• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔක්කොම ගණන්…! අපිට හොඳ ගණන්…! කඩේ නොයා කඩේ ගිය ‘මව්රට’ අපිට ලැබුණු දේ…!

October 18, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
සීනි- බී ලූණු- අර්තාපල් කනවා තියා හිතන්නවත් බැරි වෙයි!
Share on WhatsAppShare on Facebook

‘හම්මේ… හොඳ ගනං…’ ඔහොම කියාගෙන ගෙට ගොඩවන්නේ කඩේට ගිහිල්ලා. කඩවල්වලට ගියාට පස්සේ දැන් ඉතින් වෙනදා වගේ නෙවෙයි. එක පැත්තකින් මුහුණු ආවරණ දාගෙන ඉන්න ඕනෙ. අනෙක් පැත්තෙන් සැනිටයිසර් ගාගන්න ඕනෙ. සමහර කඩවලට ඇතුළු වෙද්දි අත හෝදන්න ඕනෙ. මීටරෙන් ඉන්න ඕනෙ. හැබැයි ඉතින් ඔය ඔක්කෝම හින්දා නෙවෙයි කඩවලට ගියාම එපා වෙන්නේ. කඩේ යනවා කියලා කියන්නෙත් හොඳ පණ යන වැඩක්. එහෙම කිව්වට සමහර අය නම් කඩේ යන්නෙ මාර ආසාවෙන්. ලංකාවෙ දේශපාලනය මේ තරම් හිතුවක්කාර වෙලා තියෙන්නෙත් ඔය කඩේ යන වැඩේ හින්දා.

කඩේ යන වැඩේ කරන දේශපාලකයො, මාධ්‍ය ආයතන, වෘත්තීය සමිති නළු නිළියො, ඒ වගේම මහචාර්යවරු වගේ උගත්තු හුඟක් ඉන්නවා. හැබැයි උන්දැලා කඩේ යන්නේ උන්දැලට හම්බවෙන වාසිය ගැන හිතාගෙන. හැබැයි අපි කඩේ ගියාට අපට හම්බවෙන ලබ්බක් නෑ. හැබැයි මේ කියන්නේ දේශපාලනයට කඩේ යනවා කියන එක නෙවෙයි. අපි කියන්නේ බඩු මුට්ටු ගන්න කඩේ යනවා කියන එක ගැන. කඩවලට නොගිහින් අපට ජීවත් වෙන්න බෑ. ඒක තමයි සාමාන්‍ය විදිය. ඒක හැමෝම දන්නවා. ඒ නිසා අපි ඒ කාලෙ ඉඳන්ම කළේ පුළු පුළුවන් විදියට කඩේ ගිය එක. කාට කාට හරි කඩේ ගිය එක. කාටවත් කඩේ නොගිහින් ජීවත් වෙන්න කොන්ද කෙළින් තියෙන ආර්ථිකයක් හදාගන්න හිතාගෙන හිටියට හැමදාම අපට ඒක කරගන්න බැරි වුණා. ඉස්සර අපේ ගම් තුලානවල හිටපු මිනිස්සු නම් බවබෝග ටික ඉන්දවාගෙන, කුඹුරෙන් වී ටික අරගෙන, වත්තෙ පිටියෙ දෙයක් කාලා බීලා නිදහසේ ගෙවල්වල හිටියා. ඒ බොහොම ඉස්සර. ඊට පස්සේ හාල් පොලු, මිරිස් පොලු යුගයක් එහෙමත් උදා වුණානෙ. ඒත් ඉන් පස්සෙ විවෘත ආර්ථිකයත් එක්ක අපට කඩේ නොගිහින් බැරි වුණා. දැන් අපි උදේ වැඩට ගිහින්, හවස කඩේ යනවා. සතියම වැඩට ගිහිල්ලා සෙනසුරාදා ඉරිදා කඩේ යනවා. නැත්නම් ගෙදර යන ගමන් කඩේ යනවා. එහෙමත් නැත්නම් වැඩට යන ගමන් කඩේ යනවා. කොහොම හරි කඩේ ගිහිල්ලා කන බොන දේවල් ටික එකතු කරගන්න ඕනෙ.

