මෑතකාලීන විරෝධතා ව්‍යාපාරයන්ට සම්බන්ධ තරුණ ක්‍රියාකාරිකයකු වන ෆයිසාන් අහමඩ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්නකර ඇත.
14 දෙනකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් විසින් සෙනසුරාදා (8) සවස දෙහිවල භාතිය මාවතේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන පැය 4ක් ප්‍රශ්න කිරීමෙන් පසු නිදහස් කරනු ලැබ ඇති බව වාර්තාවේ.
ෆයිසාන් අහමඩ් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරිකයෙකු ලෙස මිට ඉහතදී කටයුතු කළ අයෙකි.