දෙමළ ජාතික සන්ධානයේ නව නායකත්වය සඳහා තීරණාත්මක ඡන්ද විමසුමක් මේ මස අවසානයේදී පැවැත්වීමට නියමිත බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. Sri Lanka Latest News
මේ වන විට එම පක්ෂයේ නායකත්වය දරන ආර්. සම්බන්දන් මහතා අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් නව නායකත්වයට තිදෙනකුගේ නම් යෝජනා වී තිබීම මත මෙසේ ඡන්ද විමසීමක් හරහා නව නායකයා තෝරාගැනීමට නියමිත බව දැනගන්නට තිබේ.
ඒ සඳහා දැනටමත් එම්.ඒ. සුමන්තිරන් මහතාගේ නමත්, එස්. ශ්‍රීධරන් මහතාගේ නමත්, සී. යෝගේශ්වරන් මහතාගේ නමත් යෝජනාවී තිබේ.
ඒ අනුව, සාමාජිකයන් 325 දෙනකුගේ ඡන්දයකින් නව නායකයා තෝරාගැනීමට නියමිත අතර, එම ඡන්ද සටනේ ඉදිරියෙන්ම සුමන්තිරන් මහතාගේ නම ඇති බවද දැනගන්නට ඇත.