මෙදා පොටේ වෙලා තියෙන්නේ මහ පුදුම වැඩක්. කඩේ යනකොට වෙනදා අරගෙන ගිය මුදල් ටිකම අරගෙන ගියාට, ඒ ගානට බඩු අරගෙන එන්න නම් බෑ. පහුගිය දවසක කඩේ ගිහිල්ලා කතාබහ කරකර ඉන්නකොට කියපු කතාවක් තමයි ලංකාවෙ ප්‍රසිද්ධ සබන් කැටයක් ගැන. සබන් කැටේ ඉස්සර ආවේ රුපියල් 50කට. දැන් ඒක රුපියල් 70යි. ඕවා අපට මතකවත් නෑ. තේරෙන්නෙත් නෑ. ඇයි? මිල වැඩිවෙනවා කිව්වාට සබන් කැටේ මිල වැඩි වෙන එක, පාන් ගෙඩියෙ මිල වැඩි වෙන එක ගැන අපට එහෙම අවබෝධයක් නෑ නෙ. පෙති පාන් කියලා ජාතියක් අපේ ගෙවල්වල බොහොම ප්‍රසිද්ධයි. සැන්ඩ්විචස් හදන්න නෙවෙයි, නිකං ගෙදර තියෙන දෙයක් ගාගෙන කන්න. ඒක දවස් කිහිපයක් තියාගන්න පුළුවන් විදියට පැකට් කරලා තියෙන නිසා ගේනවා. දවස් කිහිපයක් තියාගෙන කන්න පුළුවන් නිසා. රටේ තියෙන මේ තත්ත්වෙත් එක්ක ආරක්ෂාව ගැනත් හිතන්න ඕනනෙ. විශේෂයෙන්ම දරුමල්ලන්ගෙ, වයස අවුරුදු 60ට වැඩි අයගෙ, දරුවො ලැබෙන්න ඉන්න අයගෙ ආරක්ෂාව ගැන හිතලා පාරේ යන චූන්පාන් එකෙන් පාන් ගෙඩියක් ගන්නෙ නැතුව පෙති පාන් ගෙඩියක් ගන්න මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා. පෙති පාන් ගෙඩියෙ ගාන මුලින් රුපියල් 100ක් විදියට තමයි තිබුණෙ. 100ට තිබුණු එක 120 වුණා. 120 වෙලා ආයෙත් පාන් ගෙඩියෙ පෙති අඩුවෙලා රුපියල් 100ටම ආවා. දැන් පාන් ගෙඩියෙ පෙතිත් සාමාන්‍ය මට්ටමේ තිබුණට පාන් ගෙඩිය රුපියල් 140ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ පාන් ගෙඩිය රුපියල් 20කින් මිල වැඩි වෙලා. පාන් ගෙඩියයි සබන් කෑල්ලයි ගන්න කෙනාට රුපියල් 40ක මිල වැඩිවීමකට මුහුණ දෙන්න වෙලා.

ඉතින් ඕවා ගැන කතා කරන්න කලින් කියන්න එපෑ කඩේ ගියාම අපට තියෙන ලොකුම රෙස්පට් පෙන්වන එක. ඒ තමයි ගෑස්. ගෑස් කියලා කියන්නේ ලෙඩක් කියලා අපි නිකන් ගම්වල කතා වුණාට ගෑස් ලෙඩේට වඩා අපට වටිනාකම තිබුණෙ ගෑස් සිලින්ඩරේ. ඒත් දැන් නම් තේරෙනවා ගෑස් සිරිල්ඩරේ කියලා කියන්නේ බඩේ ගෑස්වලට වඩා දරුණු වේදනාවක් ගෙන දෙන ලෙඩක් කියලා. ඒ විදියට බලපුවාම ගෑස් කියන්නේ කොහොමත් ලෙඩක්. ගෑස්වල ගණන් වැඩි වුණේ හිතාගන්න බැරි විදියට. ගෑස් සිලින්ඩර් ලංකාවට ගෙන්වන සමාගම් දෙකට ඕනෙ විදියට මිල වැඩි වුණාද, නැත්නම් රජයට ඕනෙ විදියට මිල වැඩි වුණාද කියන එක අපට තේරෙන්නෙ නෑ. කොහොම නමුත් ගෑස් සිලින්ඩරේක මිල රුපියල් 1250කින් විතර වැඩි වුණා. මේ වැඩිවීම හරියටම 100%කට වඩා චුට්ටයි අඩු. රුපියල් 1,500ට තිබුණු එක දැන් රුපියල් 2,750යි. එතකොට මනුස්සයකුට දරාගන්න පුළුවන්ද බැරිද කියන එක ගැන කතා කරන්න දෙයක් නෑ. හාල්වලටත් වුණේ ඔය කතන්දරේම තමයි. ඩඩ්ලිගෙ මිලයි, මරඳගහමුල මිලයි, නාරාහේන්පිට මිලයි ඉදිරිපත් වෙනකොට පාරිභෝගික සේවා අධිකාරියයි, ලංකාවෙ රජයයි දාලා තිබුණු පාලන මිල හෙමීට අකුළා ගත්තා. එතකොට රතු කැකුළු ඇරුණාම වෙන කිසිම හාල් වර්ගයක් රුපියල් 100ට අඩුවෙන් ගන්න බෑ.

