ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සහ රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් පොහොට්ටුවේ ප්‍රබලයන් දෙදෙනකු වන අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ තිස්ස කුට්ටිආරච්චි යන මහත්වරුන් එකම ස්ථානයේදී පරස්පර අදහස් ප්‍රකාශ කරනු ලැබිණ.Sri Lanka Latest News
එහිදී ප්‍රසන්න රණතුංග මහතා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස එන්නේ නම් තමන් ඊට සහාය පළ කරන බව කියද්දී තිස්ස කුට්ටිආරච්චි මහතා කියා සිටියේ තවම ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න කියා පොහොට්ටුව තීන්දු කර නැති බවකි.
ඒ සම්බන්ධයෙන් බිමේ තීන්දුව දන්නා බැසිල් රාජපක්ෂ ඉදිරීයේදී තීන්දු කරනු ඇති බව කී තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා රනිල් කෙදිනකවත් මැතිවරණයකින් ජයග්‍රහණය කර නොමැති අයකු බවද කීය.