• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල් ටුවරිසම්වලට අත තියයි!

July 30, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
බැසිල් ටුවරිසම්වලට අත තියයි!
Share on WhatsAppShare on Facebook

ඇති වී තිබෙන ලෝක වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් අඛණ්ඩව ලබා දෙමින් සංචාරක කර්මාන්තය හා ඒ ආශ්‍රිත ක්ෂේත්‍රවල වර්ධනයට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ අංශ සමග අද (30) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. මෙම සාකච්ඡාව සඳහා සංචාරක හෝටල් හිමියෝ, ගුවන් සමාගම් නියෝජිතයෝ සහ සංචාරක නියෝජිත ආයතන නියෝජනය කරමින් පිරිසක් සහභාගී වූහ.

සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ දී සංචාරක හෝටල් හිමියන්, ගුවන් සමාගම් සහ සංචාරක නියෝජිත ආයතන මුහණ දෙන ගැටලු සම්බන්ධව එම ක්ෂේත්‍රවල නියෝජිතයෝ මෙහි දී අමාත්‍යවරයා දැනුවත් කළහ. හඳුනාගත් ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ අදාළ ක්ෂේත්‍රවල නියෝජිතයන් සමග වෙන් වෙන් ව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙහි දී අදහස් දැක් වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ඉලක්ක ගත වැඩපිළිවෙළක් යටතේ සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පහසුකම් සැපයීමට රජය නොපැකිළ ව කටයුතු කරන බවයි. පසුගිය යුධ සමයේ දී ද සංචාරක කර්මාන්තයේ යම් බිඳ වැටීමක් ඇති වූ අවස්ථාවේ දී එම අභියෝග ජයගැනීමට කටයුතු කළ ආකාරය සිහිපත් කළ අමාත්‍යවරයා, පවතින තත්ත්වය ද කෙටි කාලයක් තුළ මග හරවා ගැනීමට හැකි වන බවට විශ්වාස පළ කළේ ය.

මෙරට කොවිඩ් වසංගත තත්ත්වය සහ එන්නත්කරණ වැඩපිළිවෙළ සම්බන්ධ ප්‍රගතිය පිළිබඳ ව සෙසු රටවල් දැනුවත් කිරීමට කටයුතු කරන අතර වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට සංචරණ සීමා පනවා ඇති රටවල් සමග එම සීමා ලිහිල් කර ගැනීමට වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කිරීමට කටයුතු කරන බව ද බැසිල් රාජපක්ෂ මහතා මෙහි දී සඳහන් කළේ ය. එහි දී කොවිඩ් වසංගත තත්ත්වය සහ එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් තොරතුරු නිකුත් කිරීමේ දී අදාළ අංශ ඒකාබද්ධ වැඩපිළි‍වෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහි දී අවධාරණය කෙරිණි.

කොවිඩි වසංගත තතත්ත්වයත් සමග මෙරට ක්ෂේත්‍ර ගණනාවක යම් පසුබැසීමක් ඇති වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා පසුගිය කාල සීමාව තුළ අඛණ්ඩව ක්‍රියාත්මක කළ වැඩසටහන් හේතුවෙන් මාස කිහිපයක් තුළ මෙරට අපනයන ආදායම් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ලෙස වර්ධනයක් ළගා කර ගැනීමට හැකි වී ඇති බව ද පෙන්වා දුන්නේ ය. එසේ ම සංචාරක ක්ෂේත්‍රය ද කඩිනමින් යථා තත්ත්වයට පත් කොට විදේශ විනිමය උපයන මට්ටමට පත් කිරීමේ අවශ්‍යතාව ද හෙතෙම අවධාරණය කළේ ය.

මෙහි දී අදහස් දැක් වූ සංචාරක හෝටල් සංගමයේ නියෝජිතයන් සඳහන් කළේ වසංගත තත්ත්වය හමුවේ රජය විසින් කොවිඩ් පුනරුද සහන යෝජනා ක්‍රමය යටතේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් සිදු කළ කාර්යභාරය ප්‍රශංසනීය බවත්, ඉදිරි ඉලක්ක සපුරා ගැනීම සඳහා රජයේ වැඩපිළිවෙළට සහය ලබා දීමට තමන් සූදානම් බවත් ය.

වසංගත තත්ත්වය හමුවේ සංචාරක කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා ලෝකයේ බොහෝ රටවල් විවිධ සහන පැකේජ හඳුන්වා දී ඇති අතර ඒවා අධ්‍යයනය කර තරගකාරී ලෙස සංචාරක ආකර්ෂණය ඇති වන පරිදි සහන පැකේජ හඳුන්වා දීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව ද මුදල් අමාත්‍යවරයා මෙහි දී වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය.

පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රසන්න රණතුංග, අජිත් නිවාඩ් කබ්රාල්, විමලවීර දිසානායක, ඩී.වී. චානක, ප්‍රියංකර ජයරත්න යන මැති ඇමැතිවරු සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

SendShareShare
Previous Post

ජනපතිගෙන් අජිත් රෝහණට තවත් වගකීමක්!

Next Post

මේ යන විදිහට මාසෙකට රෝගීන් 4500ක් පමණ මැරේවි! වෛද්‍ය සංගමයෙන් භයානක ප්‍රකාශයක්!

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.