• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැමෝම උඩදාගෙන ගහපු ප්‍රේමදාසගෙ ගම්උදාව! Sri Lanka Latest News

August 3, 2025
in Exclusive
Reading Time: 11 mins read
A A
හැමෝම උඩදාගෙන ගහපු ප්‍රේමදාසගෙ ගම්උදාව! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එදා මෙරට පැවැති ‘විකල්ප’ යැයි සම්මත පුවත්පත්හි නිරතුරු හාස්‍යජනක විවේචනයට ලක්වූයේ ‘ප්‍රේමදාසගේ ගම් උදාව’යි. ප්‍රේමදාස හදන කුකුළු කූඩු, පැල්පත් වෙනුවට ලයිසන් මුඩුක්කු වැනි අපහාසාත්මක වදන් නිරතුව මෙම නිවාස වැඩසටහන සඳහා එල්ල විය. එකී ප්‍රකාශ අදට ගැළපෙන අයුරින් ප්‍රේමදාසලා නමින් වෙනස්වූයේ නම්, වඩාත් උචිතයැයි සිතේ. ඒ මන්දයත් එදා ප්‍රේමදාස මහතා මෙන්ම වර්තමානයේ සජිත් ප්‍රේමදාස මහතාත් තමන් විසින්‍ නිවාස නොමැති ජනකොටස් වෙනුවෙන් නිවාස ඉදිකරලීම සම්බන්ධයෙන් ප්‍රතිපාක්ෂිකයන් වෙතින් නිර්දය විවේචනයට ලක්වීමයි. Sri Lanka Latest News

මෙවන්වූ පදනම් විරහිත විවේචනයන් නි‍රන්තරයෙන් ප්‍රේමදාසලාගේ නිවාස සංවර්ධන වැඩසටහනට එල්ල වුවද, අඩසිය වසකට ආසන්න (1978-2025) කාලයක් ප්‍රේමදාසලා තම නිවාස සංවර්ධන වැඩසටහන තුළින් එක ලෙසින්ම ජන හදවත් දිනාගැනීම එලෙසින්ම සිදුවිය.

ප්‍රේමදාසවරුන්ට ජනපති අපේක්ෂකත්වය හිමිවීමේ රහස
1988 ජනාධිපති මැතිවරණයේ මෙරට පැවැති දේශපාලන සමාජ තත්ත්වයට අනුකූලව එක්සත් ජාතික පක්ෂයෙන් වෙනත්‍ කිසිදු අපේක්ෂකයෙක් නොව අනිවාර්ය අපේක්ෂකයා ආර්. ප්‍රේමදාස ලෙසින් තෝරාගැනීමට එවක එක්සත් ජාතික පක්ෂ නායකත්වයට සිදුවිය. එමෙන්ම 2019 ජනාධිපතිවරණයේ තම අපේක්ෂකයා ලෙසින් එ.ජා.ප නායකත්වය විසින්‍ තෝරගනු ලැබුවේ, සජිත් ප්‍රේමදාසය. මෙකී අවස්ථාවන් දෙකේදීම ප්‍රේමදාසලාගේ ජනාධිපති අපේක්ෂකත්වයට අභියෝග කිරීම සඳහා කිසිවෙක් තම පාර්ශ්ව තුළින් ඉදිරිපත් නොවුණේ, ප්‍රේමදාසවරුන් විසින්‍ සිය පාලන කාලය තුළ ක්‍රියාත්මක කළ නිවාස සංවර්ධන වැඩසටහන් තුළින් වඩාත් වැඩි ජනතා ආකර්ෂණයක් දිනාගැනීමයි.

නිවාස වැඩසටහනට නිර්දය විවේචන
මෙම තත්ත්වය වඩාත් නිවැරදිව තේරුම්ගත් ප්‍රේමදාස ප්‍රතිපාක්ෂිකයන් නිරන්තරයෙන් නිර්දය ලෙසින් ප්‍රේමදාසවරුන් ක්‍රියාත්මක නිවාස සංවර්ධන වැඩසටහන විවේචනය කරයි. වත්මන්‍ පාලකයන් ද එකී මග යමින්, ප්‍රේමදාස නිවාස ජනාවාස සංවර්ධන වැඩසටහන විවේචනය කිරීමේ නිරත වේ. ඒ අනුව එකී විවේචන සඳහා සත්‍ය කරුණු හා දත්ත පදනම්ව කරුණු හැදෑරීමට සහ සාකච්ඡා කිරීමට මෙය වඩාත් උචිත කාලය වේ.

