අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෘත්තීමයභාවයට කැළලක් වන අන්දමින් වගකීම් විරහිතව හා නොසැලකිළිමත් ලෙස කටයුතු කර ඇති නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, එම සිදුවීමේ දී අපහසුතාවයට පත් වු පුවත්පත් කතෘවරුන් ඇතුළු මාධ්‍ය වේදීන් වෙත කණගාටුව පළ කරන බවත් පොලිස් මුලස්ථානය දැනුම් දෙයි.
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ නියමයෙන් ඊට අදාළ විමර්ශනයක් සිදුකෙරෙන බවද පොලිස් මුලස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මාධ්‍ය ආයතන කිහිපයක කතෘවරුන් ඇතුළු මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු එම දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් මෙම නිවේදනය නිකුත් කොට ඇත.
එම තත්ත්වය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය කාර්ය පටිපාටිය නොවන අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්නශන සඳහා යම් මාධ්‍යයක සහය ඉල්ලා සිටි අවස්ථාවලදී එම මාධ්‍ය ආයතන විසින් සහය ලබාදෙන බැවින් පුවත්පත් කතෘන්වරු එම දෙපාර්තමේන්තුව වෙත කැඳවීම සාමාන්‍යයෙන් සිදුනොවන බවද පොලිස් මුලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.










