ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා විසින් රැගෙන ගොස් සඟවාගෙන සිටි බව කියන බිරිඳට අයත් බව පැවසෙන ජීප් රථය පිළියන්ද පොලිස් ස්ථානය වෙත රැගෙන විත් තිබේ.Sri Lanka Latest News
තමාට අයත් ජීප් රථය තම ස්වාමිපුරුෂයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත සංජීව දොඩාවත්ත විසින් රැගෙන ගොස් ඇති බවට එම කාන්තාව විසින් පිළියන්ද පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
කෙසේ වෙතත් තමන් ස්වාමිපුරුෂයාගෙන් වෙන්වීම සඳහා මේ වනවිට කැස්බෑව දිසා අධිකරණය හමුවේ දික්කසාද නඩුවක්ද පවරා ඇති බව ඇය සඳහන් කර තිබේ.