අඩුම ආයෝජනයකට වැඩිම නිවාස ඉදිවූ ප්‍රේමදාස යුගය
රාජ්‍ය පාලන කාලපරිච්ඡේදයන් හඳුනා ගැනීමේදී, වසර පහ බැගින් වූ කාලපරිච්ඡේද වෙන් වෙන් වශයෙන් හඳුනාගැනීම මෙරට පවත්නා පාලන ක්‍රමය හා වඩාත් උචිත වේ. ඒ අනුව මෙරට වඩාත් වැඩි නිවාස සංවර්ධනයක් සිදුවූ පස් අවුරුදු කාලපරිච්ඡේදය ලෙසින් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ දෙවැනි පාලන කාලපරිච්ඡේදය වූ 1984 – 1989 පාලන සමය හඳුන්වා දිය හැකි වේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින්‍ ප්‍රකාශිත 1978 – 2019 නිල නිවාස ඉදිකිරීම් හා රාජ්‍ය මූල්‍ය ආයෝජන වාර්තාවට අනුව එකී කාලපරිච්ඡේදය පසුගිය දශක හතරක කාලය තුළ රාජ්‍ය මූල්‍ය ආයෝජනයට සමගාමීව සැලකිය යුතු නිවාස ප්‍රමාණයක් ඉදිවූ කාලපරිච්ඡේදයකි. එවක නිවාස අමාත්‍ය ධුරය දැරූ අගමැති ප්‍රේමදාස මහතා නිවාස දසලක්ෂය වැඩසටහන දියත්කරමින් 1984 – 1989 කාලපරිච්ඡේදය තුළදී රාජ්‍ය භාණ්ඩාගාරය වෙතින් රුපියල් මිලියන 1,730ක් වැයකොට ප්‍රතිලාභීන් 3,41,920ක් සඳහා නිවාස පහසුකම් ලබාදී ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිල වාර්තා පෙන්නුම් කරයි .

එවන්වූ අඩු රාජ්‍ය මූල්‍ය ආයෝජනයකින්, වැඩි නිවාස ඒකක ප්‍රමාණයක් වසර පහක කාලය තුළදී ජනතා සහභාගිත්වයෙන් නිවාස ඉදිකරලීමට හැකිවූයේ එක් නිවසක් වෙනුවෙන් ලබාදුන් රාජ්‍ය මූල්‍ය අනුග්‍රහය රුපියල් 7,500කට සීමාවීමයි.

එවන්වූ තත්ත්වයක් තුළ වැඩි දායකත්වයක් නිවාසලාභීන් වෙතින් සහ අවම දායකත්වයක් රාජ්‍ය පාර්ශ්වයෙන් ලබාදී දියත්වූ නිවාස සංවර්ධන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක විය. ඉන් අනතුරුව බලයට පත්වූ කිසිදු රජයකට මෙවන්වූ රාජ්‍ය මූල්‍ය ආයෝජනයකට මේසා විශාල නිවාස ඒකක ප්‍රමාණයක් සමාජගත කිරීමට නොහැකි විය.

සැමට සෙවණ යටතේ වාර්තාගත නිවාස ඉදිවුමක්
එමෙන්ම 2015 – 2019 කාලපරිච්ඡේදය තුළ පැවති යහපාලන රාජ්‍ය සමයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ධුරය දැරූ සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මකවූ, ‘සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන’ යටතේ රුපියල් මිලියන 37,160,ක රාජ්‍ය භාණ්ඩාගාර මූල්‍ය ආයෝජනයෙන් නිවාසලාභීන් 3,87,520ක් සඳහා නිවාස පහසුකම් හිමිවූ බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිල වාර්තා පෙන්නුම් කරයි. මෙනයින් බලන කල 1984 – 89 කාලපරිච්ඡේදයට වැඩි නිවාස ප්‍රතිලාභී මූල්‍ය ආයෝජනයක් සහ වැඩි නිවාස ඒකක ප්‍රමාණයක් සමාජගත වීම 2015 – 19 කාලපරිච්ඡේදය තුළ ක්‍රියාත්මක වූ සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන යටතේ සිදුවී ඇති බව නිල සංඛ්‍යා දත්ත සාක්ෂි දරයි.

