රටේ ජනතාවට ජීවත් වීමට නොහැකි තත්ත්වයක් යටතේ ජනාධිපතිවරයා තොරන් පෙන්වමින් සංදර්ශන පවත්වන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ වනවිට ජනාධිපතිවරයා ඩොලර් තොරනක් පෙන්වමින් සිටින බවත්, ඩොලරය පහළ බසින්නේ ආර්ථිකයේ දියුණුවක් නිසා නොව ඩොලර් ඉල්ලුම පහත වැටී තිබීම නිසා බවත් කියා සිටියේය.










