• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලොන්නරුවේ නිවාස නියෝජ්‍ය ඇමැතිට පොලොන්නරුවේ දානිගලයි මාතලේ දහයියාගලයි පැටලෙයි! පිටසක්වල ජීවීන් එන දහයියාගල කන්ද සංචාරක ගමනාන්තයක් කරනවලු! VIDEO I Sri Lanka Latest News

March 24, 2025
in Exclusive
Reading Time: 16 mins read
A A
පොලොන්නරුවේ නිවාස නියෝජ්‍ය ඇමැතිට පොලොන්නරුවේ දානිගලයි මාතලේ දහයියාගලයි පැටලෙයි! පිටසක්වල ජීවීන් එන දහයියාගල කන්ද සංචාරක ගමනාන්තයක් කරනවලු! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පිටසක්වල ජීවීන් එන බව කියන පොලොන්නරුවේ ‘දහයියාගල’ කන්ද මුදුන සංචාරක ගමනාන්තයක් බවට පත් කරන බව නියෝජ්‍ය නිවාස අමාත්‍ය ටී. බී. සරත් මහතා පැවසීය.Sri Lanka Latest News

කෙසේවෙතත් පිටසත්වලයන් එන බව කියන්නේ දහයියාගලට නොව දානිගල කදු මුදුනටය.

දහයියාගල ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයේය.

අපි කාගෙත් සිතේ පිටසක්වල ජීවීන් ගැන කුතුහලයක් තිබෙනවා. පොළොන්නරුවේ කන්දේගම තිබෙන දානිගල කන්දත් පිටසක්වල ජීවීන් සම්බන්ධ කතා ගෙතුණු තැන්. හැබැයි ඇත්තටම කන්දේගම පුරාවිද්‍යාත්මකව ඉතා ඉහළ වැදගත්කමක් ඇති තැනක් බව ඔබට මේ ලිපියෙන් පැහැදිලි වේවි. සොබාදහමට වගේම ඉතිහාසයට කැමති සංචාරකයන් දානිගල නගින්න ගියත් පසුගිය කාලයේ නම් වසංගත අවදානම එය නැවතිලා තිබුණා.

පිහිටීම

කඳු තරණය කරමින්-  twitter.com

උතුරුමැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් හුදෙකලා කන්දක් වන දානිගල පිහිටා තිබෙන්නේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ කන්දේගම ග්‍රාමසේවා වසමේ. කන්දේගම කන්ද තමයි දානිගලට යාබදව තිබෙන්නේ. පොළොන්නරුවේ සිට අරලගංවිල-දෙහිඅත්තකණ්ඩිය පාරේ පැමිණ  දිඹුලාගල පසුකොට, හා මහියංගනයේ සිට දෙහිඅත්තකණ්ඩිය පසු කොට අරලගංවිලට ළඟාවී දම්මින්න පසුකොට ගිය තැන මේ කන්ද තැනිතලාවෙන් ඉහළ නගින අන්දම දැකගත හැකියි. කන්දේගම ධනංජය රජමහා විහාර භූමිය එයට නුදුරුව පිහිටා තිබෙනවා. විහාර බිමේ සිට අඩි පාරක් ඔස්සේ යාමෙන් දානිගල කන්දට නැගීමට පුළුවන්. පොළොන්නරුවේ සිට මේ වෙත දුර කි. මී. 46ක්. මාර්ග පහසුකම් හොඳින් තිබෙන නිසා කඳු පාමුලට පහසුවෙන් ළඟාවීමට දැන් අවස්ථාව ලැබී තිබෙනවා.