හැමෝම උඩ දාගෙන ගහපු ප්‍රේමදාසලාගේ ගම්උදාව
2019 වසරින් පසු වර්තමානය දක්වා පැවැති හා පවත්නා රජය යටතේ, නිවාස සංවර්ධනය පිළිබඳ කිසියම් වූ සාර්ථක නිවාසලාභී අත්දැකීමක් හෝ සංඛ්‍යාත්මක අකර්ෂණයක් නොපෙනේ. පුරා වසර හතළිහක් ඉහත සඳහන් පරිදි මෙරට ක්‍රියාත්ම වූ ජනසහභාගීත්ව නිවාස සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වූ ‘ආදර්ශ ගම්මාන’ වැඩසටහන මෙහිලා ක්‍රියාත්මක වූ වඩාත් ආකර්ෂණීය ජනාවාස සංවර්ධන වැඩසටහනයි.

1978 වසරේ ජුනි මස 23 දින යාපහුවේ බඩල්ගම උදාගම්මානයක් බවට පත්කරමින් ඇරඹි මෙම ග්‍රාම සංවර්ධන ජනාවාස වැඩසටහන යටතේ වසර පහළොවක (1978 – 1993) සිය පාලන කාලය තුළදී ප්‍රේමදාස මහතාට සිය සහභාගිත්වයෙන් ජනතා අයිතියට පත්කිරීමට හැකිවූයේ ගම්මාන 790ක් පමණි. 1993 වසරේ අප්‍රේල් මස 29 දින නුවරඑළිය අඹගමුව කෝරළේ ‘කිරිවැල්හීන්ගම’ ආදර්ශ ගම්මානය, මෙලෙසින් ජනතා අයිතියට පත්වූ අවසන් ගම්මානය විය.

උතුරු – නැගෙනහිර ප්‍රදේශ සඳහා උදාගම් පහස
දිවියිනේ සියලු ප්‍රදේශ ආවරණය වන අයුරින් එදා උදාගම් නිර්මාණය විය. දිවියිනේ සෙසු ප්‍රදේශවල මෙන්ම යුද ගැටුම් හේතුවෙන් උන්හිටි තැන් අහිමිවූ උතුරු – නැගෙනහිර ජනතාව සඳහාද ආදර්ශ ගම්මාන ඉදිකරලීමට ප්‍රමුඛතාව හිමිවිය.

එකී වැඩසටහන යටතේ අවතැන් වූ ජනතාව සඳහා කඩිනමින් නිවාස සැපයුම සිදුවිය. එමෙන්ම, එහි පැවැති යුද අවදානම හා අනාරක්ෂිතභාවයේ අභියෝග පවා තිබියදී අගමැති ප්‍රේමදාස මහතා අවස්ථා ගණනාවක උතුරු-නැගෙනහිර ආදර්ශ ගම්මාන විවෘත කිරීම් උත්සව සඳහා සහභාගි විය.

යාපනය උඩිප්පිඩි ප්‍රදේශයේ රාජග්‍රාමම් ආදර්ශ ගම්මානය විවෘත කිරීමට 1981 වසරේ ජනවාරි මස 29 දින අගමැති ප්‍රේමදාස මහතාගේ පැමිණීම, උතුරේ ප්‍රදේශයේ සිදුවූ මුල්ම උදාගම් සංචාරය ලෙසින් සඳහන් කළ හැකිය.

