• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් යාපනයේ ගිහින් සින්නක්කර ඉඩම් ඔප්පු බෙදයි! උතුරට කරන්න යන දේත් කියයි! PHOTOS I Sri Lanka Latest News

March 23, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන මෙම ජූනි මාසය වන විට අවසන් කිරීමට තමා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News

කුමන ජන කොටසකට අයත් වූවද සෑම පුරවැසියෙකුගේම සිහිනය ඉඩමක නීත්‍යානුකූල හිමිකම ලබා ගැනීම බව පෙන්වා දුන් ජනාධිතිවරයා එම අයිතිය සියලු දෙනාට හිමි විය යුතු බව තමාගේ ද විශ්වාසය බව අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (22) පෙරවරුවේ යාපනය ඔට්ටගපුලම් ප්‍රදේශයේදී පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට එක් වෙමිනි.

මිලියන 02ක ජනතාවකට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම සඳහා ක්‍රියාත්මක උරුමය වැඩසටහන යටතේ යාපනය ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු 408ක් ලබාදීම මෙහිදී සිදු වූ අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව ඔප්පු ප්‍රදානයට එක් විය.

මේ අතර යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පරිහරණය කරන ලද ඉඩම් නිදහස් කිරීම ද මෙයට සමගාමීව පලාලි ගුවන් හමුදා කඳවුරේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

යාපනය ආඥාපති මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා විසින් ඉඩම් නිදහස් කිරීමේ නිල ලිපි ලේඛන මෙහිදී ජනාධිපතිවරයාට භාර දුන් අතර, අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම ලිපි ලේඛන යාපනය දිසාපති මරදලිංගම් ප්‍රදීපන් මහතා වෙත භාර දුන්නේය.

ඒ අනුව වලිකාමම් උතුර ප්‍රාදේශීය කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් පහකට අයත් අක්කර 234 ක් මෙලෙස සාමාන්‍ය ජනතාවට ලබාදීම සිදු කෙරුණු අතර මෙම ඉඩම් රජයේ කෘෂි නවීකරණ වැඩසටහනට සමගාමීව කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට නියමිතය.
ඒ වෙනුවෙන් බීජ ලබාදීම ද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

අනතුරුව ඉඩම් ලාභීන් සමඟ සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා මෙම අවස්ථාව සනිටුහන් කරමින් නිදහස් කරන ලද භූමියේ පැළයක් රෝපණය කිරීම ද සිදු කළේය.

උරුමය සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය
රජ කාලයේ ඉඩම් අයිතිය හිමිව තිබුණේ ජනතාවටයි. බ්‍රිතාන්‍ය යුගයේ මුඩු බිම් පනත යටතේ එම ඉඩම් රජයට පවරාගනු ලැබුවා. ඒ අනුව රටේ ඉඩම්වලින් 80% අයිතියි හිමිවුයේ රජයටයි.

