2024.03.20 වන ඊයේ දිනය තුළ පාතාල අපරාධ මැඩලීමේ යුක්තිය මෙහෙයුමේදී අපරාධ කල්ලි වලට අයත් ලේඛනගත පාතාල අපරාධකරුවන් 19 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.Sri Lanka Latest News
මෙම මෙහෙයුම් අතරතුර පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් ගනේමුල්ල පොලිස් වසමේ සුමේධ මාවත පිහිටි දෙමහල් නිවසක් සෝදිසි කිරීමේදී පාතාල අපරාධකරුවකු වන කදමුල්ල ආරච්චිගේ මංජුල ප්රසාද් හේමන්ත නොහොත් පැට්ටා මංජු යන අයගේ ගෝලයෙකු වන බුලගහපිටිය, ඇහැලියගොඩ පදිංචි ෂෙහාන් අසංක බටුගෙදර යන අය විසින් පිස්තෝල අවියකින් වෙඩිතැබීම හේතුවෙන් ඇතිවු වෙඩි හුවමාරුවකදී තුවාල ලබා රාගම ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
මෙම වෙඩි හුවමාරුවේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරියෙකුද තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, මරණකරු 2024.03.09 වන දින ජා-ඇල පොලිස් වසමේදී එරිප්පුගේ මංජුල සරත් ප්රනාන්දු යන අයට වෙඩිතැබීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු බවට අනාවරණය වී ඇත.