ප්‍රේමදාස වියෝවෙන් නොනැවතුණු ගම්උදාව
මෙකී ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ තවත් ආදර්ශ ගම්මාන 1000කට ආසන්න සංඛ්‍යාවක සංවර්ධන කාර්යයන් සැලසුම්ව තිබිණි. එමෙන්ම ඉන් ගම්මාන 350ක ප්‍රමාණයක් ජනතා අයිතියට පත්කිරීම සඳහා සූදානම් විය. එකී සූදානම යටතේ පැවැති ගම්මාන 75ක් එවකට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය වූ සිරිසේන කුරේ මහතා විසින්‍ විවෘත කිරීම සිදුකරන ලදී. ඔහු විසින්‍ 1994 ජුනි මස 17 දිනදී විවෘත කළ වව්නියාව සෙට්ටිකුලමහි ‘මුණ්ඩලයි කුලම්’ ආදර්ශ ගම්මානය, ප්‍රේමදාස යුගයේ ජනතා අයිතියට පත්වූ අවසන් ආදර්ශ ගම්මානය විය.

එලෙසින් ප්‍රේමදාස යුගයේදී සංවර්ධිත ජනතා අයිතියට පත්නොකළ සියලු ආදර්ශ ගම්මාන, නිසි ලෙසින් සංවර්ධනය කොට ජනතා අයිතියට පත්කිරීම පසුකාලීනව බලයට පත්වූ රජයන්හි නිවාස විෂය භාරවූ අමාත්‍යවරුන් විසින්‍ සිදුකරන ලදී.

සෑම රජයක්ම නොකඩවා ක්‍රියාත්මක කළ ආදර්ශ ගම්මාන වැඩසටහන
එමෙන්ම මෙරට නිවාසලාභීන් විසින්‍ සහභාගිත්ව නිවාස සංවර්ධනය යටතේ, ගම ආශ්‍රිතව ආදර්ශ ගම්මාන වැඩසටහන සඳහා වැඩි කැමැත්තක් දැක්වූ හෙයින් පසුකාලීනව බලයට පත්වූ සියලු රජයන්හි නිවාස විෂය භාරවූ අමාත්‍යවරුන් සිය රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ වෙනත්‍ නාමකරණයකින් ආදර්ශ ගම්මාන වැඩසටහන දියත්කරන ලදී. වරෙක ‘ජන උදාන ගම්මාන’ ලෙසින් සහ තවත් පාලන කාලපරිච්ඡේදයකදී ‘ජන සෙවණ’ ආදර්ශ ගම්මාන ලෙසින් මෙය ජනගත විය.

ප්‍රේමදාස යුගයෙන් පසු බලයට පත්වූ පාලන කාලපරිච්ඡේදයන්හි නිවාස අමාත්‍ය ධුර දැරූ නිමල් සිරිපාල ද සිල්වා, ඉන්දික ගුණවර්ධන, ෆෙරියල් අෂ්රොෆ්, තොණ්ඩමන්, විමල් වීරවංශ වැනි අමාත්‍යවරුන් ඉහත සඳහන් පරිදි සිය රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව මෙම ආදර්ශ ගම්මාන වැඩසටහන සහ නිවාස ජනාවාස ක්‍රියාපිළිවෙත දියත් කරන ලදී. මේ අනුව ප්‍රේමදාස යුගයේ ජනතා අයිතියට පත්කළ ආදර්ශ ගම්මාන සමගින්, ඉන් අනතුරුව සංවර්ධිත ආදර්ශ ගම්මාන හා එක්ව, 2015 වසර ආරම්භයේ, මුළු දිවයින පුරා ඉදිවූ මෙවන් ගම්මාන ප්‍රමාණය දහසක් පමණ වන බව සංඛ්‍යා දත්ත පෙන්නුම් කරයි.

ප්‍රේමදාස නිවාසකරණයේ නව දැක්මක් ලෙසින් සැමට සෙවණ
2015 වසරේ බලයට පත් යහපාලන රජයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ධුරය සඳහා සජිත් ප්‍රේමදාස මහතා නම්විය. නිවාස හා ජනාවාස ක්ෂේත්‍රයේ පවත්නා අභියෝග ජයගනිමින්, සිය පියාණන් විසින්‍ එදා ක්‍රියාත්මක කළ ජන සහභාගිත්ව නිවාස සංවර්ධන වැඩසටහන සහ ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළ වත්මන්‍ ආර්ථික හා සමාජ අවශ්‍යතා හා ගළපමින් ක්‍රියාවට නැංවීම සජිත් ප්‍රේමදාස මහතාගේ අපේක්ෂාව විය.

