එජාපයයි ශ්‍රීලනිපයයි. මේ පක්ෂ දෙක ගත්තොත් ගොඩක් දුරට එක හා සමානයි. බොරුවට වම සහ දකුණ කියලා පෙනී ඉන්නවා. ඉස්සර ඡන්ද කාලෙට මේ දෙගොල්ලෝ මරා ගන්නවා.

ඡන්ද කාලෙන් පස්සේ ආයෙත් සාමාන්‍යකරණය වෙනවා. නායකයෝ යාළු වෙනවා. එහෙම වෙන්නේ එජාපයේ සහ ශ්‍රීලනිපයේ බලය ගැනීමේ පදනම වෙන්නේ මහජන ඡන්දය හින්දයි. ඡන්ද කාලෙට මේ දෙගොල්ලොම සටන් කරන්නේ එකම ඡන්ද ගොඩකට. හැබැයි පන්ති සටන් ක්‍රියාවලිය ඇතුළේ ඒක එහෙම නෑ. එතන හැමදාම සටනක් තියෙනවා. එතැන ඉන්නේ විප්ලවාදීන්, පන්ති සතුරෝ සහ ද්‍රෝහීන්. එතන තියෙන්නේ පන්ති සටනක්. පන්ති සටන ඇතුළේ තියෙන්නේ පන්ති වෛරය.

දැන් සටන ඇතිවෙලා තියෙන්නේ ජවිපෙ සහ පෙරටුගාමීන් අතර එකම පන්ති බලවේගයක් දිනාගැනීම වෙනුවෙන්. දැන් ඔයාලට පේනවා ඇති ජවිපෙ පන්ති බලවේග සහ පන්ති සටන පෙරටුගාමීන් අතට මාරුවෙමින් තියෙනවා. එදා ධනපති ආණ්ඩු බිඳවට්ටපු, රට අකර්මණ්‍ය කරපු පන්ති සටන් ක්‍රියාවලියට නායකත්වය දුන්නේ ජවිපෙ. අද ජවිපෙ ආණ්ඩුවක් යටතේ ආණ්ඩුව බිඳවට්ටන්න, රට අකර්මණ්‍ය කරන පන්ති සටන් ක්‍රියාවලිය මෙහෙයවන්නේ පොරටුගාමීන්. ජන අරගල ව්‍යාපාරය විදිහට පෙරටුගාමීන් ඒ සටන අතට ගනිමින් ඉන්නවා.

ඔයාලා දන්නවා ජවිපෙ විපක්ෂයේ ඉන්දැද්දී තිබුණ ආණ්ඩුවත් එක්ක සහ ඒ ආණ්ඩුවේ නායකයෝ එක්ක මොන තරම් වෛරයකින්ද ඒ සටන මෙහෙයෙව්වේ කියලා. අද ජවිපෙ බලය අත්පත් කරගෙන ඉන්න වෙලාවක ඒ බලයට එරෙහිව සටන් කරන ව්‍යාපාරය එක්ක ජවිපෙට මොන තරම් වෛරයක් ඇතිද? සමහර විට ඔයාලට ඕක හිතාගන්න බෑ. මොකද ඔයාලා පන්ති සටන ගැන දන්නේ නෑ වගේම පන්ති වෛරය ගැන දන්නෙත් නෑ. දැන් ජවිපෙන් පන්ති බලවේග ගිලිහෙමින් යනවා. වෘත්තීය සමිති ව්‍යාපාරය දැන් ජවිපෙ අතේ නෑ.

ශිෂ්‍ය ව්‍යාපාරය ජවිපෙ අතේ නෑ. ගොවි ව්‍යාපාරය ජවිපෙ අතේ නෑ. මේවායේ බලය ක්‍රමයෙන් ජන අරගල ව්‍යාපාරය අතට පත්වෙමින් තියෙනවා. ඒක නිසා ජවිපෙ සහ පෙරටුගාමීන්ට බේරගන්න තියෙන දේශපාලන ගනුදෙනුව ආයෙත් කරළියට එන එක වළක්වන්න බෑ. අනුර රාජ්‍ය මර්දන යාන්ත්‍රණය අරගෙන සහ ප්‍රේමකුමාර් පන්ති බලවේගත් අරගෙන සටනට එන දවස වැඩිය ඈතක නෑ. දැන් මේ තැනින් තැන සිද්ධ වෙන්නේ ඒ මහ සටනේ රිහසල්. මෙතැනදී පෙරටුගාමීන්ට තමන්ගේ නායකත්වය ආරක්ෂා කරගන්න උපරිම උත්සාහයක් දරන්න වෙනවා.

ඔයාලා දන්නවා ඉතිහාසයේ එක පාරක් ගෝඨාභය ආරක්ෂක ලේකම් විදිහට ඉන්දැද්දී කිව්වා අනුර දිගටම ප්‍රේමකුමාර් අරන් රටින් පිටුවහල් කරන්න කියන බලපෑම් කළා කියලා. එදා ප්‍රේමකුමාර් පැහැරගැනීම ඇතුළේ එයාගේ ජීවිතය රැකුණේ එයා ඔස්ටේ්‍රලියානු පුරවැසියෙක් වීම නිසයි. අද ඒ ජීවිත අවදානම ප්‍රේමකුමාර්ට එදාට වැඩිය තියෙනවා. මෙතැනදී පෙරටුගාමීන් පාවිච්චි කරන උපක්‍රමය ඉතාම පැහැදිලියි. එයාලත් අනතුර ගැන හිතන බව පේනවා.

එයාලා හදන්නේ පුළුවන් තරම් ජනතාව අතරට ගිහින් ජනතාව තුළ රැඳෙමින් ආරක්ෂා වෙන්න. දේශපාලන වශයෙන් එකඟ නැති වුණත් ප්‍රේමකුමාර් ගුණරත්නම්ට අනතුරක් වෙනවට රටේ රාළ කැමැති නෑ. ඒක නිසයි මේ කතාව ඔයාලගේ අවධානයට යොමුකරන්න තීරණය කළේ.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා….
මීට
රටේ රාළ

SendShareShare
Previous Post

අවුරුදු 2ට බිලියනයක් පුච්චපු රනිල් ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස්! Sri Lanka Latest News

Next Post

තැපැල් වර්ජනය නම් ඉවරයි! ඒත් හෙට දොස්තරවරු පටන්ගන්නවා! I Sri Lanka Latest News

MORE NEWS

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතය.Sri Lanka Latest...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.