මේ විදියෙ තවත් ලොකුම ලොකු ප්‍රශ්නයක් ගැන ඔබ දන්නෙ නැතුව ඇති. ඒ තමයි කීරි සම්බා ප්‍රශ්නෙ. හෝටල් වහන්න වෙලා තියෙන්නෙ කියලා දවසක් හෝටල් හිමියෙක් මාත් එක්ක කිව්වා. හෝටල් වහන්න වෙලා තියෙන්නෙ ඇයි දන්නවද? හෝටලේ රයිස් හදන්න බැරි ප්‍රශ්නයක් හින්දා. සාමාන්‍යයෙන් රයිස් ඒ අය දුන්නෙ බාස්මතීවලින් නෙවෙයි. බාස්මතීවලින් රයිස් දුන්නොත් සාමාන්‍ය කෙනකුට කන්න වෙන්නෙ නෑ. ඒක නිසා මේගොල්ලෝ ඒකට විකල්පයක් විදියට කීරි සම්බා හදාගත්තා. කීරි සම්බා ගත්තෙ ‘මහත්තයො රුපියල් 160කට මම. ඒත් මරඳගහමුල කීරි සම්බා හොයාගන්න මට බැරි වුණා.’ මේ ලියන මොහොත වෙනකොට මරඳගහමුලින් කීරිසම්බා හොයාගන්න බැරිවෙන එකක් නෑ. ඒත් ලංකාවෙ දැන් කීරි සම්බා කියලා කියන්නේ කළුකඩ වෙළෙඳාමක් වෙලා. කීරි සම්බා කිලෝ එක රුපියල් 160 වෙනකොට, ගෑස් ගණන් වැඩි වෙනකොට, පොල්තෙල් ගණන් වැඩි වෙනකොට ළඟදිම දවසක තෙල් වැඩිවෙනවා නම් ඒකත් වුණාට පස්සේ ඒක කඩේ මුදලාලි දරාගන්නෙ නෑ. ඒක එන්නෙ අපිට. ඒ නිසා රුපියල් 250කට 300කට තිබ්බ රයිස් එක රුපියල් 500ක් 600ක් විතර වෙන්න ඉඩ තියෙනවා කියලා තමයි කියන්නේ. බනිස් ගෙඩිය රුපියල් 50ක් විතර වෙනවා. එහෙම වුණොත් බනිස් කන්න වෙන්නෙත් නෑ. ඒ විතරක් නෙවෙයි, ප්ලේන් ටී එකත් ගණන් වැඩි වෙනවලු. ප්ලේන් ටී එකක් සාමාන්‍යයෙන් රුපියල් 25ක් විතර වෙන්න ඉඩ තියෙනවා. ටී එකක් බොන්න හිතාගෙන හිටපු කෙනකුට ටී එක්ක කීයටවත් ගන්න බෑ. මොකද ටී කියන ජාතිය මේ වෙනකොට අපේ කඩවල හරියට දඩමස් හොයනවා වගේ වැඩක් වෙලා. ටී එකක් තියෙන කඩයක් කියලා කියන්නේ දැන් ඉතින් බොහොම ආඩම්බරෙන් කරගෙන යන්න පුළුවන් තැනක්. ටී, ප්ලේන් ටී දෙකම ගණන් යනවා වගේම ටී එකක් හොයාගන්නත් නැතිවෙන තරමට වැඩේ දැන් දරුණු වෙලා ඉවරයි.

