• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති වාළුකාරාමයට ගිහින් කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ පිළිරුව විවෘත කරයි! PHOTOS I Sri Lanka Latest News

February 12, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
ජනපති වාළුකාරාමයට ගිහින් කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ පිළිරුව විවෘත කරයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොල්ලුපිටිය වාළුකාරාමය ඇතුළු පංච මහා විහාරාධිපති, විචිත්‍ර භාණක පූජ්‍ය මහරගම නන්ද නායක හිමිපාණන් වහන්සේගේ 70 වන ජන්ම දිනය නිමිත්තෙන් කොල්ලුපිටිය වාළුකාරාම විහාර මන්දිරයේ ප්‍රතිෂ්ඨාපනය කරන ලද කීර්ති ශ්‍රී රාජසිංහ නරේන්ද්‍රයන්ගේ ලෝහමය ප්‍රතිමාව නිරාවරණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) සිදුවිය. (Sri Lanka Latest News)

තායිලන්තයේ රාජකීය සඟරජ පරපුරේ ප්‍රාකෘ උඩොම් දම්මානුකුල් විබන්පෑව් නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ලුවම් පු සෘෂි කෙත් කැච් තාපසතුමා ඇතුළු තායිලන්ත දායක දායිකාවන්ගේ අනුග්‍රහයෙන් මෙම ලෝහමය ප්‍රතිමාව ඉදිකර තිබේ.

නාම පුවරුව විවෘත කර කීර්ති ශ්‍රී රාජසිංහ නරේන්ද්‍රයන්ගේ ලෝහමය ප්‍රතිමාව නිරාවරණය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

මෙයට සමගාමීව විහාර මන්දිරයේ ප්‍රතිෂ්ඨාපනය කර තිබූ පූජ්‍ය වැලිවිට සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේගේ පිළිරුව සහ සියම් දේශයේ උපාලි මහ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පිළිරුව නිරාවණය කිරීම පූජ්‍ය මහරගම නන්ද නා හිමිපාණන් වහන්සේගේ සහ රාජකීය සඟරජ පරපුරේ ප්‍රාකෘ උඩොම් දම්මානුකුල් විබන්පෑව් නාහිමිපාණන් වහන්සේගේ සුරතින් සිදු කෙරිණි.

අනතුරුව ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක මහෝපාධ්‍යාය පූජ්‍ය මල්වානේ පඤ්ඤාසාරාභිධාන මහා නායක හිමිපාණන් වහන්සේ විසින් රැස්ව සිටි පිරිස පංචශීලයෙහි පිහිටුවීමෙන් පසුව පූජ්‍ය මහරගම නන්ද නායක හිමිපාණන් වහන්සේ මහා සංඝරත්නය ඇතුළු ගිහි පැවිදි පිරිස පිළිගනිමින් අනුශාසනාවක් සිදු කළහ.

ශ්‍රී ලංකාවේ සහ තායිලන්තයේ බුදු දහම වෙනුවෙන් සිදුකළ සුවිශේෂී මෙහෙවර අගයමින් රාජකීය සඟරජ පරපුරේ ප්‍රාකෘ උඩොම් දම්මානුකුල් විබන්පෑව් නාහිමිපාණන් වහන්සේට සහ ලුවම් පු සෘෂි කෙත්කෑව් තාපසතුමා වෙනුවෙන් සහ මහාචාර්ය නුවන් කාවින්ද විජේසිංහ මහතා වෙත සමරු තිළිණ පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුවිය.

මෙහිදී ජනාධිපතිවරයා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.

ඓතිහාසික රත්මලාන පරමධම්මචේතිය පිරිවෙන් විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මාඉටිපේ විමලසාර, කටුනායක බෝධිරත්නාරාමාධිපති පූජ්‍ය අමන්දොළුවේ ධම්මරතන යන ස්වාමීන් වහන්සේලා ද, වාළුකාරාමාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී උඩවෙල කෝලිත ස්වාමීන් වහන්සේ ඇතුළු මෙරට සහ තායිලන්ත ස්වාමීන් වහන්සේලා ද, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, හිටපු අමාත්‍ය රවි කරුණානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩික්සන් ජේ. පෙරේරා යන මහත්වරු සහ විහාරස්ථ දායක සභාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

SendShareShare
Previous Post

විජාතිකයෝ රට ගිලගන්නවා! ඊට එරෙහිව පොදු වේදිකාවක් හදමු! විජේවීරගේ පුතා රෝහණ විජේවීරගෙන් ගිලිහුණු කොඩිය ගන්නද යන්නේ? VIDEO I Sri Lanka Latest News

Next Post

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ 2024න් පස්සේ! රනිල්ටයි පොහොට්ටුවටයි බලයේ ඉන්න පුළුවන් විදිහට ගේන්න යන විධායක ජනාධිපති ධූරය අහෝසි කරන ගේම් එකට අපි සහය දෙන්නේ නෑ! මේ යෝජනා ගේන රාජ්‍ය නොවන සංවිධාන බදු බර අඩුකරන්න කියලා කතා කළේ නෑ.. ගෙවල් ලක්ෂ 9ක විදුලිය කපච්චි වචනයක් කතා කළේ නෑ.. ළමයි හාමතේ ඉන්න එක ගැන වචනයක් කතා කළේ නෑ..! රට ලේ විලක් නොකොට ජනතාවගේ ප්‍රජාත්නත්‍රවාදී අයිතිය දෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.