• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශිරන්ති රෑට රෑට දැක්ක දේවල්! අදෘශ්‍යමාන බලපෑම් එලවන්න කරපු මහා යාගය! මහ රැජිනගෙ සුදු පිළිරුව උස්සන් ගිය හැටි! ජනාධිපති මැඳුරෙයි අරලියගහ මැඳුරෙයි මොකක්ද මේ අපලය? Sri Lanka Latest News

February 15, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ශිරන්ති රෑට රෑට දැක්ක දේවල්! අදෘශ්‍යමාන බලපෑම් එලවන්න කරපු මහා යාගය! මහ රැජිනගෙ සුදු පිළිරුව උස්සන් ගිය හැටි! ජනාධිපති මැඳුරෙයි අරලියගහ මැඳුරෙයි මොකක්ද මේ අපලය? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සුමනදාස අබේගුණවර්ධන කියූ සැණින් අපේ මතකයට එන්නේ ‘රාජකීය දෛවඥයා’ කියන විශේෂණ පදය. ඊට හේතුව වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ සියලු ජ්‍යොතිෂ කටයුතු ඔහුගේ අතින් සිදුවීමයි. මැතිවරණයකට නාමයෝජනා භාරදීමේ පටන්, රාජපක්ෂ පවුලේ මුණුබුරන්ට රන්කිරි කටගාන නැකැත දක්වා සියලු සුබ මුහුර්තයන් සාදාදුන් මේ සුවිශේෂ ජ්‍යොතිෂවේදියා මේ දිනවල ගතකරන්නේ තරමක් නිහඬ ජීවිතයක්. සමාජ මාධ්‍ය අද තරම් ප්‍රචලිතව නොතිබූ මීට වසර 15කට පමණ ඉහතදී ජාතික රූපවාහිනිය ඇතුළු ප්‍රධාන රූපවාහිනී නාලිකා රාශියක නිරන්තර දක්නට ලැබුණු සුමනදාස අබේගුණවර්ධන අද වන විට එම විද්‍යුත් නාලිකාවල දකින්නට නොලැබෙන තරම්. එවන් පසුබිමක එම නිහඬතාව බිඳිමින් Mee Massoo TV යූටියුබ් නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් සිය ජ්‍යොතිෂ ජීවිතය සම්බන්ධයෙන් සහ මෙරට ප්‍රකට දේශපාලනඥයන් රැසකගේ ජ්‍යොතිෂ කටයුතු පිළිබඳ අප්‍රකට තොරතුරු රැසක් හෙළිකිරීමට අබේගුණවර්ධන මහතා කටයුතු කර තිබුණා. පහත පළවන්නේ Mee Massoo TV යූටියුබ් නාලිකාවෙන් උපුටා ගත් එම සම්මුඛ සාකච්ඡාවේ කොටසකි. Sri Lanka Latest News

