මෙයට වසර 36කට පෙර එනම්, 1989 ජූලි 31 වැනිදා රටක් හඬවා දැයෙන් සමුගත් ප්‍රවීණ ගීත රචකයකු මෙන්ම මාධ්‍යවේදියෙකුද වූ ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනයේ තිත්ත ඇත්ත පිළිබඳ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතා නම්ගම් සහිතව කරන ගැඹුරු ගවේෂණාත්මක හෙළිදරව්ව, ‘ප්‍රේමකීර්ති ඝාතනයේ සුලමුල’ නමැති ග්‍රන්ථය 2025 අගෝස්තු 27 වැනි බදාදා සවස 3.00ට කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළිදැක්වේ.Sri Lanka Latest News
පිටු 264කින් යුත් මෙම ග්‍රන්ථයේ සාමාන්‍ය මිල රුපියල් 1200ක් වන අතර, එළිදැක්වෙන දින එය රුපියල් 800ක විශේෂ මිලකට ලබාගත හැකිය.
අසූව දශකයට යළි පාඨක මනස යොමුකරන ‘ප්‍රේමකීර්ති ඝාතනයේ සුලමුල’ කෘතිය භීෂණ යුගයේ සමස්ත දේශපාලනයම හකුළුවා දක්වන සංකේතයක් බඳුය. එය ගවේෂණාත්මක ප්‍රවෘත්ති කලාවේ නව සම්ප්‍රාප්තියක් ද සටහන් කර ඇත. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතා ජවිපෙ දෙවැනි කැරැල්ල සම්බන්ධයෙන් පාඨක සම්භාවනාවට පාත්‍ර වූ ග්‍රන්ථ 4ක් සම්පාදනය කර ඇති අතර, මෙම කෘතිය ඒ මහතාගේ 55 වැනි ග්‍රන්ථයයි.










