අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මඟින් දකුණු පලාතේ සිදු වූ අපරාධයක් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකට අදාළව අපරාධය කිරීම සඳහා පැමිණි පුද්ගලයින්ගේ රූප විස්තර ලබා ගනිමින් අපරාධ වාර්තා කොට්ඨාසයේ නිලධාරීන්ගේ සහය සහිතව එම පුද්ගලයින්ගේ මුහුණු නිර්මාණය කිරීමක් සිදු කර ඇත.Sri Lanka Latest News
මෙම නිර්මාණය කරන ලද ඡායාරූප වල සිටින පුද්ගලයින් සම්බන්ධ තොරතුරක් ලබා ගැනීමට මහජන සහය ලබා ගැනීම සඳහා එම ඡායාරූප මාධ්‍ය වෙත යොමු කරන අතර, සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
දුරකථන අංක –
සහකාර පොලිස් අධිකාරී මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය
071-8592867
ස්ථානාධිපති මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය
074-1357642












