• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කවුරුත් නොකරපු ප්‍රේමදාස කරපු ලොකුම යුද්ධය! Sri Lanka Latest News

July 6, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
කවුරුත් නොකරපු ප්‍රේමදාස කරපු ලොකුම යුද්ධය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘දුපත්කම’ අද සැබෑ ජාතික ප්‍රශ්නයක් වී ඇත. ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන අයුරින් මෙරට වත්මන් ජනගහනයෙන් තුනෙන් එක් කොටසක් සැබෑ ලෙසින්ම දරීද්‍රතා රේඛාවෙන් පහළ මට්ටමේ ජීවත්වේ. එනමුත් සැබෑ සමාජ තත්ත්වය දෙස බැලීමේදී වත්මන් සමාජයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් උපයන ආදායමින් දෛනික දිවිය ගෙන යාමට නොහැකි අරගලයක නිරතවී ඇත. මේ අනුව, මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට මධ්‍යමපාන්තික ජනතාව තමන්ට ලැබෙන ආදායමින් දිවිපෙවෙත ගෙනයාමේ නොහැකියාව මත දැඩි අරගලයක නිරතව ඇත.Sri Lanka Latest News

වත්මන්, මෙරට පාලකයන් මෙම ජාතික ප්‍රශ්නය සඳහා විසඳුම් ලබාදෙන බවට පැවැසුවද මෙතෙක් ඒ සඳහා කවර හෝ විසඳුමක් ලබාදෙන බවක් නොපෙනේ.

දිළිඳුකමට විසඳුම් ගෙනා උදාගම
එනමුත් 70 දශකයේ මෙම ‘දරීද්‍රතා ගැටලුව’ මේසා විශාල ලෙසින් නොපැවතුණද, මෙරට සිටි පාලකයෝ ජනතාව මුහුණපාන දුප්පත්කම නම් ගැටලුව තේරුම් ගෙන ඒ සඳහා කිසියම් වූ විසඳුමක් ලබාදීමට උත්සාහ ගත්හ.

1977 බලයට පත් රජයේ අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතා එහි සමාරම්භයක් ලෙසින්, එවක රජය බලයට පත්වී, වසරක් ගතවීමට ප්‍රථම ආරම්භ කළ උදාගම් ව්‍යාපාරය මගින් නිවාස සංවර්ධනයේ දායකත්වයෙන් ‘ග්‍රාමීය දිළිඳුකම දුරුකරලීමේ’ සාර්ථක උත්සාහයක නිරත විය. එවක ග්‍රාමීය දුප්පතුන් ජීවත්වූ පැල්පත් වෙනුවට කිසියම් වූ ස්ථිරසාර නිවසක හිමිකමක් ලබාදී, ඔවුන් පිළිගත් සමාජයේ ජන කොටසක් බවට පත්කිරීම එවක උදාගම් ව්‍යාපාරයේ මූලික අපේක්ෂාව විය.

1979 වසරේ ජුනි මස 23 දින යාපහුවේදී උදාවූ ප්‍රථම උදාගම ජනතා අයිතියට පත්කිරමින් අදහස් දැක්වූ අගමැති ප්‍රේමදාස මහතා, ‘මෙයට මාස කිහිපයකට ප්‍රථම පොල් අතු පැලවල ජීවත්වූ උදාගම් ගම්වැසියන්ට හෙට දවසක් පිළිබඳ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. අප ඒ අපේක්ෂාව ඇතිකළේ ස්ථීර වූ නිවසක අයිතිය මේ උදාගම තුළින් හිමිකර දීම හරහා නැතිබැරිකම අහිමිවී, ඇති හැකිකම ගැන මුල්ම පාඩම උදාගම් වැසියන්ට මෙමගින් කියා දුන්නා. ඒ නිසා අපට සතුටු විය හැකියි…’ යනුවෙන් පැවැසීය.
දූගී දුප්පතුන්ට මූලික නිවසක හිමිකම ලබාදී, ඔවුන් වත්කම් හිමි සමාජයේ කොටස්කරුවන් බවට පත්කරලීමේ ප්‍රතිඵලද‍ායි උත්සාහයක උදාගම් ව්‍යාපාරය නිරත විය.