ආණ්ඩුව බලපත්‍ර මඟින් මෙම ඉඩම් හිමිකම් ජනතාවට පවරා දුන්නද නීත්‍යානුකූල අයිතිය හිමි වූයේ නැහැ. ජනතාවගෙන් ලබාගත් ඉඩම්වල අයිතිය නැවත ජනතාවට හිමිවිය යුතු බව මගේ විශ්වාසයයි. ඒ නිසා ඉඩම් බලපත්‍ර ඇති සියලුදෙනාටම සින්නකර ඉඩම් අයිතිය ලබාදීමට අප තීරණය කළා.
කුමන ජාතියකට අයත් වුවද සියලු දෙනාගේ බලාපොරොත්තුව ඉඩමක අයිතිය ලබා ගැනීමයි. එම ඉඩම් අයිතිය සියලුදෙනාට හිමිවිය යුතුයි. ඒ වෙනුවෙන් අපි උරුමය වැඩසටහන පසුගියදා දඹුල්ලෙන් ආරම්භ කළා. අද යාපනය දිස්ත්‍රික්කයේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. අද පිරිසකට පමණක් මෙම ප්‍රතිලාභය හිමි වුවද මෙම ජූනි මාසය පමණ වන විට මෙම වැඩසටහන අවසන් කිරීමට මම උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ වගේම අප කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. සෑම දිස්ත්‍රික්කයකම එක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් මේ සඳහා තෝරාගෙන තිබෙනවා. යාපනයේ කෝපායිවල එය සිදු කෙරෙනවා. මේ සමඟ නවීන කෘෂිකර්මාන්තයක් මේ පළාතට ලැබෙනවා. ඒ සමඟම ආදායම් ඉහළ යාම සිදු වෙනවා.
යුද්ධයෙන් පසු විශාල ඉඩම් ප්‍රමාණයක් හමුදාව යටතට ගැනීමට සිදු වුණා. මේ වන විට ආණ්ඩුව, රජයේ සහ පුද්ගලික ඉඩම් අක්කර 63,000ක් පමණ නිදහස් කර තිබෙනවා.
ඒ වගේම නාවික හමුදාව යටතේ තිබු රජයේ සහ පුද්ගලික ඉඩම් අක්කර 2600ක් පමණ නිදහස් කර තිබෙනවා.
තවද, ගුවන් හමුදාව යටතේ තිබූ රජයේ සහ පුද්ගලික ඉඩම් අක්කර 2600ක් පමණ නිදහස් කර තිබෙනවා.
ඒ වගේම දින කිහිපයකට පෙර ඉඩම් අක්කර 101ක් නැවත ජනතාවට ලබා දුන්නා. අද අක්කර 234ක් ලබා දෙනවා.
ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගම්මාන ගණනාවකට අයත් ඉඩම් වන සංරක්ෂණ ප්‍රදේශ ලෙස නම් කර තිබුණා. එහිදී 1985 සිතියම අනුව කටයුතු කරන ලෙස මම උපදෙස් ලබා දී තිබෙනවා.
මීට පෙර මෙම ස්ථානයේ ඉඩම් හිමිකරුවන් සහ ආරක්ෂක හමුදාව ඒකාබද්ධව Palali Smart Agriculture වැඩසටහන ආරම්භ කළා. මෙම ඉඩම් සියල්ල එම අයිතිකරුවන් විසින් නැවත නවීන කෘෂි වැඩසටහනට යෙදවිය යුතු බවට අප උපදෙස් දී තිබෙනවා. මෙය ඔවුන්ට තනිව කළ නොහැකි නිසා ත්‍රිවිධ හමුදාව එකතු වී ඔවුන්ට අවශ්‍ය ආධාර උපකාර ලබා දිමට කටයුතු කරනවා. ඒ වගේම අළෙවිය සඳහා ඉහළ පෙළේ සමාගම්වල දායකත්වය ලබා දෙනවා. ඒ වගේම බිල් ඇන්ඩ් මිලින්ඩා ගේට්ස් පදනමේ සහයත් මීට හිමි වෙනවා.
මෙම ඉඩම් ලබාදීම පිළිබඳ පනවනු ලැබුවේ එකම කොන්දේසියයි. ඒ යාපනයේ හොඳම ගොවිපොළ මෙම ස්ථානයේ පවත්වාගෙන යා යුතු බවයි. එසේම එය මුළු ලංකාවටම ආදර්ශවත් ගොවිපළක් විය යුතුයි.
ඒ වගේම අපි උතුරේ අනෙකුත් ප්‍රදේශවල වගේම යාපනයේ නව වැඩසටහනක් ආරම්භ කරනවා. යුද්ධයෙන් පසු ඇති වූ ගැටළු අප දැන් විසඳමින් සිටිනවා . ඒ වගේම අපි සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම (TRC) ආරම්භ කළා. අප එයට පමණක් සීමා වී නැහැ. ජනතාව පීඩාවට පත්වන ගැටලුවලට අප විසඳුම් ලබා දිය යුතුයි. ඒ වගේම ඔවුන්ගේ ආදායම් මාර්ග ඉහළ නංවා දිය යුතුයි. ඒ නිසා මෙම පළාතේ අලුත් ආර්ථිකයක් අප නිර්මාණය කරනවා.

වව්නියාවේ සිට යාපනය දක්වා කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට වගේම මෙම පළාතේ ඇති විශාල සූර්ය බලශක්තිය මෙන්ම සුළං බලශක්තිය ප්‍රයෝජනයට ගැනීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ඉන්දියාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම අපේ අපේක්ෂාවයි. ඒ වගේම සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය කරනවා. එසේම ආයෝජන කලාප සඳහා ඉඩම් වෙන් කර තිබෙනවා. එළැඹෙන වසර 05,10 තුළ මෙම කටයුතු ක්‍රියාත්මක කර උතුරට ශක්තිමත් ආර්ථිකයක් ලබාදීමට අප කටයුතු කරනවා. අප සියලුදෙනා එක්ව උතුර ලංකාවේ ප්‍රධාන ආර්ථිකයක් බවට පත් කර ගනිමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ සෙසු ආගමික නායකයන්, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුරෙන් රාඝවන්, කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අංගජන් රාමනාදන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස්, හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ආඥාපති උතුර නාවික පෙදෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ, පලාලි ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරි ගෘප් කපිතාන් චමින්ද හේරත් යන මහත්ම මහත්මීන්, උතුරු පලාත් දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරින්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-03-22

SendShareShare
Previous Post

සෙල්ලමකට ගන්න එපා! මේ දවස්වල රස්නෙ හරි මාරාන්තිකයි! අද අකුරුස්සේ සිව් දරු පියෙක් රස්නෙ දරාගන්න බැරිව මියගිහින්!  I Sri Lanka Latest News

Next Post

පාස්කු ප්‍රහාරය කරපු අය මම දන්නවා කියලා මෛත්‍රී කරපු කතා පත්තු වෙයි! මේ කතාව විහිළුවකට ගන්න බෑ! අපි මෙහෙම දෙයක් කිව්වා නම් මේ වෙද්දි අපිව CIDය කුදලගෙන යනවා! සිරිසේන මේ ප්‍රහාරය ගැන කල්තියාම දැනගෙන හිටියා! ‌අපරාධයේ තොරතුරු වසන් කරගෙන සිටීමම අපරාධයක්! වහාම සිරිසේන අත්අඩංගුවට ගන්න! නැත්නම් අපි මහපාරට බහිනවා! කතෝලික පල්ලියෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.