පුරා පස් වසරක් (2015-2019) දීපව්‍යාප්තව ක්‍රියාත්මක වූ ‘සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන’ නිර්මාණය වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. ග්‍රාමීය නිවාස විෂය පමණක්‍ සිය අමාත්‍ය විෂය ක්ෂේත්‍රය වුවද, ගම නගරය හා වතුකරයේ ජීවත්වන සියලු ජනකොටස්හි නිවාස අවශ්‍යතාවන් ඉටුකිරීම නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ බලාපොරොත්තුව විය. ඔහුගේ අදහසක් පෙරදැරිව ක්‍රියාත්මක වූ සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන මෙවන් ආකාරයට සියලු ජනකොටස්හි නිවාස හා ජනාවාස අවශ්‍යතාවන් සපුරාලන අයුරින් ක්‍රියාත්මක විය.

එකී අරමුණ පෙරදැරිව පහත සඳහන් උපවැඩසටහන් යටතේ සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන පුරා වසර පහක් (2015 – 2019) නොකඩවා ක්‍රියාත්මක විය.

★ ආදර්ශ ගම්මාන 2562ක් තුළ ප්‍රතිලාභීන් ප්‍රමාණය 64,619
★ විසිරි ණය / ආධාර නිවාස ප්‍රතිලාභීන් ප්‍රමාණය 1,67,215
★ සොඳුරු පියස රාජ්‍ය බැංකු මූල්‍ය ප්‍රතිලාභීන් ප්‍රමාණය 21,287
★ රණ විරුවන් සඳහා ක්‍රියාත්මක කළ විරු සුමිතුරු නිවාස ප්‍රතිලාභීන් ප්‍රමාණය 1,420
★ දුගී දුප්පතුන් සඳහා ක්‍රියාත්මක සෙවණ ආධාර නිවාස වැඩසටහනේ ප්‍රතිලාභීන් ප්‍රමාණය 3,363
★ වකුගඩු රෝගීන් සඳහා ක්‍රියාත්මක වූ නිවාස වැඩසටහනේ ප්‍රතිලාභීන් ප්‍රමාණය 4,885
★ උතුරු නැගෙනහිර ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක කළ
★ විවිධ වූ නිවාස වැඩසටහන්හි ප්‍රතිලාභීන් ප්‍රමාණය 1,24,731

එකතුව 3,87,520

මෙයට අමතරව ඉන්දියානු රාජ්‍ය ආධාර වැඩසටහන යටතේ දිවියින පුරා ආදර්ශ ගම්මාන 100ක් ඉදිකරලීමේ වැඩසටහනක් දියත් වූ අතර, ඒ යටතේ නිවාස ප්‍රතිලාභීන් ප්‍රමාණය 2456කි. එමෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වයෙන් ක්‍රියාත්මක වූ මධ්‍යම පාන්තික හා පැරණි නිවාස නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලැබූවන් ප්‍රමාණය 7,630කි.

රාජ්‍ය කාර්යක්ෂමතාවයෙන් මුල් තැනකට
ඉහත සඳහන් වූ බහුතර නිවාස ව්‍යාපෘති සංඛ්‍යාවක් රාජ්‍ය භාණ්ඩාගාර අරමුදල් දායකත්වයෙන් ක්‍රියාත්මක විය. එමෙන්ම එකී වැඩසටහන දියත් වූ වසර පහක (2015 – 2019) කාලය තුළදී රාජ්‍ය භාණ්ඩාගාර අයෝජනය රුපියල් මිලියන 37,160 කි.

රජය මූල්‍ය අභියෝගයකට මුහුණපා සිටියදී වුවද, නිවාසලාභීන්ගේ පැවැති උද්‍යෝගය හේතුවෙන්, භාණ්ඩාගාරයේ සමීප අධීක්ෂණය යටතේ අරමුදල් නිකුත් කිරීම භාණ්ඩාගාරය විසින් සිදුකරන ලදී.