ඉතින් මේ විදියට උනාට පස්සේ ලංකාවෙ කඩ කෙරුවාවෙන් ඇති වැඩක් තියෙනවද කියලා සමහර මුදලාලිලා අපිත් එක්ක කතා කරනවා. කඩ කෙරුවාව කෙසේ වෙතත් වැඩකෙරුවාවෙන් වැඩක් තියෙනවද කියලත් දැන් අපට හිතෙනවා. මොකද මෙහෙම වුණාට පස්සේ ජීවත් වෙන්න කාගෙවත් පඩි වැඩි වුණේ නෑ. ලංකාවෙ වැඩියෙන් සිද්ධ වුණේ වැඩ කරන ගොඩක් මිනිසුන්ගෙ පඩිය දෙකෙන් එකට, හතරෙන් තුනකට විතර අඩු වෙච්ච එක. එහෙම අඩුවෙලා අඩුවෙලා හිටපු මිනිසුන්ට තවදුරටත් රිදෙන්නෙ මේ මිල වැඩිකිරීම හින්දා. දැන් බේකරි නිෂ්පාදන ඔක්කොගෙම මිල වැඩිවෙනවා. ඒ වගේම ළඟදි දවසක තෙල් මිලත් වැඩි වෙනවා. තෙල් මිල වැඩි වුණාට පස්සේ ආයෙත් බේකරි නිෂ්පාදනවල මිල වැඩිවෙනවා. බේකරි නිෂ්පාදනවල මිල වැඩිවෙනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් තේ කඩේ තියෙන හැම දේකම වගේ මිල වැඩිවීම. ඊට පස්සේ පොල් තෙල්, බිත්තර, කුකුළු මස්වල මිලත් වැඩි වෙනවා. කුකුළු මස් කිලෝ එකක මිල තිබුණේ රුපියල් 500-600 අතර මිලකට. දැන් ඒක රුපියල් 700-800 දක්වා වැඩි වෙලා. මෙව්වා වෙන්නේ හොරෙන්ම. ඒවා අපි දන්නෙත් නෑ. ඒ වගේම නූඩ්ස්ල් වර්ගවල මිල හොඳටම වැඩිවෙලා. ඔන්න ඒත් එක්කම විදුලි බිලත් වැඩි කරනවා කියලා කතාවක් තියෙනවා. විදුලි බිලත් වැඩි වුණොත් එහෙම ඒකත් එන්නෙ ගෙදරටම තමයි.

මේ විදියට ජීවන මිල වැඩිවෙන්න ගත්තට පස්සේ සාමාන්‍යයෙන් ගෙදරක මාසෙකට වියදම් කරන මුදලට අමතරව තව රුපියල් 25,000ක විතර මුදලක් ඒකට එකතු වෙන්න ඕනෙ කියලා ඒ ගැන දන්න කියන අය කියනවා. ඒ 25,000 හොයන්නෙ කොහොමද? ඒක තමයි තියෙන ප්‍රශ්නෙ.

