අම්බලන්ගොඩ, අහුන්ගල්ල, මීටියාගොඩ යන පොලිස් බලප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ.Sri Lanka Latest News
පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය, නාවික හමුදාව සහ යුද හමුදාව ඒ සඳහා යොදවා ඇත.
දිගින් දිගටම සිදුවූ මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ ක්‍රියා හේතුවෙන් මෙම ආරක්ෂක පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව බුද්ධි අංශ නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි කිරීමකදී ඌරගස්මන්හංදිය, බෝගහවෙල ප්‍රදේශයේ පාළු නිවසක තිබී යුද්ධ හමුදා නිල ඇදුම් කට්ටල කිහිපයක් සොයාගෙන ඇත.
මෙම නිවසේ තාවකාලිකව රැඳි සිටි පුද්ගලයා යුද හමුදාවෙන් පැන ගොස් සිටි සෙබළෙකු බවට තොරතුරු වාර්තා වී ඇත.
සැකකරු සොයා පරීක්ෂණ පවත්වන අතර අදාළ යුද හමුදා නිලඇදුම් කට්ටල ඌරගස්මංහන්දිය පොලීසිය වෙත භාරදී තිබේ.










