දෙමළ සිරකරුවන් නිදහස් කිරීඹ ජනාධිපතිවරයා විසින් ආරම්භ කොට ඇති බව තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අනාවරණය කළේය.
මේ වනවිට හිටපු එල්.ටී.ටී.ඊ සැකකරුවන් 16 දෙනකු නිදහස් කොට ඇති බවත්, ඉදිරියේදී නොදැනුවත්කමින් සිරගතව සිටින දමිල තරුණයන්ට නිදහස ලබා දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා සමග සාකච්ජා කරමින් පවතින බවත් ඒ මහතා කියා සිටියේය.










