• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘සියැට් කැලණි’ 25 වැනි සැමරුමට රනිල් මහින්ද ෂැංග්‍රිලාවට ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

November 1, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
‘සියැට් කැලණි’ 25 වැනි සැමරුමට රනිල් මහින්ද ෂැංග්‍රිලාවට ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සියැට් කැලණි ටයර් ව්‍යාපාරයේ 25 වන සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි.Sri Lanka Latest News

වසර 25ක ව්‍යාපාරික විශිෂ්ටත්වය සනිටුහන් කරමින් සියැට්-කැලණි ටයර් ව්‍යාපාරය රාජ්‍ය ව්‍යවසායක සිට සාර්ථක පෞද්ගලික ව්‍යාපාරයක් දක්වා පැමිණි විශිෂ්ට ගමන් මග මෙහිදී ප්‍රශංසාත්මකව අගය කළ ජනාධිපතිවරයා එය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට පිවිසීමට අපේක්ෂා කරන පාර්ශ්වයන්ට මහඟු ආදර්ශයක් බව ද පැවසීය.

සියැට්-කැලණි ටයර් ව්‍යාපාරය සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කිරීම වෙනුවෙන් කැපවූවන් ඇගයීමට ලක්කිරීම ද මෙහිදි සිදු විය.

එම අවස්ථාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

කැලණි ටයර් සංස්ථාව පිහිටා තිබුණේ මගේ මැතිවරණ කොට්ඨාසයට අයත් බියගමට යාබද කැලණිය ප්‍රදේශයේයි. මම ඒ වන විට කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. කැලණි ටයර් සංස්ථාව කීර්තිනාමයක් අත්කරගෙන තිබු ආයතනයක් වුවත් එය වසා දැමිය යුතු තත්ත්වයට පත්ව තිබුණා.

බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමයේදී අපට වසරකට කැලණි ටයර් දෙකක් ලැබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස අපගේ සියලුම වාහන කැලණි පිරිසැකසුම් ටයර් දෙකකින් සහ අලුත් ටයර් දෙකකින් සමන්විත වුණා. මේ අනුව කැලණි ටයර් සමාගම සහ එහි සාම්ප්‍රදායික තාක්‍ෂණය අපගේ මතකයේ තදින්ම කාවැදී තිබුණා.

නමුත් පසුව කැළණිය ටයර් සංස්ථාව විකුණා දැමීමට තීරණය කෙරුණු අතර සාමාන්‍ය ක්‍රියාවලියට අනුව ටෙන්ඩර් කැඳවීම සිදු වුණා. ඒ සඳහා පළමුව අයදුම් කළේ චානක සිල්වා මහතායි. චානක මූලික ලංසුකරු වුවත් කිසියම් හේතුවක් මත ප්‍රේමදාස ජනාධිපතිතුමා ඊට කැමති වූයේ නැහැ. මෙම සිදුවීම දෙවතාවක්ම සිදු වූ අතර, චානක සෑම අවස්ථාවකදීම ප්‍රධාන ලංසුකරු වූ නමුත්, ප්‍රේමදාස ජනාධිපතිතුමා ඉන් සෑහීමකට පත් වුණේ නැහැ.

මම අවසානයේ කිව්වා ‘සර් මට දිගටම හේතු දක්වන්න බෑ’ කියලා. නමුත් තුන්වැනි උත්සාහයේදීත් තත්ත්වය එසේම වුණා. මෙ අවස්ථාවේදී, අප තෝරා ගන්නේ හොඳම ලංසුව ද නැතහොත් කර්මාන්තයේ දැවැන්තයින්ට අනුග්‍රහය දක්වනවාද කියා අපට තීන්දුවක් ගැනීමට සිදු වුණා.

ඒ වගේම කැලණි ටයර් සංස්ථාව විකුණා දමනවාද, නැත්නම් වසා දමනවාද යන්න පිළිබඳව එම වකවානුවේ මහත් ආන්දෝලනයක් මතුව තිබුණා. ජාතික සේවක සංගමය ද මේ පිළිබඳව එදා දීර්ඝ ලෙස මා සමග සාකච්ඡා කළා.

මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවස්ථාවේ දී රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තශාලාවක් ලංකාවට ගෙන ඒමේ අවශ්‍යතාව පිළිබඳ ඩෙරික් නුගවෙල මහතා ද යෝජනා කළා.

1991 මම තිලක් සමග ඉන්දියාවට ගොස් සියැට් සමාගම සමග මේ පිළිබඳ සාකච්ඡා කළා. එහි ප්‍රතිඵලයක් ලෙස 1993 ශ්‍රී ලංකාවේ CEAT ව්‍යාපාරය ස්ථාපිත කිරීමට හැකි වුණා.