ඔබතුමා ජ්‍යොතිෂයට යොමුවුණු ආකාරය ගැන මුලින්ම දැනගන්න කැමැතියි?
මගේ පියාගේ මේසේ උඩ නිතරම තිබුණේ ඈපා පඤ්චාංග ලිත් තමයි. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට ජ්‍යොතිෂය බොහොම බලපානවා. ගොවිතැන් කරන අය වී දියේ දාන්නෙත් කුඹුරු වපුරන්නෙත්, කුඹුරු කොටන්නෙත්, අස්වැන්න මනින්නෙත් සුබ වෙලාවකට. ඉතින් පියා මට අවුරුදු 14දී වගේ වයසෙදී නැකතක් හදාගන්න හැටි කියලා දුන්නා. ඒ වගේම ඒ කාලේ හිටපු ජ්‍යොතිෂවේදීන් කිහිප දෙනෙක් ගෙදරට ගෙන්වාගෙන ජ්‍යොතිෂය ඉගෙන ගන්නත් මම උත්සාහයක් දැරුවා. ඉන් පස්සේ ඉන්දියාවට ගිහින් ජ්‍යොතිෂය හැදෑරුවා. එම්.සී.ජී. රාමන් මහත්තයා තමයි මගේ ගුරුතුමා වුණේ. 1994 මැතිවරණය වෙලාවේ ‘ඉරහඳ’ පුවත්පතට මම රාමන් මහත්තයා සමග ලිපියක් ලිව්වා. චන්ද්‍රිකා මැතිනිය අනිවාර්යයෙන්ම ඒ මැතිවරණයෙන් ජයග්‍රහණය කරලා අගමැතිනිය බවට පත්වෙනවා සහ ඒ වසර අවසානය වීමට පෙර එතුමිය රටේ රාජ්‍ය නායිකාව බවටත් පත්වෙනවා කියලා. ඒ අනාවැකිය සාර්ථක වුණා. එදා ඉඳලා 2015 වෙනතුරුම මම දේශපාලනය සම්බන්ධයෙන් අනාවැකි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම 2008 නොවැම්බර් 04 වැනිදා පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණය සම්බන්ධයෙනුත් මම අනාවැකියක් ඉදිරිපත් කළා. බැරැක් ඔබාමා ජයග්‍රහණය කරන බවට. නමුත් ඒ වෙලාවේ මහින්ද මහත්තයා ඇතුළු තවත් බොහෝ දෙනෙක් කිව්වා මට ඒ අනාවැකිය කියන්න එපා කියලා. මොකද ඔබාමා කළු ජාතිකයෙක්. ඔහුට ජයග්‍රහණය කිරීම අමාරුයි කියලා තමයි හැමෝම කිව්වේ. ඒ වුණාට සිංහ ලග්නයෙන් හොනලුලු දූපතේ උපන් ඔබාමා ජයග්‍රහණය කරන බවට මට ලොකු විශ්වාසයක් තිබුණා. ඒ අනුව මම ඒ අනාවැකිය ‘සම්පත’ පුවත්පතෙනුත්, ‘සිළුමිණ’ පුවත්පතෙනුත් ප්‍රකාශ කළා. ඒ කාලේ මම ඉන්දියාව ඇතුළු ලෝකයේ රටවල් රැසක සංචාරය කළා. හොඳ ආදායමක් ලැබුවා ජ්‍යොතිෂ කටයුතුවලින්.

ඔබතුමා කොහොමද මහින්ද රාජපක්ෂ මහතාගේ රාජකීය දෛවඥයා බවට පත්වෙන්නේ?
ඒක ලොකු කතාවක්. මගේ තාත්තා වයෝවෘද්ධ කාලේ හැම සෙනසුරාදාම මම ඔහුව නාවනවා. දවසක් මම තාත්තාව නාවන ගමන් ඇහුවා දහනායක මහත්තයා දකුණෙන් අගමැති වුණා, ඊළඟට කවුද රටේ අගමැති වෙන්නේ කියලා. තාත්තා කිව්වා ඩී.ඒ.ගේ තුන්වැනි දරුවා කියලා. ඒ කතාව මම තදින්ම ඔළුවේ තියාගත්තා. ඊට පස්සේ 1982දී මම මහින්ද මහත්තයව මුණගැහෙන්න ගියා. ගිහින් මම එතුමාට කිව්වා මගේ තාත්තා කියනවා ඔබතුමා රටේ ජනාධිපති වෙනවා කියලා. එතුමා මට කිව්වා මම කොහොමද ජනාධිපති වෙන්නේ අනුර බණ්ඩාරනායක ඉන්නැද්දී කියලා. මම කිව්වා මගේ තාත්තා ආවාට ගියාට අනාවැකි කියන්නේ නෑ, අපි බලමුකො ඉදිරියේදී කියලා. තාත්තාගේ ඒ අනාවැකියත් හිතේ තියාගෙන මම ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මැතිවරණ කටයුතුවලට උදව් කළා. මගේ තිබුණු වාහන තුනක් අරගෙන ගිහින් ඒ වැඩවලට සහාය දුන්නා.

