• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් අමෙරිකාවේදී බංගා හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News

September 19, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
රනිල් අමෙරිකාවේදී බංගා හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය විසින් ගෙන යන ආර්ථික සහ සමාජයීය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉහළින් අගය කළ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා ශ්‍රී ලංකාව නව්‍යකරණයේ මාවතකට පිවිසීම සම්බන්ධයෙන් සතුටු වන බව සඳහන් කළේය.

එසේම ජනාධිපතිවරයා ආරම්භ කර තිබෙන මෙම වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන ගියහොත් ශ්‍රී ලංකාවට අපේක්ෂිත ප්‍රතිඵල කඩිනමින් ළඟා කර ගත හැකිවන බව තමා විශ්වාස කරන බවත් එම ක්‍රියාදාමය සඳහා ලෝක බැංකුවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ලෝක බැංකු සභාපතිවරයා පැවසීය.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගීවීමට නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා අතර විශේෂ හමුවක් නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ඊයේ (18) පැවැත්වුණු අතර එහිදී ලෝක බැංකු සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ලෝක බැංකුව විසින් දක්වන ලද සහාය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පළමුව ලෝක බැංකු සභාපතිවරයා වෙත සිය ස්තූතිය පළ කළේය.

දැනට ශ්‍රී ලංකාව පූර්ණ ආර්ථික ප්‍රතිසංස්කරණ මාවකට අවතීර්ණ වී ඇති බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ වැඩසටහනද අවසන් අදියරට ළඟාවෙමින් පවතින බව ප්‍රකාශ කළේය.

ඉහළ ආර්ථික වර්ධන වේගයක් සමඟ ඉදිරි දශකය තුළ රට සම්පූර්ණයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීම තම අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිසංස්කරණ සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවීම තම අපේක්ෂාව බවත් පසුගිය ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවට දියුණුවේ ස්වර්ණමය දොරටුවක් විවර කර දී ඇති බව තමා විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එසේම රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය සංචාරක, කර්මාන්ත සහ ආහාර සුරක්ෂිතතාවය හා කෘෂිකර්ම නවීකරණය යන ක්ෂේත්‍ර මූලික කරගනිමින් ආරම්භ කර ඇති බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සමගම වැවිලි සමාගම් සමඟ ද සාකච්ඡා කර සාම්ප්‍රදායික අපනයන භෝග ද ඇතුළත් ශ්‍රී ලංකාවේ සමස්ත කෘෂිකර්මාන්තයේ නවීකරණ ක්‍රියාදාමයක් සිදු කිරීමට රජය මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බව සඳහන් කළේ ය.
ඉන්දු ලංකා තාක්ෂණික සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස තාක්ෂණික විශ්වවිද්‍යාල 4ක් අලුතින් ගොඩනැඟීමටත්, ඊට අමතරව දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමටත් අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය සඳහා ලෝක බැංකුවේ තාක්ෂණික සහාය අපේක්ෂා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය මඟින් ද ශ්‍රී ලංකාව වර්ධනයක් අත්කර ගැනීමට අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා උතුරු පළාත සුළං සහ සූර්යබල විදුලියෙන් බල ගැන්වීමට කටයුතු කෙරෙමින් පවතින බවත් සඳහන් කළේය. හරිත හයිඩ්‍රජන් සහ ඇමෝනියා භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම පිළිබඳ ශ්‍රී ලංකාව ශක්‍යතා අධ්‍යයනයක් කරමින් සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, කාන්තා හිංසනය පිටු දැකීම, කාන්තා කොමිසම පිහිටුවීම සහ කාන්තාවන් පිළිබඳ අධ්‍යයන ආයතනයක් පිහිටුවීම ආදී වශයෙන් කාන්තාවන් වෙනුවෙන් නව පනත් 4ක් එළැඹෙන ඔක්තෝබර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක බැංකු සභාපතිවරයාට ආරාධනා කළ අතර, ලෝක බැංකු සභාපතිවරයා විසින් එම ආරාධනාව පිළිගනු ලැබීය.
අවශ්‍ය උපදේශන සේවා හෝ අනෙකුත් තාක්ෂණික සහයන් සඳහා ඕනෑම අවස්ථාවක තමා හෝ ජාත්‍යන්තර මෙහෙයුම් පිළිබඳ ප්‍රධානී සම්බන්ධ කර ගන්නා ලෙස දැනුම් දුන් ලෝක බැංකු සභාපතිවරයා ලෝක බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් පිළිබඳ ප්‍රධානි මෙම වසරේ ඔක්තෝබර් මාසයේ අග භාගයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ද සඳහන් කළේය.
සංචාරක කර්මාන්තය ප්‍රමුඛ කරගනිමින් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සඳහා ගෙන ඇති ප්‍රවේශය අවධානමින් අඩු නමුත් ඵලදායීතාවයෙන් වැඩි බව පෙන්වා දුන් ලෝක බැංකු සභාපතිවරයා එය මේ මෙහොතේ ශ්‍රී ලංකාවට වඩාත් ගැළපෙන බව ප්‍රකාශ කළේය.
ලෝක නාවික ගමන් මාර්ගයේ කේන්ද්‍රස්ථානයක පිහිටි ශ්‍රී ලංකාව සතු සුවිශේෂී භූගෝලීය පිහිටීම ද වෙළෙඳ හා නාවුක කටයුතු මගින් ආර්ථික වාසි ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව සතු වරායන් ද උපයෝගී කර ගත හැකි බව ලෝක බැංකු සභාපතිවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය, සුළං, සූර්යබලය ඇතුළු පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ලෝක බැංකුවේ සහාය ලබදෙන බව ද පැවසීය.
එමෙන්ම දැනට ආසියානු සංවර්ධන බැංකුව මඟින් ක්‍රියාත්මක ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපය බලශක්තියෙන් සම්බන්ධ කෙරෙන “බලශක්ති අන්තර් සම්බන්ධතා පද්ධතිය” සඳහා සම්බන්ධ වීමට ලෝක බැංකුව කැමැත්තෙන් පසුවන බව ද සඳහන් කළේය.

අධ්‍යාපනය ඇතුළු අනෙකුත් රාජ්‍ය අංශයේ සේවා ඩිජිටල්කරණයට ලක්කිරීම මඟින් ඒවායේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවිය හැකි බව ලෝක බැංකු සභාපතිවරයා ප්‍රකාශ කළ අතර, එවැනි පරිවර්තනයන් සිදුකිරීමේදී ගුරුවරුන්ගේ ද ඇතුළුව විවිධ වෘත්තිය සමිති විසින් ඍජුවම ඊට බාධා එල්ල කිරීමට කටයුතු කරනු ඇති බවත් සඳහන් කළේය.
ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ තමාට වැදගත් දරුවන්ගේ අනාගතය ගොඩනැගීම බවයි. එසේම සෑම ක්ෂේත්‍රයකම විනිවිදභාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම තම අරමුණ බව ද ජනාධිපතිවරයා පැවසීය
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-09-19

SendShareShare
Previous Post

ලක්ෂ 4කින් වාහන මිල ආයෙත් නගී! I Sri Lanka Latest News

Next Post

අපේ හිටපු ජනාධිපතිවරුයි අගමැතිවරුයි ඇමැතිවරුයි මන්ත්‍රීවරුයි තාමත් වාහන-ආරක්ෂකයන් පිරිවරාගෙන ගමන් යද්දී බ්‍රිතාන්‍ය හිටපු අගමැති බඩුත් උස්සගෙන කෝච්චියෙන් ආපු හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.