යුරෝපා කොමිසම මගින් ලංකාවට ලබා දී ඇති ජී.එස්.පී. ප්ලස් බදු සහනය තවදුරටත් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජා වටයක් ආණ්ඩුවේ ඉහළ පෙළේ නියෝජිතයන් අතර පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඒ අනුව යුරෝපා කොමිසම මගින් දැනුම් දී ඇති කොන්දේසි සම්බන්ධයෙන් ආණ්ඩුව අවධානය යොමු කිරීමට නියමිත බව දැනගන්නට ඇත.
විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කිරීමට යෝජනා වී ඇති බව දැනගන්නට තිබේ.
මෙම සාකච්ජාවලදී ගනු ලබන තීන්දුව සති 2ක් ඇතුළත යුරෝපා කොමිසමට ලබා දීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවද වාර්තා වේ.
යුරෝපා කොමිසම කාලයක් පුරා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙසට ආණ්ඩුවට දැනුම් දී තිබුණි.










