මිනුවන්ගොඩ වෙළෙඳ ව්‍යාපාරිකයන්ගෙන් මාස 4ක් පුරා විදේශයේ පදිංචිව සිටින මැර කණ්ඩායමක් කප්පම් ගන්නා බවත් මේ නිසා මිනුවන්ගොඩ ව්‍යාපාරිකයන් ප්‍රදේශය අතහැර යාමේ තත්ත්වයක් උදා වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය.
එබැවින් රජය මේ ව්‍යාපාරිකයන් ආරක්ෂා කළ යුතු බවත් සෑම මසකම ලක්ෂ ගණනින් කප්පම් ගෙවන නිසා මේ තත්ත්වය ජාතික ආරක්ෂාව ලෙස සලකා ආරක්ෂක අංශ උපයෝගී කර ගෙන මැඩපැවැත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.