ඔවුන් එය සාර්ථක ලෙස කරගෙන ගියා. මීට පෙර BGN ලංකා සමාගම කාර්මික ටයර් නිෂ්පාදනය ආරම්භ කර තිබුණා. පීරිස් සමාගම මෙම ව්‍යාපාරයට සම්බන්ධ වූ අතර, බියගම ප්‍රදේශයෙන් සුදුසු ඉඩමක් සොයා දීමෙන් මම ඔවුන්ට සහාය වුණා. මෙය කාර්මික ටයර් කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා අඩිතාලමක් වු බව කිවයුතුයි.

එහි ඊළග පියවර වුණේ ලංකාවේ CEAT හා කැළණි ටයර් සමාගම සහයෝගීතාවක් මගින් ඒකාබද්ධ කිරීමයි. බලපිටිය ප්‍රදේශයේ ආරම්භ වූ මේ සහයෝගීතාවට සිල්වා සහ සොයිසා දෙපළ ඔවුන්ගේ ඓතිහාසික පසුබිමත් සමගම එකතු වුණා.

චානකගේ පියා ආර්ටි මහතා 60 දශකයේ මුල් භාගයේදී සී. පී. ද සිල්වා මහතා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු ලෙස ක්‍රියාකළා. අජිත්ගේ පියා සහ තිලක්ගේ පියා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් වූ අතර අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෝ ද වූණා.

1965 දී බණ්ඩාරනායක මැතිණිය ලේක්හවුස් මුද්‍රණාලය පවරා ගැනීමට තීරණය කළ අවස්ථාවේ එවකට ලේක්හවුස් සභාපතිවරයා වූ මගේ පියා, අජිත්ගේ පියා සහ චානකගේ පියා සමඟ එක්ව බණ්ඩාරනායක මැතිණිය බලයට පත් කර ඩඩ්ලි සේනානායක මහතාව අගමැති කළා. ඒ හේතුවෙන් මහින්දගේ පියා ඡන්දයෙන් පැරදුණා.

කෙසේ නමුත් කැලනි ටයර් සමාගමේ මෙම හවුල්කාරිත්වය සාර්ථක ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගිතාව මැනවින් පිළිඹිඹු කරන අවස්ථාවක් බවද කිවයුතුයි. එසේම මෙය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට පිවිසීමට අපේක්ෂා කරන පාර්ශ්වයන්ට කදිම ආදර්ශයක් ද වෙනවා.

අද ඔවුන් සිය 25 වන සංවත්සරය පවත්වන අවස්ථාවේ මම ඔවුන්ට සුබපතන අතරම මීට වඩා තරගකාරීත්වයට අවතීරණව අපනයනය ඉහළ නංවා ගනිමින් කර්මාන්තශාලාව පුළුල් කරන ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.

එසේම සියැට් කැළණි ව්‍යාපාරය සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමට කැපවු සියලුදෙනාට මගේ ස්තූතිය පිරිනමනවා. ඉදිරි වසර 25 තුළ ඔබ ශ්‍රී ලංකාවේ භාණ්ඩ අතර තරඟකාරී අපනයනකරුවෙකු ලෙස දැකීම මගේ අපේක්ෂාවයි.

අමාත්‍ය විජේදාස රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, රංජිත් මද්දුමබණ්ඩාර, ජොන්ස්ටන් ප්‍රනාන්දු ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, හිටපු අමාත්‍ය රවී කරුණානායක, සියැට් කැළණි හෝල්ඩිංග්ස් හි සභාපති චානක ද සිල්වා, උප සභාපති තිලක් ද සොයිසා, විධායක අධ්‍යක්ෂ රොහාන් තිලක් ප්‍රනාන්දු යන මහත්වරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-11-01

SendShareShare
Previous Post

ආණ්ඩුවේ තෙල් මිල සූත්‍රයට-වැට් බදු වැඩි කිරිල්ලට නාමල්ගෙන් ලොකු ප්‍රහාරයක්! IMF එකට ගිහින් දැන් හරිනේ..! VIDEO I Sri Lanka Latest News

Next Post

‘පෙත්සම්කරු අධිකරණයට පැමිණ තිබෙන්නේ ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව’ -අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති! ‘වගඋත්තරකාරිය සිය ශ්‍රී ලාංකික පුරවැසිභාවය පිළිබඳව කරුණු තහවුරු කිරීමට අසමත් වෙලා’ -විනිසුරු මරික්කාර්! ඩයනාගේ මන්ත්‍රී ධූරයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කරමින් දුන් බෙදුණු නඩු තීන්දුවේ විනිසුරුවරුන් තිදෙනාගේ මතය! I Sri Lanka Latest News

MORE NEWS

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

Load More
ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා විසින් යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව සමාජ මාධ්‍යයේ පළකළ සටහනක් මේ වනවිට...

Read more
කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.