ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ සන්ධානය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා හමුවී තිබේ.
එහිදී කළ සාකච්ඡාවේදී පසුගිය සැප්තැම්බර් මස 17 වන දින මධ්‍යම රාත්‍රියේ විදුලිබල ක්ෂේත්‍රයට බලපෑ කෙරවලපිටිය බලාගාරය ඇමරිකාවට විකිණීම, වරාය සතු අක්කර 13ක ඉඩම හා සේවාවන් විකිණීමට අදාළ තීරණ මෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ අනෙක් පාර්ශවය වන ඛනිජ තෙල් සම්පත පිළිබඳව ගිනිමින් සිටින අදූරදර්ශී රටට අහිතකර තිරණයන් සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත.
එම සාකච්ඡාව සඳහා ඛනිජ තෙල්, වරාය, විදුලි යන අංශ වල සේවක වෘත්තීය සමිති නායකයින් එක්වී ඇති අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට අමතරව දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතාද එක්වී තිබිණ.










