• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ 2024න් පස්සේ! රනිල්ටයි පොහොට්ටුවටයි බලයේ ඉන්න පුළුවන් විදිහට ගේන්න යන විධායක ජනාධිපති ධූරය අහෝසි කරන ගේම් එකට අපි සහය දෙන්නේ නෑ! මේ යෝජනා ගේන රාජ්‍ය නොවන සංවිධාන බදු බර අඩුකරන්න කියලා කතා කළේ නෑ.. ගෙවල් ලක්ෂ 9ක විදුලිය කපච්චි වචනයක් කතා කළේ නෑ.. ළමයි හාමතේ ඉන්න එක ගැන වචනයක් කතා කළේ නෑ..! රට ලේ විලක් නොකොට ජනතාවගේ ප්‍රජාත්නත්‍රවාදී අයිතිය දෙන්න! VIDEO I Sri Lanka Latest News

February 12, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
පෙන්ෂන් නොදී පඩි නොදී තෙල්-ගෑස් නැව් පරක්කු කරන්න ලෑස්ති වෙන්න එපා! මේක මහා සාහසික ආණ්ඩුවක්! අපි වීදි බැහැලා කැරැලි ගහනවා! ජනපති මාධ්‍ය ඒකකය නිව්ස් ප්ලාන්ට් කරනවා! ඒවා පත්තරවල දාගන්නවා! ඊටපස්සේ උදේට පත්තර කියවන මල්ලිලා ලවා කියවනවා! කැලණියේ නයි නටවපු එවුන් වඳ ‌පෙති ගෙනාපු එවුන් ආයෙමත් මාධ්‍ය කුමන්ත්‍රණ කරනවා! ඒ මාධ්‍යයත් සාහසිකයි! රෙදි ගලවන් කඩේ ගිහින් ඉල්ලන් කන්න එපා! මරික්කාර් ආණ්ඩුවටයි මාධ්‍යයටයි දෙකටම අනතුරු අඟවයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රට තිබෙන තත්ත්වයෙන් ගොඩගැනීමට හැකි වන්නේ දක්ෂිණාංශික ආර්ථික රාමුවක් තුළ සිටිමින් ලෝකය සමඟ සම්බන්ධතා තිබෙන ලෝකය සමඟ ගණුදෙනු කිරීමට හැකි කණ්ඩායමකට පමණක් බවත් ජනතාව බලාපොරොත්තු වන්නේ එවැනි වැඩපිළිවෙළක් තිබෙන කණ්ඩායමක් බවත් ඒ වැඩපිළිවෙල තිබෙන්නේ සමගි ජන බලවේගය සතුව බව ජනතාව දන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවැසීය.Sri Lanka Latest News

අද (12) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් මරික්කාර් මහතා පැවැසුවේ , විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුත්තේ 2024 ජනාධිපතිවරණයෙන් පසුව බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ පොහොට්ටුවට බලයේ රැඳි සිටීමට හැකි ආකාරයට මැතිවරණය කල්දමන , විධායක ජනාධිපතිධූරය අහෝසි කරන වැඩපිළිවෙළට සමගි ජන බලවේගය සහය ලබාදෙන්නේ නැති බවත්ය.
‍
වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.එම් මරික්කාර් මහතා මෙසේ පැවැසීය.

  ‘‘2010 රට බේර ගත්ත නායකයා ඇතුළු කණ්ඩායම 2015 වෙද්දි රට විනාශ කරපු විදිහත් මතක ඇති. ඔවුන් රටේ සම්පත් මංකොල්ල කාලා රට අරාජික කරපු විදිහත් මතක ඇති. 2019  දී රට බේරගන්න පඹයෙක් වීරයෙක් කරලා ගෙනාවා. ඒ මනුස්සයා රට බංකොලොත් කරලා ගියා.  තව කෙනෙක් කියනවා ඔහු ආවේ රටේ ආර්ථිකය හදන්න කියලා. ඔහු රටේ ආර්ථිකය හදපු විදිහ තමයි මේ.  මහබැංකු මුල්‍ය වාර්තාවල සඳහන් වෙනවා 2022 මුල් මාස 11 රාජ්‍ය වියදම බිලියන 3411 ක් කියලා. 2023 මුල් මාස 11 රාජ්‍ය වියදම බිලියන 4792 යි. බිලියන 1381 කින් වියදම රටේ වැඩි කරලා තිබෙනවා.  මේක තමයි රටේ ආර්ථිකය හදන්න ආපු නායකයා කරලා තිබෙන්නේ.  පුණරාවර්තන වියදම විතරක් බිලියන 1375 ක් ගෙවලා තිබෙනවා. ණය ප්‍රාග්ධනය ගෙවන්නේ නැතිව වියදම වැඩිකරලා තිබෙන ආකාරය තමයි මෙයින් පේන්නේ. බදු වැඩි කරලා බිලියන 8051 කින් රාජ්‍ය ආදායමත් වැඩි කරගෙන තිබෙනවා.   2022 සැප්තැම්බර් මාසයේ 31 වැනිදා වනවිට රජයේ සමස්ථ ණය බර බිලියන 249 යි. 2023 ඔක්තොම්බර් මාසයේ 31 වැනිදා වනවිට බිලියන 288 කින් ණය බර වැඩි වෙලා තිබෙනවා. දවසක රජයේ වියදම සහ ආදායම අතර පරතරය බිලියන 7 යි.  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධූරයේ ඉන්න ඉන්න රටේ වියදම වැඩි වෙනවා. ණය බර තාවයත් වැඩි වෙනවා.  