ජාත්‍යන්තර නිවාස වසරින් දරිද්‍රතාවට පිළියම්
මෙකී වැඩසටහන වඩාත් සාර්ථකව දීපව්‍යාප්තව ක්‍රියාත්මක වීම තුළින් එය ජාත්‍යන්තර කීර්තිධර වැඩසටහනක් විය. එහි ප්‍රතිඵලයක් ලෙසින් ‘1987 ජාත්‍යන්තර නිවාස වසර’ යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යෝජනා කිරීම අගමැති ප්‍රේමදාස මහතා විසින් සිදුකරන ලදී.

1980 වසරේ සැප්තැම්බර් මස 29 දින ඇමෙරිකා එක්සත් ජනපදයේ, නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 37 වැනි සැසිවාරය සිය දිවිපෙවෙතේ ප්‍රථම අවස්ථාවට ඇමතූ ප්‍රේමදාස මහතා, 1987 වසර, නිවාස නැත්තවුන්ට නිවාස සැපයීමේ ජාත්‍යන්තර නිවාස වසර යෝජනාව ඉදිරිපත් කරන ලදී. මෙකී යෝජනාව ඉදිරිපත් කිරීමේදීද අගමැති ප්‍රේමදාස මහතාගේ බලාපොරොත්තුව වූයේ සංවර්ධනය වන රටවලට දුපත්කම දුරුකරලීමට අනිවාර්ය වූ සහායක් සංවර්ධිත රටවල් වෙතින් ලබ ාගැනීමයි.
ඒ සම්බන්ධයෙන් ජගත් සංවිධාන දෙසුමේදී ප්‍රේමදාස මහතා මෙසේ පැවැසීය.

‘සංවර්ධනය වන රටවලින් අප ඉල්ලා සිටිනුයේ ලෝක මට්ටමේ පුණ්‍යාධාර නොවේ. පුණ්‍යාධාර තුළින් දුපත්කම තුනීකළ හැකි යැයි අපි විශ්වාස නොකරමු. දුපත්කම දුරුකරලිය හැක්කේ සූරාකෑම නැති කිරීමෙන් පමණි. සියලු දෙනාම සියලු රටවල් හා සමාන තත්ත්වයනට ගෙන ඒම කළ නොහැක. නමුත් සෑම දෙනකුට සහ සෑම රටකටම සමාන අවසථා ලබාදිය හැකිය.’

මෙම ප්‍රකාශය තුළින්ද ප්‍රේමදාස මහතාගේ අපේක්ෂාව වූයේ නැතිබැරි ජනතාව සඳහා ඇති හැකි ජනකොටස් වෙතින් අනිවාර්ය වූ දායකත්වය ලබාගැනීමයි. නිවාසකරණයෙන් දුපත්කමට විසඳුම් සෙවූ ‘සෙවණ’ විශේෂයෙන් නැතිබැරි ජනකොටස් සඳහා නිවාස පහසුකම් ලබාදීමේදී එකී සියලු කාර්යයන් සඳහා රාජ්‍ය අරමුදල් නිරන්තරයෙන් භාවිත කිරීම ගැටලුවක් විය. මේ පිළිබඳ ප්‍රේමදාස මහතා සතු වූයේ වඩාත් නිදහස් වූ සිතුවිල්ලකි. ඔහුට අවශ්‍ය වූයේ සැබෑ නිවාස අවශ්‍යතාව පවත්නා විට ඒ පිළිබඳ කඩිනමින් සොයාබලා එයට පිහිටවීමේ ක්‍රමවේදයක් සැකසීමයි. 1979 වසරේ ‘සෙවණ අරමුදල’ ස්ථාපිත වූයේ මෙම අපේක්ෂාව ඉටුකිරීමටය. එකී අරමුදලේ අනුග්‍රහය යටතේ පළමු නිවහන වැල්ලවාය නුගේයාය ප්‍රදේශයේ අප්පුහාමි නම් වූ පැල්පත්වාසී දුගී අයකු වෙනුවෙන් ඉදිවිය. සෙවණ අරමුදලේ අනුග්‍රහයෙන් ඉදිවූ මෙම නිවස අගමැති ප්‍රේමදාස මහතා විසින් 1979 වසරේ සැප්තැම්බර් මස 12 දින නිවාසලාභී අප්පුහාමි මහතාගේ පවුලේ සාමාජියන් වෙත ප්‍රදානය කිරීම සිදුවිය.

