කියුබාවට යන අතරතුර ඩුබායි ගුවන් තොටුපොළේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය බටහිර බෙංගාල ප්‍රාන්තයේ මහ ඇමතිනී මම්තා බෙනර්ජි මහත්මිය අතර හමුවක් සිදු වී තිබේ. Sri Lanka Latest News
කොල්කටා නුවර පැවැත්වෙන 2023 බෙන්ගාලි ගෝලීය ව්‍යාපාරික සමුළුව සඳහා පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එහි දී ආරාධනා කළ බව ඇය එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
කියුබානු සහ අමෙරිකානු සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) අලුයම දිවයිනෙන් පිට ව ගිය අතර, ජනාධිපතිවරයා විසින් ලබන 19 වැනිදා සිට 21 වනදා දක්වා පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසි වාරයේ රාජ්‍ය නායක සමුළුව ද ඇමතීමට නියමිතය.










