උතුරු නැගෙනහිර වාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් වශයෙන් 13 වන සංශෝධනය ඉක්මවා ගිය බලතල බෙදීමක් අවශ්‍ය බවට දෙමළ දේශපාලන පක්ෂ අතර අස්සන් තැබීමට යෝජනා වූ ලියවිල්ලට අස්සන් කිරීම දේමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දෙමළ සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් ඉකුත් සති අන්තයේදී කොළඹදී රැස්වී උතුරු නැගෙනහිර වාර්ගික ප්‍රශ්නයට ආණ්ඩුව ලබා දිය යුතු දේශපාලන විසදුම පිළිබදව සාකච්ජා කිරීමට පියවර ගෙන තිබිණ.
එහිදී ඇතැමුන් 13 වන සංශෝධනය ඉක්මවා ගිය බලතල බෙදීමක් අවශ්‍ය බව යෝජනා කර ඇති අතර තවත් සමහරු ෆෙඩරල් යෝජනා ඉදිරිපත් කොට ඇති බවත් වාර්තා වේ.
කෙසේවෙතත් පසුව අවසානයේදී 13 ප්ලස් විසදුමක් ඉල්ලා ලිපියකට අස්සන් තැබීමට යෝජනා වුවද සම්බන්ධන් මහතා එය ප්‍රතික්ෂේප කොට ඇත.
ඒ මහතා පෙන්වා දී ඇත්තේ තමන් මේ පිළිබදව පක්ෂයේ සෙසු නියෝජිතයන් සමග සාකච්ජා කොට පිළිතුරක් ලබා දීමට කටයුතු කරන බවකි.