එදා සිට මේ දක්වා ගතවූ දශක කිහිපය තුළ රාජ්‍ය අනුග්‍රහයකින් තොරව, හුදු ආධාර පදනමින් පැල්පත් හා තාවකාලික නිවාසලාභීන් දහස් ගණනකට නිවාස ඉදිකරලීම සෙවණ අරමුදලේ අනුග්‍රයෙන් සිදුවිය.

ආරම්භක වශයෙන් සෙවණ ආධාර පදනමකින් දිවයිනේ විවිධ ස්ථානවල නිවාස ඉදිකළ අතර, පසුකලෙක සෙවණ අරමුදල සඳහා වූ විශේෂිත ආධාර පරිත්‍යාග යටතේ ආදර්ශ ගම්මාන නිර්මාණය විය. කොරියානු දානපති දායකත්වයෙන් කොළොන්නාව ප්‍රදේශයේ ඉදිවූ ‘චාංගම’, දේශබන්දු මුණසිංහ මහතාගේ අනුග්‍රහයෙන් හෝමාගම ඉදිකෙරුණු ‘මුණසිංහ ගම’ සහ කොළඹ රාජකීය විදුහලේ අනුග්‍රහයෙන් නිවිතිගල මැතිවරණ කොට්ඨාසයේ ඉදිවුණු ‘රජසිසු ගම’ මෙයට නිදසුන් වේ. එමෙන්ම 2016 වසරේ හිඟුරක්ගොඩ ගම්උදාව ප්‍රදර්ශනය ආසන්නයේ දී කන්තලේ වැව් බැම්ම බිඳීගොස් හානි වූ සියලු නිවාස වසරක කාලයක් තුළදී සම්පූර්ණයෙන් නැවත ඉදිකිරීම සිදුවූයේ සෙවණ අරමුදලේ දායකත්වයෙනි.

දුප්පතුන් සඳහා මෙන්ම හදිසි විපතකින් අසරණ වූවන් සඳහා නිවාසකරණයෙන් පිහිට වුණු සෙවණ අරමුදල මූලික වශයෙන් දානපති දායකත්වයෙන් පෝෂණය විය. පසු කලෙක ඇරැඹි සෙවණ ලොතරැයිය සෙවණ අරමුදල සඳහා අවශ්‍ය වූ අරමුදල් සැපයීමේ වගකීම සාර්ථකව ඉටුකරන ලදී. සෙවණ අරමුදලේ අනුග්‍රහයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ සෙවණ ගම උදාවිය. නව නිවාස 25කින් සමන්විත මෙම ආදර්ශ ගම්මානය අගමැති ප්‍රේමදාස මහතා විසින් ජනතා අයිතියට පත්කරනු ලැබුවේ 1985 මාර්තු මස 16 දිනයි. මෙදින ජනහමුව ඇමතු ප්‍රේමදාස මහතා,

‘සෙවණ අරමුදල දුප්පතුන්ගේ නිවාස අවශ්‍යතාව සපුරාලීම සඳහා දැන් විශාල ද‍ායකත්වයක් ලබාදෙනවා. නිවාසකරණයේදී මෙන්ම ඔවුන්ගේ එදිනෙදා ජන දිවිතයේ හැම කටයුත්තකම වර්ධනය උදෙසා සෙවණ අරමුදලට දායකත්වය ලබාදිය හැකි බව ‘සෙවණගම’ තුළින් ආදර්ශයක් ලබාදී තිබෙනවා.’ යනුවෙන් පැවැසීය.

