අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේ දී බංග්ලාදේශ අග‍්‍රාමාත්‍යවරියට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බව වාර්තා වේ.
මෙම දුරකථන ඇමතුම පිළිබදව අග‍්‍රාමාත්‍යවරයා විශේෂ ට්විටර් පණිවිඩයක් තබා තිබේ.
ඒ මගින් ඔහු ප‍්‍රකාශ කර සිටින්නේ, දෙරටෙහිම ජනතාවට අන්‍යෝන්‍ය වශයෙන් ප‍්‍රතිලාභ සැලසෙන පරිදි ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්වීපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කරගත යුතු බවයි.
බංග්ලාදේශය, ශ‍්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු බවද අග‍්‍රාමාත්‍යවරයි පවසා තිබේ.
Had a phone conversation with PM H.E. Sheikh Hasina of #Bangladesh. We discussed areas both nations can work together to strengthen bilateral relations to mutually benefit our people. Bangladesh has been a true & sincere friend of #lka & we greatly value our historic friendship.
— Mahinda Rajapaksa (@PresRajapaksa) December 12, 2021










