නිධානයකින් ගොඩගත් බව කියන මැණික් එබ්බූ ගලින් නිර්මාණය කර ඇති කරඬුවක් රුපියල් කෝටි 05ක මුදලකට පුද්ගලයකු විසින් අලෙවි කිරීමට රැගෙන යාමේදී අත්අඩංගුවට ගෙන තිබේ. (Sri Lanka Latest News)
දෙල්වල උඩ පෑබොටුව ප්‍රදේශයේදී සැකකරු පොරේදා (05) මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
සැකකරු වයස අවුරුදු 42ක් වූ නිවිතිගල කරවිට ප්‍රදේශයේ පුද්ගලයෙකු බව පොලිසිය පවසනවා.
අඟල් 32.5ක විෂ්කම්භයකින් හා කිලෝ ග්‍රෑම් 30ක පමණ බරකින් යුත් මෙම ගල් කරඬුවෙහි මැණික් ගල්වලට සමාන රතු හා නිල් පැහැති ගල් පහක් ඔබ්බවා තිබූ බව පොලිසිය සඳහන් කරනවා.
මේ අතර කරඬුවේ අභ්‍යන්තරයේ කුඩා සිදුරක් තුළ මැණික් ගලකට සමාන ගලක් හා රන්වන් පැහැති කුඩා බුදුරුවක් ඔබ්බවා ඇති බව සඳහන් වේ.
අදාළ කරඬුව අනුරාධපුර ප්‍රදේශයේ නිධානයකින් ගොඩගත් එකක් බවත්, එය රුපියල් ලක්ෂ 6ක මුදලකට මිලදී ගත් බවත් පසුව රුපියල් කෝටි 5කට ගැනුම්කරුවෙකුට විකිණීමට ගෙන යමින් සිටි බවත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත.
lifetraveler