දරීද්‍රතාව සඳහා දුප්පතුන්ගේ දායකත්වයෙන් විසඳුම් ගෙන ‘ජනසවිය’
විශේෂයෙන් උදාගම් ව්‍යාපරයේ දායකත්වය තුළින්, මෙරට සමාජීය දරීද්‍රතාව දුරුකරලීම සඳහා මෙවන් වූ ආකාරයට විවිධ සහායන් ලබාදීමෙන් අනතුරුව සමාජයේ එවක සිටි දුප්පතුන්ගේ දුප්පත්කම දුරකරලීමේ සමාජ වෙනසක් සිදුකිරීම සඳහා වූ ‘ජනසවිය’ වැඩසටහන දියත් විය. සමාජයීය දුපත්කම දුරුකරලීම සඳහා මෙතෙක් රාජ්‍ය පාලක සහාය ලබාදීම අත්‍යාවශ්‍ය වූ ගුණාංගයක් වූ අතර, ජනසවිය වැඩසටහනේ ක්‍රියාකාරීත්වය මෙයට වෙනස් වූ මගක් අනුගමනය කළේය. එහි ක්‍රියාකාරීත්වය තුළින් සිදුවූයේ දුප්පතුන් තමන් මුහුණ දුන් දරීද්‍රතා අභියෝග සඳහා රාජ්‍ය අනුග්‍රහය සමගින් තමන් විසින්ම විසඳුම් සෙවීමයි.

1989 වසරේ ඔක්තෝබර් මාසයේ ජනසවිය වැඩසටහනේ මුල් අදියර දියත්වූ දිනයේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා මෙවන් අදහසක් ප්‍රකාශ කළේය.
‘මේ ලෝකය නිරතුරුව වෙනස් වෙනවා. එයට සමගාමීව මිනිසාත් වෙනස් වෙනවා. නමුත් වෙනස් වන ලෝකය සමගින් අප වෙනස් වන්නේ නැහැ. අප මේ යථාර්ථය තේරුම් ගෙන වෙනස් විය යුතුයි. අද අපට අවශ්‍ය පරණ ප්‍රශ්න සඳහා පිළිතුරු සෙවීම නොවෙයි. අද අප කළ යුත්තේ පැරණි පිළිතුරු ප්‍රශ්න කිරීමයි.’

ප්‍රේමදාස මහතා විසින් ප්‍රකාශිත මෙම අදහස තුළින් කියැවෙන්නේ අතීතයේ මෙරට පාලකයන් සිදුකළ බොහෝ කාර්යයන් අනාගතයේදී අභියෝගයක් වන බවයි. එදා ජනසවිය වැඩසටහනේ සමාරම්භක අවස්ථාවේදී එවන් ප්‍රකාශයක් සිදුකරනු ලැබුවේ මෙරට බහුතර ජනතාවක් මුහුණපාන දුප්පත්කම දුරුකරලීම සඳහා ක්‍රියාත්මක වූ බොහෝ වැඩසටහන් එවක අභියෝගයක්ව පැවැති හෙයිනි. මෙතෙක් පැවැති සියලු රජයන් විසින් දුප්පතුන් ලෙසින් හඳුනා ගන්නන් වෙත කිසියම් මූල්‍ය අනුග්‍රහයක් ලබාදී, ඔවුන්ගේ දුප්පත්කම දුරුකරලීමට කිසියම් විසඳුමක් ලබාදුන්නද එය පසුකාලීනව විසඳුමක් නැති ගැටලුවක් විය. එනමුත් ජනසවිය වැඩසටහනේ සංයුතිය හා සැබෑ ක්‍රියාකාරීත්වය එයට වෙනස් විය. ජනසවිය වැඩසටහන, දුප්පතුන් විශ්වාස කරමින් ඔවුන්ගේ සැබෑ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වූ වැඩසටහනකි.

