රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේ පාර්ලිමේන්තුවට පැමිණෙන බවත්, සමගි ජන බලවේගය දෙකඩ වීමට නියමිත බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (08) දින පාර්ලිමේන්තුවේදී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දැනටමත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී ඇති බවකි.
එමෙන්ම විපක්ෂනායකකමද ඉදිරියේදී සජිත් ප්‍රේමදාස මහතාගෙන් ගැලවී වික්‍රමසිංහ මහතාට හිමිවනු ඇති බවද ඒ මහතා කීය.