අන්තිමට මේං මේකයි නිගමනය. හාල් කඩේට ගියාම හාල් ගණන් ගිහිල්ලා. රතු කැකුළු සුදු කැකුළු මහ ගොඩක් වැඩිවෙලා නැති වුණාට, සම්බා හිතාගන්න බැරි විදියට වැඩි වෙලා. ඒ වගේම කීරි සම්බාවල මිල වැඩිවුණේ කොහොමද කියලවත් හිතාගන්න බැරි තරම් ප්‍රශ්නයක්. සමහර තැන්වල කීරි සම්බා කිලෝව රුපියල් 160 හෝ ඊටත් වැඩි තැනට පත්වෙලා තියෙනවා. ඊට පස්සේ තොග බඩු කඩේට ගියාම තේකොළ පැකට් එක, දත්බේත් එක, කිරිපිටි පැකට් එක මේ හැම දේම ගණන් වැඩි වෙලා. සාමාන්‍යයෙන් කිරිපිටි පැකට් රටවල හොයාගන්න තියෙන්නෙ ඉතා කලාතුරකින් වුණාට, මෝල්ටඩ් පිටි වර්ග ගණන් ඉහළ ගිහින් තියෙනවා. ඊට අමතරව සබන් මිල වැඩිවෙලා. සාමාන්‍ය පාන් රාත්තලක් දැන් රුපියල් 65යි. එතකොට බනිස් ගෙඩිය, මාළු පාන් ගෙඩිය මේ හැම එකම රුපියල් 5කින් 10කින් මිල වැඩිවෙලා. අන්තිමට කඩේ විකුණන්න තියෙන බත් එකත් ගණන් වැඩි වෙලා. පරිප්පුත් ටිකක් මිල වැඩියි. සීනි නම් 125යි. සීනිවල තොග මිල සහ සිල්ලර මිල අතර ප්‍රශ්නයක් තියෙනවා කියලා වෙළෙන්දො කියනවා. කොහොම හරි ගෑස් වැඩිවෙච්ච නිසා වැඩි වෙච්ච බඩු ටිකකුත් තියෙනවා. ඒ වගේම අයිස්ක්‍රීම්, යෝගට් වගේ නිෂ්පාදනවලත් මිල වැඩිවීමට නියමිතයි. මේ විදියට අරගත්තම බිස්කට් පැකට් එකක මිල වැඩි වෙන්නේ අපි නොදන්න විදියට. සාමාන්‍යයෙන් ග්‍රෑම් 100 බිස්කට් පැකට් එකක මිල දැන් රුපියල් 60-70 වගේ සාමාන්‍ය මට්ටමකට ඇවිල්ලා තියෙනවා. චොක්ලට් බිස්කට් වර්ගවල මිල ඊටත් වැඩියි. මේ විදියට අරගත්තම හැම දේකම වගේ මිල වැඩිවෙලා කියලා තමයි පේන්න තියෙන්නේ.

දැන් මේ මිල වැඩීම ස්ථිරයිද කියලා අපි හැමෝම හිතනවා. නෑ ඒක ස්ථිර නෑ. මොකද හේතුව තෙල් මිල වැඩිවීමත් එක්ක මේ මිල අනිවාර්යයෙන්ම තවත් වැඩිවෙනවාමයි. එතකොට තෙල් මිල වැඩීවීම ස්ථිරද? ඒක දන්නෙ නෑ. හැබැයි තෙල් මිල වැඩිවෙන්න යනවා කියලා කියනවා. කොහොම හරි තෙල් වැඩි වුණොත් හැම බඩුවකම මිල ආයෙත් වැඩිවෙනවා කියලා කඩේ ගියාම අපට දැනගන්න හම්බවුණා. මේ විදියට ලැයිස්තුවක් ලියන්න ගියොත් එහෙම විශාල ලැයිස්තුවක් ලියන්න සිද්ධ වෙනවා. ඒ අස්සේ සිමෙන්ති මිලත් වැඩි වෙලා. එහෙම ගත්තම වැඩිවුණු බඩුවල මිල ලියනවට වඩා වැඩි නොවුණු බඩුවල මිල ලියන එක ලේසියි කියලා අපට තේරුණා. මේවයෙ ගණන් හිලව් නොලිව්වෙ ඇයි කියලා කවුරු හරි අපෙන් ඇහුවොත් ඒකටත් දෙන්න තියෙන්නේ භයානක උත්තරයක්. ඒ තමයි හාල් කඩේ ඉඳන් බොහෝ කඩවල තමන්ගෙ බඩුවල මිල ගැන මේ මොහොතේ ලියන්න නිශ්චිත මිලක් කියාගන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ මොකද ලියන දවස වෙද්දි එක මිලක්, ඒක කියවන දවසෙදි තවත් මිලක්, ඒ අතර මැද්දෙදි මේ මිල වැඩිවෙනවා. ඉතින් මෙහෙම මිල වැඩිවෙනවා කියලා කියන්නේ මේ හැම දේම අමිලයි කියන එක. අමිල රටක මිල කරන්න බැරි ජීවිත ගතකරන අපි කොච්චර වාසනාවන්තයිද නේද? ඉතින් කඩේ නොයා ජීවත් වෙමු කොහොම හරි. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ඇමැති කියනවා තෙල් මිල වැඩිවෙනවා කියලා..! සභාපති කියනවා නෑ කියලා..! බලමු කව්ද බලවත් කියලා..!

Next Post

අවුරුදු 43ක් ගිය ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව අවසන්! ‌මාස 2කින් ගෝඨාගෙන් අලුත් ව්‍යවස්ථාවක්!

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.