ගම නගරය හා වතුකරයේ සැබෑ දුප්පතුන් හඳුනාගෙන, ඔවුන්ගේ ශ්‍රම දායකත්වය තමන් ජීවත් වන ප්‍රදේශයේ සංවර්ධනය සඳහා දායක කරගන්නා අතරතුර, එයට ඔවුන් සඳහා සිදුකරන ප්‍රතිඋපකාරයක් ලෙසින් පෝෂණ මල්ලක් සහ මූල්‍ය දීමනාවක් ලබාදීම රජය විසින් සිදුකරන ලදී. නිර්දේශපාලනිකව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන එවක දුප්පත් ජනතාව අතර, බෙහෙවින් ජනප්‍රිය විය. මෙකී වැඩසටහනේ සැබෑ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කොට ඒ පිළිබඳ පැහැදුණු ලෝක බැංකුව, මෙකී වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත් විය.

ජනසවි භාරකාර අරමුදලට මුල්ම වරට ලෝක බැංකු සහාය
එහි ප්‍රතිඵලයක් ලෙසින් ‘ජනසවිය භාරකාර අරමුදල’ ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය අනුග්‍රහය ලෝක බැංකුව විසින් ලබාදුන් අතර, මෙරට දුප්පත්කම දුරුකරලීමේ ජාතික වැඩසටහනක් සඳහා ලෝක බැංකුව අනුග්‍රහය ලබාදුන් මුල්ම අවස්ථාව ලෙසින් මෙය හඳුන්වා දියහැකි වේ.

විනිමය ඉපයුමේ ප්‍රබෝධය ‘ඇගලුම් කම්හල් 200 වැඩසටහන’
80 දශකය වනවිට මෙරට පැවැති යුද වාතාවරණය හේතුවෙන් මෙරට සමාජය මෙන්ම ආර්ථිකය විසඳුම් සෙවීමට අපහසු වූ අභියෝග රැසකට මුහුණ දුනි. එවක මෙරට ආර්ථිකය කිසියම් දුරකට සවිමත් කළ ප්‍රමුඛතම ව්‍යාපෘතිය වූයේ ඇඟලුම් කර්මාන්තයයි. එකී කර්මාන්තයේ නියුතු වූ පූර්ණ ශ‍්‍රමය ගම වෙතින් ඇගලුම් කම්හල් සොයා කටුනායක හා බියගම ප්‍රාදේශියන්හී නිදහස් වෙළෙඳ කලාපයේ කම්හල් වෙත ඒකරාශී විය. මෙකී ක්‍රියාවලියේ වෙනස්කම් සිදුකිරීම තුළින් නිෂ්පාදන වර්ධනයක් සමගින් මෙරට සංවර්ධනය සඳහා අත්‍යාවශ්‍ය වූ විදෙස් විනිමය වර්ධනයක් සිදුකළ හැකි බව ප්‍රේමදාස මහතාගේ අදහස විය. ඒ අනුව ඔහුගේ අපේක්ෂාව වූයේ ඇගලුම් කර්මාන්තය සඳහා ශ්‍රමික දායකත්වය ලබාදෙන ග්‍රාමීය ප්‍රදේශ වෙතට ඇගලුම් කම්හල් රැගෙන යාමයි. ආරම්භක වශයෙන් මෙය අභියෝගාත්මක කාර්යයක් වුවද එතෙක් බියගම සහ කටුනායක වෙළෙඳ කලාප තුළ ස්ථාපිත වූ ඇගලුම් කම්හල්, එහි ශ්‍රමලාභීන් ජීවත් වූ ග්‍රාමීය ප්‍රදේශ වෙත ගෙනගිය අතර, එමගින් ඇතිවූ ශ්‍රම දායකත්වය ප්‍රවර්ධනය හේතුවෙන් ඇගලුම් නිෂ්පාදනයේ වාර්තාගත ප්‍රවර්ධනයක් සිදුවිය.

