ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
නුවරඑළිය දිසාව භාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා සර්ව ආගමික ආශිර්වාදයෙන් වැඩ භාර ගැනීම අද (15) උදෑසන 09.05 යෙදුණු සුභ මොහොතෙන් වැඩ භාර ගැනීම නුවරඑළිය දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී පැවැත්විණ ,
මීට පෙර මාස 11කක කාලයක් නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ ප්‍රියංකර් ද සිල්වාමහතා කොළඹ පොලිස් මූලස්ථානයේ ප්‍රවර්තන දිශාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් ස්ථාන මාරු ලබා යැමෙන් අනතුරුව පුරප්පාඩු වූ නුවරඑළිය දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුර සදහා ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පොලිස් කොමිසම විසින් පත්කර ඇත ,
නුවරඑළිය දිසාව භාර නව නියෝජ්‍ය පොලිස්පති වශයෙන් පත් වූ ප්‍රියන්ත චන්ද්‍රසිරි පසුගිය වසරක කාලයක් ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයේ ප්‍රවර්තන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් සේවය කර ඇති අතර ඊට පෙර මුලතිව් වවුනියා කිලිනොච්චි සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කර තිබීමද විශේෂත්වයකි,
විශ්‍රාම යාමට කෙටි කලක් පවතින පසුබිමක සිටින නියෝජ්‍ය පොලිස්පතිවරුන් වැඩ අඩුවෙන් නිදහසේ සිට විශ්‍රාම යෑමට සලස්වන අන්දමින් නුවරඑළිය දිශාව බාර නියෝජ්‍ය පොලිස්පති තනතුරට මෙතෙක් කල් පත් වුවද දීර්ඝ කාලයකින් අනතුරුව පත් වූ නුවරඑළිය දිසාව භාරව පත්වූ තරුණම නියෝජ්‍ය පොලිස්පතිවරයාද මෙතුමා වීම විශේෂත්වයකි ,
නුවරඑළිය දිශාව භාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩ භාර ගැනීමේ උත්සවය සදහා නුවරඑළිය කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරි ජී.බී.ජේ.එස්.චන්ද්‍රසේකර බණ්ඩාර මහතා හැටන් කොට්ඨාශ භාර සහකාර පොලිස් ප්‍රදීප් වීරසේකර මහතා නුවරඑළිය හා හැටන් සහකාර පොලිස් අධ්‍යක්ෂකවරුන් නුවරඑළිය දිසාවට අයත් පොලිස් ස්ථානවල මූනස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ඉහළ නිලධාරී රැසක් සහභාගී වී සිටියහ.