ඓතිහාසික පසුබිම

කඳු මුදුනේ පිහිටීම-lakdasun.org

පුරාණ බෙදීම් අනුව තමන්කඩුව දිසාවේ එගොඩපත්තුවට මේ පෙදෙස අයත් වෙනවා. කන්දේගම සෙල්ලිපියේ “දානිගල” යන නමින් ද, ආරාම කෝටියක් පැවති බව අරුත්දෙන “කොට්ටියාරම්පත්තුව” යන නමින් ජනප්‍රවාදයේ  ද මේ පෙදෙස ගැන සඳහන් වෙනවා. “අන්තර් ගංගා කලාපීය ප්‍රදේශය” යන නමින් මහාවංශයේ ද සඳහන් වන්නේ කන්දේගම කන්ද හා ඒ අවට ප්‍රදේශය යි. මේ අවට  ස්වාභාවික ලෙන් රැසක් පිහිටා තිබෙන අතර පූර්ව ආරාමික භික්ෂුන් වාසය කළ ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවස පමණ කාලය නියෝජනය කරන බ්‍රාහ්මීය අක්‍ෂර සහිත කටාරම් කෙටූ ගල්ලෙන් හඳුනාගත හැකියි. කූටකන්ත තිස්ස (ක්‍රි. පූ. 42-20) රජ දවස සිට මහසෙන් (ක්‍රි. ව. 276-302) රජ දවස දක්වා විවිධ රජවරුන්ගේ පාලනය යටතේ සංවර්ධනය වී තිබෙනවා.  දානිගල අවටින් හමුවූ නාග රූප සහිත මැටි මෙවලම් නිසා  ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසට පෙර නාග ගෝත්‍රික ජනයාගේ වාස භූමියක්ව පැවති බවට සමහර ඉතිහාසඥයන් මත පළ කරනවා.  

පිටසක්වල කතා

කඳු මතට පෙනෙන දසුන -hotellanka.com

මෙම ප්‍රදේශයේ අතීතයේ පටන් පිටසක්වළ ජීවීන් හා පිටසක්වළ යානා සම්බන්ධ සිද්ධීන් ගැන කියැවෙනවා. වසර කිහිපයකට පෙර දානිගලට ආසන්නව පිහිටි අරලගංවිල වෙල් යායකට වැටුණු උල්කාපාත කැබලි නිසාවෙන් රටේ ආන්දෝලනයක් හටගත්තා. බොහෝ විට රාත්‍රී අහසේ විවිධ එළි දර්ශනය වීම මෙහි ගම්වැසියන්ට සුලබ අත්දැකීමක් බව පැවසෙනවා. දීප්තිමත් ආලෝකයන්, සහ ගමන් ගන්නා ආලෝකයන් මෙම කඳු මුදුන හා අවට කඳු ආශ්‍රිතව සැරිසරන බව ගම්මුන් පවසනවා. නමුත් මේ කතාපුවත් විද්‍යාත්මකව සනාථ කිරීමක් නම් සිදුව නැහැ.

අපූරු හැඩය

දානිගල යන අතරමඟ -deepinsrilanka.com

දානිගල කියන්නේ අපූරු හැඩයක් සහිත කන්දක්. එය වක්‍රාකාර පර්වතයකින් සමන්විත අතර පර්වතය මත වනගහනය පැතිර ඇත්තේ ද වක්‍රාකාර රටාවකට බව ඩ්‍රෝන ඡායාරූපවලින් පේනවා. මේ නිසා මෙහි අද්භූත බලයක් ඇති බවටත්, පිටසක්වල බලපෑම් තිබෙන බවටත් කතා ගෙතී තිබෙනවා. තනි පර්වතයකින් සැදුණු කඳු මුදුනට පිවිසීම නම් දුෂ්කර චාරිකාවක්. කෙසේ වුවත් ත්‍රාසජනක චාරිකාවලට කැමති සංචාරකයින් මේ කන්ද තරණයට කැමැත්තක් දක්වනවා. කන්ද, පිහිටි බිමේ සිට අඩි දහසක් පමණ ඉහළට පැතිර යනවා. කඳු මුදුනට නැගීම නම් පැය දෙකක්  පමණ ගතවන වැඩක්.