ඉහත පස් වසර තුළ රාජ්‍ය භාණ්ඩාගාරය වෙතින් අරමුදල් ලබාගෙන එකී ව්‍යාපෘතීන් සඳහා වඩාත් ඵලදායි අයුරින් මුදල් ආයෝජිත රාජ්‍ය අමාත්‍යාංශ අතරින් නිරතුව ප්‍රථම ස්ථාන දෙකේ එවක නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයට රැඳීමට හැකිවූයේ, සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන සඳහා හිමිවූ රාජ්‍ය අරමුදල් වඩාත් කාර්යක්ෂමව භාවිත කිරීම හේතුවෙනි.

සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනේ වඩාත් ආකර්ෂණීය වූ ආදර්ශ ගම්මාන වැඩසටහන පිළිබඳ එවක වඩාත් සමාජ ආකර්ෂණයක් පැවැතිණි. එනිසාම දිවයින පුරා නිවාස අවශ්‍යතාව පැවැති ජන කොටසක්, සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩසටහනේ පිහිට පැතීය. එකී වැඩසටහන සඳහා පැවති නිවාසලාභී ඉල්ලුම හේතුවෙන් දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන අයුරින් වසර පහක කාලපරිච්ඡේදය තුළදී ආදර්ශ ගම්මාන 2,562 සංවර්ධන කාර්යයන් ඇරඹි බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිල වර්තා පෙන්නුම් කරයි.

උතුරු නැගෙනහිරට නිවහන් ගෙනා සැමට සෙවණ
එකී වාර්තාවන්ට අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල මෙන්ම, යුද්ධයෙන් දැඩිලෙස හානිවූ උතුරු නැගෙනහිර ප්‍රදේශ ඇසුරේ වැඩි ආදර්ශ ගම්මාන ප්‍රමාණයක් ඉදිවිය. නිදසුනක් ලෙසින් යාපනය දිස්ත්‍රික්කයේ නව ආදර්ශ ගම්මාන 156ක්, වව්නියාව ගම්මාන 179ක්, මුලතිව් 82ක්, මන්නාරම 141ක්, කිලිනොච්චිය 102ක්, මඩකළපුව 178ක්, අම්පාර 134ක්, ත්‍රිකුණාමලය 165ක් සහ අම්පාර දිස්ත්‍රික්කයේ නව ආදර්ශ ගම්මාන 134ක් ඉදිකරලීම පෙන්නුම් කළ හැකි වේ.

2019 ජනාධිපති මැතිවරණ ප්‍රතිඵල තුළින් දිවයිනේ සෙසු ප්‍රදේශ තුළින් සජිත් ප්‍රේමදාස මහතා පසුබා සිටියදී උතුරු නැගෙනහිර සියලු දිස්ත්‍රික්ක වෙතින් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට හේතුවූයේ උතුරු නැගෙනහිර ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරුණු නිවාස සංවර්ධන වැඩසටහන හේතු වූ බව දේශපාලන විචාරක අදහසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සිදුකෙරුණු නිවාස සංවර්ධන කාර්යයේ සම ප්‍රතිලාභ උතුරු නැගෙනහිර ප්‍රදේශ සඳහාද ලබාදීම සජිත් ප්‍රේමදාස මහතාගේ අපේක්ෂාව විය.

වැලිඔයෙන් ඇරඹි සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩසටහන
2015 වසරේ අප්‍රේල් මස 12 දින සිය ආදර්ශ ගම්මාන වැඩසටහනේ ප්‍රථම ආදර්ශ ගම්මාන විවෘත කිරීම මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය ‘ඉසුරුපුර’ ආදර්ශ ගම්මානය වෙතින් සිදුකිරීමෙන්, උතුරේ ජනතාව සඳහා පවත්නා ළෙන්ගතුභාවය පෙනීයයි.

