ඉන්ධන මිල ඉහළ දැමීමට අපේක්ෂා නොකරන බවට රජය තමාට දැනුම් දී ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පැවැසීය.
මේ අනුව ඉන්ධන මිල ඉහළ දැමීමක් මේ මොහොතේදී සිදු නොවනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් තෙල් මිල ඉහළ නැංවිය යුතු බවට වූ යෝජනාවක් මේ වනවිට ආණ්ඩුවට ඉදිරිපත් කොට ඇත.