කඳු තරණය

මුදුනට ළගාවෙමින් – deepinsrilanka.com

කන්ද හරි අඩකටත් වැඩියෙන් එකම ගල් බිත්තියක් ලෙස වටේටම පැතිර තිබෙනවා. කඳු තරණයට ගම්වැසියන්ගේ සහයෝගය ලබාගත හැකිනම් වඩාත් පහසු යි. දානිගල කන්දට පිටුපසින් පිහිටි කුඩා අවශේෂ කඳු ගැටවල ඇති උමං හා ගුහා දානිගලට සම්බන්ධ බවටත් කතා පවතිනවා. මෙයට නුදුරින් පිහිටා තිබෙන්නේ මාදුරු ඔය ජාතික උද්‍යානය යි. මේ නිසා වන අලි තර්ජන ද ගම්මානයට අමුත්තක් නොවේ. 

ධනංජය විහාර භූමියේ වම් පස කෙළවරින් වනයට පිවිසිය හැකි කුඩා අඩි පාර දිගේ ඉහළට ගමන් කරමින් කන්ද තරණය කිරීමට පුළුවන්. මෙහිදී කන්දේගම කන්ද සහ දානිගල කන්ද යන කඳු දෙකම ඔබට අවශ්‍ය නම් තරණය කිරීමට පුළුවන්.

කන්දේගම බුදු පිළිමය

නටබුන් වූ සැතපෙන බුදු පිළිමය- Ashan Geeganage- Amazing lanka.com

කන්ද මඳක් තරණය කර යළිත් සීඝ්‍ර බෑවුමක් බැසීමෙන් පසු කන්දේගම කඳු බෑවුමේ පිහිටි පුරාණ නටබුන් බුදු  පිළිමය දැකගත හැකියි. එය පිහිටි ලෙන දිගින් අඩි 80ක් ද පළලින් අඩි 25ක් ද වෙනවා. එය බදාමවලින් කළ සැතපෙන බුදු පිළිමයක්. එහි දිග අඩි 38.9ක්. පිදුරංගල, කුමන බඹරගල, ඔක්කම්පිටිය හබැස්ස පිළිම මෙන් මේ ප්‍රතිමාව ද අනුරාධපුර යුගයේ ඉදිකළ බව පේනවා. නිධන් හොරුන්ගේ විනාශය නිසා එයට විශාල ලෙස හානිවී තිබෙනවා. සැතපෙන පිළිමයේ සිරස නැහැ. නිදන් හොරු එහි බැඳ තිබූ ​පළලැති ගඩොල් බිත්ති ද කුඩුකර  තිබෙනවා. පසෙකින් නිධන් සෙවීමට විශාල වළවල් ද  හාරා තිබෙනවා.

ලෙනේ ගඩොල් බිත්ති – Ashan Geeganage- Amazing lanka.com

මෙහි පිළිමයේ පාද අසල දකගත හැකි තවත් ගඩොල් බිත්තියකින් පෙනෙන්නේ ලෙන කොටස් දෙකකට බෙදා පිළිම ගෙවල් ඉදිකර තිබූ බව යි. පසුකාලීනව එම පිළිමය සම්පූර්ණයෙන් විනාශකර ඇති අතර අද දැකගත හැකිව තිබෙන්නේ ප්‍රතිමාවේ ආසනයේ ශේෂ පමණ යි.

බ්‍රාහ්මී සෛල්ලිපි

ලෙන් ලිපියක්- Ashan Geeganage- Amazing lanka.com

කන්දේගම කන්දේ ලෙන්වල තිබෙන පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපි 10ක් මහාචාර්ය පරණවිතාන පළකර තිබෙනවා. ඒවායේ සඳහන් වන්නේ ලෙන් කරවා භික්ෂූන්ට පූජා කිරීම ගැන යි. එසේ ලෙන් පූජා කළ පිරිස අතර ගම් ප්‍රධානිවරු, පරුමකවරු, ගම්පතිවරු, ආදායම් නිලධාරිවරු සිටිනවා. ක්‍රිස්තු පූර්ව යුගයේ මේ පෙදෙස බෞද්ධ භික්ෂූන් රාශියක් වැඩ සිටි ආරාමයක් ලෙස පැවති බව සෙල්ලිපිවලින් හෙළිවෙනවා.