ඔබතුමා මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් සහාය දුන්නේ කොයි ආකාරයටද?
එතුමා විපක්ෂ නායක වුණේ 2001 දෙසැම්බර් 05 වැනිදා මැතිවරණයෙන්. ඒ මැතිවරණයෙන් රනිල් අගමැති වුණා. 2004 අප්‍රේල් 02 වැනිදා මැතිවරණයෙන් අනුර බණ්ඩාරනායක ගම්පහෙන් දෙවැනි තැනට ආවාට, මහින්ද මහත්තයා හම්බන්තොටින් පළමු තැනට ආවා. චන්ද්‍රිකා මැතිනිය අගමැතිකම දෙන්න හිටියේ මහින්ද මහත්තයට නෙවෙයි, කදිරගාමර් මහත්තය වගේ කෙනකුට. කොහොම හරි අගමැතිකම එතුමාට ලැබුණා. ඊට පස්සේ 2005 ජනාධිපතිවරණ අපේක්ෂකමත් එතුමාට ලැබුණා. චන්ද්‍රිකා මැතිනිය හිතුවේ නෑ මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරයි කියලා. මොකද ඒක අමාරුම අභියෝගයක් ඒ වෙලාවේ. ඒ නිසා අපි බොහොම උපක්‍රමශීලීව කටයුතු කළා. අවසානයේ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය වුණේ 2005 නොවැම්බර් 17. ඒ කියන්නේ එතුමාගේ උපන්දිනය දවස. ඒක බොහොම දුර්ලභ සිදුවීමක්. නාමයෝජනා දීමේ ඉඳලා සියලු කටයුතු කළේ මගේ නැකැත්වලට අනුව.

එදා ඡන්දේ දවසේ එතුමා මට පාන්දර 2ට විතර දුරකතන ඇමතුමක් දුන්නා. මම ගාල්ලේ ඉඳන් ඡන්දේ අහනවා. එතුමා කොළඹ ඉඳන් ඡන්දේ අහනවා. එතුමා මට කතා කරලා ඇහුවා ‘අපි පරාද වෙන්න නේද යන්නේ?’ කියලා. මම කිව්වා ‘පිස්සුද සර්, සර් අනිවාර්යයෙන්ම දිනනවා’ කියලා. කිව්වා වගේම එතුමා මේ රටේ 05 වැනි විධායක ජනාධිපති හැටියට දිවුරුම් දුන්නා. ඒ වෙලාවේ අපිට ලොකු ප්‍රශ්න ආවා. මහින්ද මහත්තයට ඒ තීරණාත්මක මැතිවරණයේදී මිනිස්සු ඡන්දේ දුන්නේ යුද්ධය අවසන් කරගැනීමේ බලාපොරොත්තුවෙන්. ඒ වෙලාවේ ජේ.වී.පී. එක තැන්තම් අපිට ජයග්‍රහණය කරන්න අමාරු තත්ත්වයක් තිබුණේ. ඒ වෙලාවේ ජේ.වී.පී. එකෙන් ලැබුණු සහාය හරිම ඉහළයි.

මහින්ද රාජපක්ෂ මහත්තයා අරලියගහ මන්දිරයේ පදිංචියට යද්දී ඒ වෙනුවෙන් ඔබතුමා නැකැත් හැදුවද?
ඔව්. ඒ කාලේ එතැන යම් දෝෂසහගත තත්ත්වයන් තිබුණා. ඒ ඉඩමේ මුලින් තිබිලා තියෙන්නේ ස්කාගාරයක්. ඉන් පස්සේ විවිධ කටයුතු සඳහා යොදාගෙන තියෙනවා. ඒ ඉඩම අක්කර 6යි පර්චස් 20ක් විශාලයි. ඉතින් මේක අවුරුදු 200ක් විතර පරණ ගොඩනැගිල්ලක්නේ. ශිරන්ති රාජපක්ෂ මහත්මියත් යම් යම් දේවල් දැකලා තියෙනවා. ඒ කියන්නේ අදෘශ්‍යමාන බලපෑම් සම්බන්ධ දේවල්. මම ඒ සියලු දේ දුරුවෙලා යන විදියට කටයුතු කළා.