වසර දෙකක් තුළදී ඇගලුම් කම්හල් 200 ගම් මට්ටමින් ඉදිකරලීම මෙම වැඩසටහනේ ඉලක්කය විය. මෙම ඉලක්කගත අයුරින් ඇගලුම් කම්හල් වැඩසටහන ක්‍රියාත්මක වුවද, එකි වැඩසටහන අතර වූ කාලපරිච්චේයේදී ජනාධිපති ප්‍රේමදාස මහතාගේ හදිසි අභාවය හේතුවෙන් එකී වැඩසටහනේ ඉලක්කගත නිමාවට කිසියම් බාධාවක් සිදුවිය. නමුත්, ඇගලුම් කම්හල් 200 වැඩසටහනේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් මෙරට විදෙස් විනිමය ආදායමේ වාර්තාගත වර්ධනයක් සිදුවූ බව ආර්ථික විද්වතුන් පෙන්වා දේ. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්නුම් කරන අයුරින් මෙකී වැඩසටහන ආරම්භ වූ 1991 වසරේ මෙරට අපනයනය ආදායම 22.6%ක් වූ අතර, මෙම ඇගලුම් කම්හල් වැඩසටහන ගම් මට්ටමට සාර්ථකව ක්‍රියාත්මක වීම හේතුවෙන් එකී වැඩසටහනේ උපරීම සාර්ථකවය හා ප්‍රතිඵල හිමි වූ 1993 වසරේදී එය 26.6%ක් දක්වා වාර්තාගත වර්ධනයක් හිමිකර ගත්තේය. මෙවන් වූ ආකාරයට මෙරට සෑම ක්ෂේත්‍රයකම පැවැති දරීද්‍රතා ලක්ෂණ පහ කරමින් ඒවා වඩාත් ඵලද‍ායී කාර්යයන් ලෙසින් සමාජගත කිරීමට ප්‍රේමදාස මහතා සමත් විය.
නිවාසකරණය තුළින් දුප්පතුන්ගේ නැති බැරිකම දුරුකරලීම සඳහා ඔහුගේ අදහසක් පෙරදැරිව ක්‍රියාත්මක වූ උදාගම් ව්‍යාපාරය වඩාත් සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කළේය. එමෙන්ම සමාජයීය දුප්පත්කම දුරුකරලීම සඳහා ක්‍රියාත්මක වූ ජනසවිය වැඩසටහන මෙරට දරීද්‍රතාව දුරුකරලීම සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ වඩාත් ඵලද‍ායි වැඩසටහන බව අවිවාදයෙන් පිළිගත හැකිය.

ඇගලුම් කම්හල් 200 වැඩසටහන වැනි මෙරට ආර්ථිකයේ දුබලතාව වහා සවිමත් කිරීම තුළින් විනිමය ඉපයුම වර්ධනය කිරීම සඳහා සුදුසු වැඩසටහනක් සකස් විය යුතුය. දශකයක පමණ ප්‍රේමදාස පාලන කාලපරිච්ඡේදය තුළදී මෙරට ජනතාව මුහුණ දුන් දරීද්‍රතාවට තිරසාර විසඳුම් ලබා දෙමින් ආර්ථිකය වඩාත් සවිමත් කිරීම සඳහා වැදගත් පියවර ගනු ලැබීය. නැවත එවන් සංවර්ධන නවෝදයක් ජනතාව අපේක්ෂාවෙන් සිටී.

ලක්විජය සාගර පලන්සූරිය

SendShareShare
Previous Post

විනිසුරු අමරසේකරගෙන් හිස්වූ ශ්‍රේෂ්ඨාධිකරණ පුටුවට විනිසුරු ගුරුසිංහගේ නම නිර්දේශ වෙයි!  I Sri Lanka Latest News

Next Post

ටිල්වින් තමයි දැන් චරිතෙ! I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.