යුක්රේනය සම්බන්ධයෙන් සාම සාකච්ඡා පිළිබඳ අදහස තමා ප්‍රතික්ෂේප කර නොමැති බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසයි.Sri Lanka Latest News
කෙසේවෙතත් යුක්‍රේන හමුදා විසින් ප්‍රහාර එල්ල කරන අතරතුර සටන් විරාමයක් ක්‍රියාත්මක කළ නොහැකි බව රුසියානු ජනාධිපතිවරයා පවසයි.
අප්‍රිකානු නායකයින් සමග පැවති හමුවකින් අනතුරුව යුක්‍රේන – රුසියා අර්බුදය පිළිබඳව අදහස් දක්වමින් ව්ලැද්මීර් පුටින් මේ බව සඳහන් කර තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසු යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරවලින් මොස්කව් නුවර කාර්යාල ගොඩනැගිලි දෙකකට හානි සිදුවූ බවට ද රුසියානු බලධාරීන් විසින් නිල වශයෙන් ප්‍රකාශකර ඇත.
කෙසේවෙතත් එම ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්‍රේනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.