ඊට පස්සේ එතුමා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරලා ජනාධිපති මන්දිරයේ පදිංචියට යන්න සූදානම් වුණා. එතැන ප්‍රධාන දොරටුව ඉස්සරහින් තියෙන්නේ එංගලන්ත මහ රැජිනගේ ආච්චි කෙනෙක්ගේ ප්‍රතිමාවක්. ඒක කිරිගරුඬෙන් තමයි හදලා තිබුණේ. අඩි 10ක් විතර උසයි. මහින්ද මහත්තයා මගෙන් ඇහුවා මේක මෙතැනට ගැළපෙන්නේ නෑ නේද කියලා. මමත් ඒක නොගැළපෙන බව තේරුම් අරගෙන හිටියේ. ඒ අනුව අපි ඒක එතැනින් ඉවත් කරන්න කටයුතු කළා. පස්සේ එතැනින් බුදු පිළිමයක් තැන්පත් කරන්න පියවර ගත්තා. අනතුරුව ජනාධිපති ලෙස දිවුරුම් දීලා මාස 8කුත් දවස් 2කකට පස්සේ එතුමා ජනාධිපති මන්දිරයේ පදිංචියට ගියා. ඒ දවස තමයි ජූලි 21 වැනිදා. එදා කිරි උතුරවන්න ලෑස්ති වෙද්දී එක පාරටම මහින්ද මහත්තයාගේ මූණ වෙනස් වුණා. මට ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් මම එතුමාගෙන් ඇහුවා ‘ඇයි සර්’ කියලා. එතුමා මට කිව්වා ඊයේ මාවිල්ආරුවලට කොටි පහරදීලා කියලා. මම ඊට පස්සේ එතුමාගේ හිත හැදුවා. එතුමාට යුද්ධය ජයග්‍රහණය කරන්න පුළුවන් බව මම එතුමාට ඒත්තු ගැන්නුවා. ඊට පස්සේ තමයි එතුමාගේ හිත හරිගියේ.

ඒ වගේම යුද්ධය පැවැති කාලයේ හැමදාම පාන්දර 5 වෙද්දී මම මහින්ද මහත්තයට කෝල් එකක් දෙනවා. එතුමා යෝග කරමින් හිටියත්, ව්‍යායාම කරමින් හිටියත්, මොන රාජකාරියක නිරත වෙලා හිටියත් මගේ කෝල් එකට අනිවාර්යයෙන් උත්තර දෙනවා. මම කතා කරලා එතුමාට කියන්නේ ‘ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ඔතුමාට මේ යුද්ධය නිට්ටාවටම අවසන් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ’ කියලයි. ඉතින් ඒ ශක්තියත් එතුමාට ආශීර්වාදයක් වුණා යුද්ධය ජයග්‍රහණය කරන්න.
රාජකීය දෛවඥයා කියන්නේ ජනාධිපතිතුමාගේ ළඟම ඉන්න කෙනෙක්. ඇමැති කෙනකුට වඩා එතුමා මට සමීපයි. ඒ හිතවත්කම් පාවිච්චි කරලා මට ඕනෑ තරම් වාසි ප්‍රයෝජන ගන්න තිබුණා. නමුත් මම කිසිම දෙයක් අරගත්තේ නෑ. මගේ දරුවන්ව පිටරට යවලා ඉගැන්නුවේ මම උපයපු මුදල්වලින්. වාහන පර්මිට් එකක් දෙන්න හැදුවා. මම ඒකත් ගත්තේ නෑ. මගේ දුවෙක් තුර්කියේ තානාපති සේවයට යවන්න හැදුවා. මම ඒකත් ගත්තේ නෑ. ඉඳුරුව පැත්තේ සංචාරක කලාපයේ හෝටලයක් දාන්නත් මට අවස්ථාව තිබුණා. නමුත් ඒ එකක්වත් මම ගත්තේ නෑ. අඩුම තරමේ මට තිබුණු ආරක්ෂාව පවා මම පෞද්ගලිකව පඩි ගෙවලා තමයි තියාගෙන හිටියේ. ඒ වගේම අපේ ගෙදර අතීතයේ ඉඳලම අලි හිටියා. මට අලි භාෂාවත් හොඳට පුළුවන්. ඒ දවස්වල අලි 30ක් විතර එක එක අයට බෙදලා දුන්නා. මන්ත්‍රීවරුන්ට, හාමුදුරුවරුන්ට, කලාකරුවන්ට එහෙම. නමුත් මම ගත්තේ නෑ. ඒ වගේ ලාභ ප්‍රයෝජන මම නොගත්ත නිසා අදත් මම ඉතාම සතුටින් ජීවත් වෙනවා.

Mee Massoo TV යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

සොයිසා විතරද? ඇයි විජයට බයද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුසුකම් පෙන්නන්න කියලා හතරඅතේ වැළලෙන්න ගියා! ඒ මිනිහට මඩ ගැහුවා! අවුරුදු ගාණක් අපහාස උපහාස කළා! අන්තිමට අභියෝග කළා! ඔහු සියල්ල රටට පෙන්නුවා! මෙන්න දැන් මාලිමාවේ අය කියනවා අධ්‍යාපන සුදුසුකම් කාටවත් පෙන්නන්න ඕනෙ නැතිලු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.