ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක සිට අඩු ආදායම්ලාභී රටක් බවට පත් කිරීම සදහා වන යෝජනාවක් අද දින පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මේ ගැන සවිස්තරාත්මක හේතු දැක්වීමක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු අනුමැතිය ලබා ගෙන ඉන් පසු ලෝක බැංකුව වෙත දැනුම් දීමට නියමිතය.
මෙහි අරමුණ වන්නේ ලෝක බැංකු ශාඛාවක් වන ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (IDA) සහනදායි අරමුදල් ලබා ගැනීමයි.
මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර පැවතීම ජාත්‍යන්තර ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන බැංකුවෙන් (IBRD) ණය ලබා ගැනීමේදී නොසුදුසු කමක් ලෙස සලකයි.