කුලියාපිටිය නැගෙනහිර කොටසේ හොරම්බාව සමුපකාර ඡන්දයෙන් පොහොට්ටුව පරාජයට පත් කොට ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂය ජයග්‍රහණය කොට ඇත.
එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය ලබා දුන් කණ්ඩායම ඡන්ද 30ක් ලබා ගනිද්දී ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම ඡන්ද 100ක් ලබාගෙන තිබිණි.
මේ ආකාරයට මේ දක්වා පැවැති බොහෝ සමුපකාරවල බලය තහවුරු කර ගැනීමට විපක්ෂයේ පක්ෂ සමත් වී ඇති අතර මෙම ජයග්‍රහණ ලබාගෙන ඇත්තේ ආණ්ඩු පාර්ශවයේ දැඩි බලපෑම වලට පවා මුහුණ දෙමින් බව දැනගන්නට ඇත.
කුලියාපිටියෙ නැගෙනහිර කොටසේ සමූපකාර ඡන්දය අවස්ථාවේ පොහොට්ටු මන්ත්‍රීවරයකු වූ සමන්ප්‍රිය හේරත් මහතාද පැමිණ ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හොරම්බාව හිටපු සමූපාකාර සභාපතිවරයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකුද වූ උපාලි පියසෝම මහතා පැවසූයේ මැර තර්ජන මැද ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂය ලැබූ මෙම ජයග්‍රහණය අතිවිශිෂ්ට බවත්, ඒ සදහා කැපවූ සියල්ලන්ට ස්තූති කරන බවත්ය.