ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා ළමා ආරක්ෂක අධීකාරියේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වසර 3ක කාලයක් සඳහා අදාළ පත්කිරිම සිදු කරනු ලැබ ඇත.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ, අදාළ පත්වීම 2021 ජූලි මස 21 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇති බවය.
ඒ අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැනට දරන තනතුරුවලට අමතරව ජාතික ළමා ආරක්ෂක අධීකාරියේ අධ්‍යයක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කිරීමට නියමිතය.










