ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා පත් කිරීමට කටයුතු කොට ඇති බවට වූ ලිපියක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.
ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම අනුමත කොට ඇති බව ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කියන මේ නිවේදනයේ දැක්වේ.
ඒ අනුව එම පත් කිරීමට අවශ්‍ය කටයුතු කරන සිදුකරනු ලෙසද ජනාධිපති ලේකම්වරයා විසින් දැනුම් දී ඇතැයිද සදහන්ය.











