කෙහෙළිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කරන ලදැයි පැවසෙන ඉමියුනිග්ලෝබියුලීන් වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සදහා, කෙහෙළියගේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දුන් හිටපු කැබිනට් අමාත්‍යවරු අට දෙනෙකු මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ. Sri Lanka Latest News
ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ප්‍රකාශ සටහන්කරගෙන ඇති හිටපු අමාත්‍යවරු ව්න්නේ, ප්‍රසන්න රණතුංග, හරීන් ප්‍රනාන්දු, රොෂාන් රණසිංහ, රමේශ් පතිරණ, විජේදාස රාජපක්ෂ, නලීන් ප්‍රනාන්දු, විදුර වික්‍රමනායක සහ නසීර් අහමඩ් යන අයයි.
අදාල කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දුන් අමාත්‍ය මණ්ඩලයේ මූලාසනය දැරී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේශ ගුණවර්ධන මහතාද නුදුරේ දී ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීමට නියමිත බව වාර්තා වේ.