එමෙන්ම කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ආදර්ශ ගම්මාන හතරක් සහ යාපනය දිස්ත්‍රික්කයේ ආදර්ශ ගම්මාන තුනක් සමගින් එක් දිනක් තුළදී ආදර්ශ ගම්මාන 07ක් ජනතා අයිතියට පත්කිරීමේ ජනතා ළෙන්ගතු බවේ වාර්තාව පිහිටුවීමට සජිත් ප්‍රේමදාස මහතා සමත් විය.

මෙවන් සමාජ සාධාරණයක් පදනම්ව සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන ක්‍රියාත්මක කිරීම හේතුවෙන්, එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම වැනි ජාත්‍යන්තර සංවිධාන මෙන්ම විදෙස්‍ රටවල්ද මෙරට නිවාස සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ විශේෂ අවධානය යොමු විය.

සැමට සෙවණ සඳහා ඉන්දියානු රාජ්‍ය මූල්‍ය අනුග්‍රහය
එහිදී අසල්වැසි ඉන්දියානු රජයේ විශේෂිත අවධානය මෙරට සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩසටහන සඳහා යොමුකෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙසින් එක් ගම්මානයකට නිවාස 25 බැගින් ආදර්ශ ගම්මාන 100ක් දීපව්‍යාප්තව ඉදිකරලීම සඳහා ඉන්දියානු රජය විසින්‍ මූල්‍ය අනුග්‍රහය ලබාදුණි. මෙතෙක් උතුරු-නැගෙනහිර සංවර්ධන කාර්යයන් සඳහා පමණක් අනුග්‍රහ ලබදුන් ඉන්දියාව මුල්වරට, එවක නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීමට අනුකූලතාව දක්වමින් දීපව්‍යාප්ත නිවාස සංවර්ධන වැඩසටහනක් සඳහා සිය දායකත්වය ලබාදුණි.

එදා ප්‍රේමදාස මහතා දියත්කළ නිවාස සංවර්ධන වැඩසටහනට මෙන්, මෑතකාලීනව ක්‍රියාත්මක වූ සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන සඳහා එල්ල වූ විවේචන බොහෝය. 2015-2019 කාලපරිච්ඡේදය තුළදී මෙම වැඩසටහන යටතේ දිවියින පුරා සංවර්ධන කාර්යයන් ඇරඹි ගම්මාන ප්‍රමාණය 2,562කි. එනමුත් මැති ඇමැති සහභාගිත්වයෙන් මෙම කාලපරිච්ඡේදයේදී නිල වශයෙන් ජනතා අයිතියට පත්කරනු ලැබුවේ ආදර්ශ ගම්මාන 286කි. මෙයට අමතරව දිවයින පුරා පිහිටි තවත් ගම්මාන 100ක් 2019 ලෝක ජනාවාස සති වැඩසටහන යටතේ නිවාසලාභී අයිතියට පත්කරන ලදී.

එකී ගම්මාන සියල්ල සමගින් දිවයින පුරා ඉදිවූ ආදර්ශ ගම්මාන 1,500ක් නිවාසලාභී පදිංචිය සඳහා සුදානම් විය. ඉතිරි ආදර්ශ ගම්මාන සියල්ලේ විවිධ වූ අඩුපාඩු 2020 වසර තුළදී නිමකිරීම සඳහා ඉලක්කගතව සැලසුම් විය. එනමුත් 2019 වසර අවසානයේ පැවැති රජයේ වෙනස්කම් හේතුවෙන් සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කිරීම නැවතිණි.

මේ සියලු කරුණු පිරික්සීමේදී දශක කිහිපයක කාලයක් තුළ නිවාස හිමි සමාජයක් බිහිකිරීම සඳහා ප්‍රේමදාසලා ගත් උත්සාහය හා ඒ සඳහා නිරතුරුව සිදුකෙරෙනු විවේචන පිළිබඳ මතකයට නැගේ.

ලක්විජය සාගර පලන්සූරිය

SendShareShare
Previous Post

අතන මෙතන තැන තැන දකින ජෙරොම් සුව මෙහෙය දෑසින් දුටිමි! Sri Lanka Latest News

Next Post

අම්මේ… තාත්තේ… අක්කේ… ඇයි මාව තනිකරලා ගියේ? යටිනුවර ඛේදවාචකයේ වැරැද්ද කාගෙද? Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.