කඳු මුදුනේ ප්‍රහේලිකා

කඳු මත දසුනක් – hotellanka.com

දානිගල කඳු මුදුන අංශක 90ක පමණ සීඝ්‍ර බෑවුමක් තමයි පිහිටා තිබෙන්නේ. වක්‍රාකාර පර්වතයේ ගැට්ට අසල ඇවිදීම නම් ඉතාමත් පරෙස්සමින් කළ යුතු වැඩක්. අක්කර 10ක් පමණ විශාල කඳු මුදුනේ මැද පෙදෙසේ උසින් වැඩි ගස් නැහැ. කැලය පිහිටියේ තරමක් දකුණට වන්නට යි. දානිගල කන්ද මත තණ පිටියක් වැනි ප්‍රදේශයක් පැතිර තිබෙනවා. උඩු ගුවන් කැමරාවක එය පෙනෙන්නේ වෘත්තකාර ධාවන පථයක් ලෙසයි. එයත් අද්භූත කතා කන්ද වටා ගෙතීමට හේතුවක්.

පර්වතය මතට පෙනෙන අලංකාර දර්ශනයේ ඉදිරියෙන් මාදුරු ඔය වනෝද්‍යානය සහ ජලාශය කැපී පෙනෙනවා. ඈතින් බමුණුගල කන්දත් දැකගත හැකියි. බමුණුගල කියන්නේ මාදුරු ඔය වනයේ පිහිටි අලංකාර හැඩයකින් යුත් කන්දක්. දිඹුලාගල කන්ද හා තවත් හුදෙකලා කඳුවැටි කිහිපයක් ද මේ දසුන අලංකාර කරනවා.

ප්‍රාථමික සිතුවම්

කුරුටු චිත්‍ර- archaeology.lk

ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසට පෙර කාලයකට අයත්යැ යි නිගමනය කළ හැකි, පුරාවිද්‍යාත්මකව වැදගත් ලෙන් කුරුටු චිත්‍ර කිහිපයක් කන්දේගම ලෙන්වල දැකගත හැකියි. මේවා ඉරි රටාවලින් පර්වත පෘෂ්ටය සූරා මතුකරගත් චිත්‍ර රටා යි. මාවනැල්ලේ අස්මඩල, අලව්වේ හක්බෙලිකන්ද ආදී සිතුවම් රටාවලට සමානත්වයක් දක්වනවා.

සෙල් චිත්‍ර සහිත ලෙන – archaeology.lk

ධනංජය රජමහා විහාරයේ සිට උතුරු දෙසට වැටී ඇති අඩිපාරක් ඔස්සේ කන්දේගම කන්ද මුදුනට පිවිසීමෙන් සෙල් සිතුවම් පවතින ලෙන් පිහිටි ස්ථානයට ළඟාවීමට පුළුවන්. සිතුවම් සහිත ගල් ගුහාව හා ගල් ආවරණය පිහිටා ඇත්තේ කන්දේගම කන්ද මුදුනට ආසන්නයෙන්. ඒ වෙතට ගමන් කළ යුත්තේ දුෂ්කර ගිරි දුර්ග මාර්ගයක් ඔස්සේ යි.

රෝවර් වෙබ් අඩවියෙනි!

SendShareShare
Previous Post

යෝෂිතගේ නයිට් ක්ලබ් ගැටුම ගැන පොහොට්ටුවෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ප්‍රංශ-පලස්තීන-නේපාල අලුත් තානාපතිවරු අනුර හමුවී අක්තපත්‍ර බාරදෙයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.