ආණ්ඩුව විසින් කළ අසාධාරණ තෙල් මිල ඉහළ දැමීමට විරෝධය පා පාර්ලිමේන්තුව රැස්වන අද (22) දිනයේ මෙතෙක් කිසිවකුත් සිදු නොකළ ආකාරයේ විරෝධතාවක් පළ කිරීමට සමගි ජන බලවේගය සැලසුම් කර ඇත.
ඒ අනුව තෙල් මිල ඉහළ නැංවීමෙන් අසීරැුවට පත්ව සිටින සියලුම ස්ථරවල ජනතාව නියෝජනය වන ආකාරයෙන් සියලුම වර්ගයේ රථවාහන සමග දැවැන්ත පෙළපාලියක් සංවිධාන කිරීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ.
ඒ අනුව තිරික්කලයේ, ගොන් කරත්තයේ සිට කාර්, වෑන්, බස්, ජීප්, පාසල් බස් රථ, යතුරුපැදි, ත්‍රීවීල්, කන්ටේනර්, ට්‍රැක්ටර්, අත් ට්‍රැක්ටර් යනාදී සියලුම වර්ගයේ වාහන මෙම පෙළපාලියට එක් කිරීමට නියමිත බව මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.