දිවයිනට බලපවත්වා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මේ වනවිට පවුල් 59,629කට අයත් පුද්ගලයින් 207,582 දෙනෙක් පීඩාවට පත්ව සිටී.Sri Lanka Latest News
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරල් උදය හේරත් මහතා පවසා සිටියේ, දිස්ත්‍රික්ක 17කට මෙම ආපදා තත්ත්වය බලපා ඇති බවය.
මේ වනවිට ආපදා හේතුවෙන් එක් පුද්ගලයෙක් මරණයට පත්වී පුද්ගලයින් 07 දෙනකු අතුරුදන්වී තිබේ.
මේ අතර පවතින ආයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුර්ණ නිවාස හානි 06ක් වාර්තා වී ඇති අතර අර්ධ නිවාස හානි 335ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.