ආර්ථිකය පිළිබඳව වගේම සමාජය පිළිබඳව දැක්මක් ඇති ජාත්‍යන්තරය සමඟ සම්බන්ධතා ඇති විවිධ ක්ශ්‍රේත්‍රවල දක්ෂතා ඇති කණ්ඩායමකට විතරයි රට ගොඩගන්න පුලුවන් වෙන්නේ. දක්ෂිණාංශික ආර්ථික රාමුවක් තුළ සිටිමින් ලෝකය සමඟ සම්බන්ධතා තිබෙන ලෝකය සමඟ ගණුදෙනු කරන්න පුළුවන් කණ්ඩායමකට විතරයි රට තිබෙන තත්ත්වයෙන් ගොඩ ගන්න පුලුවන්. ජනතාවට අවශ්‍ය වන්නේ වැඩපිළිවෙළක්. ඒ වැඩපිළිවෙල තිබෙන්නේ සමගි ජන බලවේගය සතුව බව ජනතාව දන්නවා.

රාජ්‍ය ආදායම කියන්නේ බදු විතරක් නෙවෙයි. රටේ තිබෙන බදු බර අඩු කරන්න රාජ්‍ය ආදායම වැඩි කළ යුතුයි. රාජ්‍ය ආදායම වැඩි කරන්න සෘජු විදේශ ආයෝජන ගේන්න පුලුවන් වෙන්න ඕන. සෘජු විදේශ ආයෝජන ගේන්න නම් වංචාව දූෂණය නාස්තිය නැති කරන්න ඕන. ආයෝජකයන්ට මිත්‍රශීලි පරිසරයක් නිර්මාණය කරන්න ඕන. රටේ අපනයනය වැඩි කළ යුතුයි. තේ පොල් රබර් වලින් යැපුණ අපනයන ආර්ථිකය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇඟුලුම් කර්මාන්ත ඇති කරලා දියුණු කළා. ඒ හරහා ඩොලර් බිලියන 13 ක් රටේ ආර්ථිකයට එකතු වුණා. අවුරුද්දකට ඩොලර් බිලියන 10 කවත් ආදායමක් එකතු කරන්න පුලුවන් මට්ටමට රටේ ආර්ථිකය පුළුල් කරන්න ඕන. එසේ කිරිමේන් අධික බදු බර අඩු කිරිමට හැකියාව ලැබෙනවා. ණය ගෙවීමේ හැකියාවත් ඒ හරහා වර්ධනය වෙනවා. තවදුරටත් ණය ගෙවන්න ණය ගත්තොත් රට තවත් පහළට ඇඳ වැටෙනවා.

ජනාධිපතිවරයා පරදින්න ඡන්දය ඉල්ලන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ දෙවතාවක් පැරදුවා. 2010 දී ජනාධිපතිවරණයට වෙනත් අශ්වයෙක් ගෙනත් දැම්මා. 2015 දීත් ජනාධිපතිවරණයට වෙනත් අශ්වයෙක් ගෙනත් දැම්මා.
මේ පාර ජනාධිපතිධුරය රනිල් වික්‍රමසිංහට හමුවුණේ පිනට. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහජනතාව සිටින රැස්වීම් වලට යන්නේ නෑ. ඔහු යන්නේ රාජ්‍ය නිලධාරින් සිටින උත්සහ වලට. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහජන රැලිවලට යන්න බයයි.‘‘

විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුත්තේ 2024 ජනාධිපතිවරණයෙන් පසුව

‘‘විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතුයි. නමුත් විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුත්තේ 2024 ජනාධිපතිවරණයෙන් පසුව. රනිල් වික්‍රමසිංහට සහ පොහොට්ටුවට බලයේ රැඳි සිටින්න පුළුවන් ආකාරයට මැතිවරණය කල්දාන්න විධායක ජනාධිපතිධූරය අහෝසි කරන වැඩපිළිවෙළට සමගි ජන බලවේගය සහය ලබාදෙන්නේ නෑ. රාජ්‍ය නොවන සංවිධාන විධායක ජනාධිපතිධූරය ගැන කතා කරනවා. නමුත් ඔවුන් බදු බර අඩුකරන්න කියලා කතා කළේ නෑ , ගෙවල් ලක්ෂ 9 විදුලිය විසන්දි කරන අවස්ථාවේ වචනයක් කතා කළේ නෑ. ළමයි හාමතේ ඉන්න එක ගැන වචනයක් කතා කළේ නෑ. විධායක ජනාධිපතිධුරය අහොස් කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබිය යුතුයි. නමුත් පාර්ලිමේන්තුවට තුනෙන් දෙකක බලයක් නෑ. රට ලේ විලක් වන අර්බුදය වළක්වා ගන්න ජනාතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතයට අවස්ථාව ලබාදෙන්න. ඒ අවස්ථාව ලබාදීලා ජනතාව තින්දු කරන ආකාරයට තීන්දු ගන්න පුලුවන්.‘‘

ජනතා විමුක්ති පෙරමුණ උත්සහ කරන්නේ
ප්‍රධාන විපක්ෂය වෙන්න

‘‘ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ කතා කරලා 1971 කැරැල්ලක් ආරම්භ කරලා රටේ තරුණ පිරිසෙන් විශාල ප්‍රමාණයක් මරා දමලා , රටේ සිටි ආයෝජකයින්ව පන්නා දමා. අයෝජකයනිගෙන් කප්පම් අරගෙන දෙස් විදෙස් ආයෝජකයින්ට බාධා කරමින් සිටින කණ්ඩායමක් ඉන්දියාවේ ආයෝජකයෝ හමුවෙන්න යාම පිිළිබඳව සතුටුයි. රටේ තරුණ ප්‍රජාවගේ අනාගතය නැති කළ කණ්ඩායමක් තමයි ඉන්දියාවට ගියේ. ජනතා විමුක්ති පෙරමුණ 2001 දී යළි පුබුදම ශ්‍රී ලංකා වැඩසටහනට කෝටි 45000 ක ආයෝජන ගෙනාපු පිරිස හරවා යවපු නිසා රාජ්‍ය ආතායන ප්‍රතිව්‍යුහගත කරණයට විරුද්ධ වුණ නිසා රටේ ආර්ථිකය බංකොලොත්වීමට එය හේතුවක් වෙලා තිබෙනවා. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරලා යළි පුබුදම ශ්‍රී ලංකා වැඩසටහනට ක්‍රියාත්මක කරලා තිබුණානම් අද ලංකාවේ ආර්ථික මට්ටම ඉහළ ගිහිල්ලා. ඉන්දියානු ආයෝජන වලින් ලැබෙන ප්‍රයෝජන , ආයෝජකයන් සමඟ එකතුවීමෙන් ලැබෙන ලාභ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ ඉගෙන ගනිමින් සිටිනවා. ජනතා විමුක්ති පෙරමුණ උත්සහ කරන්නේ
ප්‍රධාන විපක්ෂය වෙන්න. ‘‘

SendShareShare
Previous Post

ජනපති වාළුකාරාමයට ගිහින් කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ පිළිරුව විවෘත කරයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

FCID හිටපු ලොක්කා රවි වෛද්‍යලංකාර ක්‍රිෂ් සමාගමෙන් අල්ලස් ගත් හැටි වසන්ත සමරසිංහ එළියට දමයි! දාපු පැමිණිලි අල්ලගෙන නාමල්වයි-ක්‍රිෂ් සමාගමයි බේරන්න එයා වෙනම ගේමක් ගැහුවා! අද වෛද්‍යලංකාර ක්‍රිෂ් සමාගමේම ඩිරෙක්ටර් කෙනෙක්! පඩිය ලක්ෂ 14ක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.